(මහින්ද නිශ්ශංක)

බස්නාහිර පළාත තුළ හෙට සිට දුම්රිය ගමන්වාර සියය දක්වා වැඩිකර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව උදේ වරුවේ දුම්රිය ගමන්වාර 50ක් ද සවස් වරුවේ දුම්රිය ගමන්වාර 50 ද වශයෙන් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු පවසයි.

නව දුම්රිය ධාවන කාලසටහනට අනුව එම කාලසටහනට ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස,මීරිගම,වේයන්ගොඩ, ගම්පහ, සහ රාගම සිට දුම්රිය ගමන්වාර 17ක් ද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ  අලුත්ගම, කළුතර, මොරටුව,පානදුර සහ ගල්කිස්ස සිටි දුම්රිය 20ක් ද  පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ සහ මීගමුවේ සිට දුම්රිය ගමන්වාර 8ක් ද  කැලණිවැලි දුම්රිය මාර්ගයේ  අවිස්සාවේල්ල කොස්ගම සහ පාදුක්කේ සිට  දුම්රිය ගමන්වාර 5ක් ද  වශයෙන් දුම්රිය 50 කොළඹට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිරි හැර සෙසු පළාත්වල ද පෙර පරිදි දුම්රිය ධාවනය කරවීමට කටයුතු යොදා ඇත.