IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දඹුල්ලෙන් සහ තඹුත්තේගමින් එළවළු කිලෝ ලක්ෂ තුනක් මිලට ගනී

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ප‍්‍රධානම ආර්ථික මධ්‍යස්ථාන දෙකක් වන දඹුල්ල සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථාන දෙකෙන් රජය සහ යුද හමුදාව එළවළු කිලෝ ලක්‍ෂ 3 කට අධික ප‍්‍රමාණයක් මිලදී ගෙන තිබේ.

සම්පූර්ණ සංචරණ සීමා ක‍්‍රියාත්මක වූ පසුගිය සිකුරාදා එම ආර්ථික මාධ්‍යස්ථාන දෙකට වෙළදුන් සහ ගෙවීන් රැගෙන ආ එළවළු එසේ මිලදී ගෙන තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප‍්‍රකාශයකු පැවසුවේ රට වසා දැමීම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ ලක්‍ෂ තුනකට අධික ප‍්‍රමාණයක් විකුණාගැනීමට නොහැකි තත්වයක් මතුවූ බවත් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීමෙන් රජය එළවළු මිලදී ගත් බවයි.

එළවළු කිලෝ ලක්‍ෂයක් පමණ යුද හමුදාව ද, කිලෝ ලක්‍ෂ දෙකකට ආසන්න ප‍්‍රමාණයක් රාජය ද, මිලදී ගත් බවත් ඒ හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු නාස්ති නොවූ බවත් එම නිලධාරියා පැවසීය.

 



අදහස් (0)

දඹුල්ලෙන් සහ තඹුත්තේගමින් එළවළු කිලෝ ලක්ෂ තුනක් මිලට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site