(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
මෙරටෙහි යළිත් ත‍්‍රස්තවාදය හිස එසවීමට ඉඩ ලබා නොදීම ආරක්ෂක අංශ සහ රටෙහි ප‍්‍රධානීන්ගේ වගකීම බව උපරිමාධිකරණයේ පැවතී පිළිගැනීමේ උළෙල අමතමින් අභියාචනාධිකරණ නව සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අද (06) පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අභියාචනාධිකරණයේ නව සභාපති වනිසුරු යසන්ත කෝදාගොඩ මහතා   කියා සිටියේ අභියාචනාධිකරණයේ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමට විනිසුරුවරුන් ප‍්‍රමාණය වැඩි කළ යුතුව ඇති බවයි.  අභියාචනාධිකරණයේ කටයුතු නිසි ආකාරයෙන් සිදු කිරීමට සියලූ පාර්ශ්වයන් අභියාචනාධිකරණ රීතීන් අනුව කටයුතු කළ යුතු යැයි ද ඒ මහතා  පෙන්වා දුන්නේය.
 
එම පිළිගැනීමේ උත්සවයේදී අභියාචනාධිකරණ නව සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙසේද කීය.
 
‘‘ මෙම උත්සවය පවත්වනු ලබන්නේ රටෙහි අවාසනාවන්ත සිද්ධීන් සමුදායක් ඇතිවූ අවස්ථාවකදීය.මෙම සිද්ධීන් සම්බන්ධව මාගේ ශෝකය ප‍්‍රකාශ කරමි.මෙම සිද්ධීන් වලින් මියගිය අයට නිවන් සුවය සහ මෝක්ෂ සුවය ප‍්‍රාර්ථනා කරමි.මෙරටෙහි යළිත් ත‍්‍රස්තවාදය හිස එසවීමට ඉඩ ලබා නොදීම ආරක්ෂක අංශ මෙන්ම රටේ ප‍්‍රධානීන්ගේද වගකීමයි.‘‘