(මහින්ද නිශ්ශංක)

ත්‍රි රෝද රථ පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 10 කින් අද (11)  සිට වැඩි කළ බව ස්වයං රැකියා වෘත්තීයන්ගේ ජාතික ත්‍රිරෝද සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධක මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් රුපියල් 50 ක් වශයෙන් පැවති පළමු කිලෝමීටර් ගාස්තුව අද (11) සිට ඉහළ යා බවද ඒ මහතා කීය.

පෙට්‍රල් මිල ඉහළයාමට අමතරව අමතර කොටස් මිල ටයර්, ටියුබ්, මිල සේවා ගාස්තු ඉහළයාම හේතුවෙන් ත්‍රිරෝද ගාස්තු වැඩිකිරීමට තීරණය කළ බව සභාපති ජයවර්ධන මහතා කීය.