IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දක්ෂිණ අධිවේගයේ වැසූ දොරටු අටක් අද විවෘත කරයි

(සුජිත් හේවාජුලිගේ )

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු කොට්ටාව සහ කඩුවෙල පිවිසුම්වලදොරටු අටක් අද සිට විවෘත කෙරුණු බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කඩුවෙල පිවිසුමේ ඇතුළුවීමේ දොරටු දෙකක් හා පිටවීමේ දොරටු දෙකක්ද කොට්ටාව පිවිසුමේ ඇතුළුවීමේ දොරටුවක් හා පිටවීමේ දොරටුවක්ද මෙසේ විවෘත කරනු ලැබ ඇත.

එම පිවිසුම්වල සෙසු දොරටුද ඉදිරි දිනවලදී විවෘත කරන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්ෂ (නඩත්තු හා මෙහෙයුම්) මිහාල් ලොඩ්වික් මහතා පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොතලාවල,වැලිපැන්න හා ඉමදූව පිවිසුම්ද කොවිඩ් අවදානම හේතුවෙන් වසා දමනු ලැබ ඇත. එම පිවිසුම්ද තවත් දින කිහිපයකින් විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වෙයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයන් රැසකට කොවිඩ් ආසාදනය වූ අතර මින් වැඩි පිරිසකගේ නිරෝධායන කාලය ඉදිරි දින කිහිපයේදී අවසන් වීමට නියමිතය.

මේ අතර සංචරණ සීමා නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය අඩුවීමෙන් එහි ආදායම සැලකියයුතු ලෙස ලෙස පහත බැස ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පවසති.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අංශ විසින් පසුගියදා නිකුත් කරනු ලැබීය.

 



අදහස් (0)

දක්ෂිණ අධිවේගයේ වැසූ දොරටු අටක් අද විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site