( පාලිත ආරියවංශ )

බදුල්ල සිට මහනුවර දක්වා  අද(9) අලුයම  පිටත්වූ දුම්රියක්  හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථානයන් අතර  හාලිඇල 177 කි.මී.කණුවට නුදුරු ස්ථානයකදී  පීලිපැනීමකට ලක්විය .

උදෑසන 6.10  පමණ මෙම පීලිපැනීම සිදුව ඇති දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

දෙමෝර ගැටය අසදී  පසුගියදා මෙම දුම්රිය මාර්ගයට විශාල ගලක් ගඩාවැටී අවහිරවීම නිසා දුම්රිය ගමන දින 3ක්  න තරවූ අතර ඉන්පසු ඊයේ (8) දුම්රියක් නාවලපිටියට   ගමන්කළේය .

අද දෙවැනි දිනයේ  මහනුරව බලා ගමන්කරද්දී මෙසේ පීලිපැනීමට ලක්විය.

මාර්ගය ලිස්සාගොස් පීලිපැනීමට ලක්වූ බව දුම්රියේ රියදුරු සිරිල් වික්‍රම ලියනගේ මහතා පැවසීය .