
(නිමන්ති රණසිංහ, ඩබ්ලිව්. කීර්ති සහ හියුබට් ප්‍රනාන්දු)
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තාට අයත් මීගමුව පිටිපන පාරේ පිහිටි රුපියල් කෝටි 40කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගි හෝටලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (24) පස්වරුවේදී සිය භාරයට ගෙන තිබේ.
චෙකොස්ලෝවේනියානු ජාතිකයෙකු විවාහ කරගෙන සිටින මෙරට කාන්තාවකට අයත් මෙම දේපල සැකකාර දෙමටගොඩ රුවන් නැමැත්තා මිලට ගෙන ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර බවට කරුණු හෙළිවූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පර්චස් 100කට ආසන්න භූමි ප්‍රමාණයක පිහිටි මෙම භූමිය මීගමුව මුහුදු වෙරළට මුහුණ ලා පිහිටි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් සහිත ස්ථානයක් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සැකකාර දෙමටගොඩ රුවන් නැමැත්තා නිති විරෝධී අන්දමින් උපයා ගත් දේපලවල වටිනාකම රුපියල් කෝටි 79කට අධික බව මේ වන විට හෙළිකරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න, එම දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්, එහි සහකාර පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න යන නිලධාරින්ගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා ඇතුලු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.



2025 දෙසැම්බර් මස 18
561
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“දෙමටගොඩ රුවන්” ගේ මීගමුවේ සැප හෝටලයක් සී.අයි.ඩී භාරයට
රමිත Thursday, 24 February 2022 07:22 PM
මේ හරක් මඩුවට අති සුඛෝපභෝගී නිවසක් කියන්නේ කොහොමද?..
wickasitha Friday, 25 February 2022 04:24 AM
හෝටලයේ නමත් දාන්න...
Rashmi Friday, 25 February 2022 08:24 AM
මේ ඇවිල්ලා නිකන් අතහැරලා දාපු, ගරා වැටිච්ච ගෙයක් වගේ එකක්නෙ.
Bunny Preena Friday, 25 February 2022 09:19 AM
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හොඳට හම්බ කරන්න අනිවාර්යයෙන්ම දූෂිත දේශපාලන හා පොලිස් නිලධාරීන්ගේ සහාය ලැබෙන්න ඕනේ... දේශපාලකයාත් සම්තින්ග් ගන්නවා.. පොලිසියේ ලොක්කයි, එයාට සම්බන්ධ ලොකු පොඩි හැම දෙනෙක්ම සම්තින්ග් හම්බ කරනවා. ඒ ගොල්ලන්ට මාසිකව ලැබිය යුතු කොටස හෝ හදිස්සියකට මුදල් ගනුදෙණුවක් කරගන්න බැරි වුණු දාට තමයි විරසකය ආරම්භ වෙන්නේ... එතකොට නීතිය ක්‍රියාත්මක කරලා කුඩු කාරයා කුඩේකුඩු කරලා දානවා..
kamal Friday, 25 February 2022 11:58 AM
මේක ආච්චිගේ මැණික් මල්ලෙන් හදපු නැති එකේ දෝසෙ තමයි...