





(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත, තිඹිල්ල වැවේ පිටවානේ ආරක්ෂාවට යොදා තිබූ වැලි කොට්ට ජලයේ ගසා ගෙන යාම හේතුවෙන් වැවේ ජලය මුහුදට ගලා යන බව තිඹිල්ල ගොවි සංවිධානය පැවසීය.
තිඹිල්ල වැව කුඹුරු අක්කර 500කට ආසන්න ප්‍රමාණයකට ජලය සපයයි.
තිඹිල්ල, මුන්නේශ්වරම, පාලකුලම යන වැව් තුනටම රැස්වන ජලය පිටාර ගලා යනුයේ තිඹිල්ල වැවේ පිටවානෙනි. මෙම වැවේ ස්ථිර වාන මෙයට වසර 30කට පමණ ඉහත දී ගැලූ ගංවතුරකට මුළුමණින්ම කැඩී ගිය අතර, පසුව වැලි බැම්මක් යොදා ජලය පිටාර යාම වළක්වාලන ලදි. වෙනත් වානක් පැරණි වාන අසළ ඉදි කළ බව ගොවි සංවිධානයේ ලේකම් ඩබ්ලිව්. ඒ. ලෝව් මහතා පැවසීය. නව වාන ප්‍රමාණවත් නොවන අතර එයද මේ වනවිට කැඩී ගොස් ඇතැයි ඒ මහතා කියා සිටියේය.
තිඹිල්ල වැවේ ජලය මහ වැසි ඇදහැලෙන සෑම අවස්ථාවකදීම මෙම අබලන් වානෙන් පිටාර ගලා යන නිසා තාවකාලිකව වැලි කොට්ට යොදා ජලය පිටාර ගැලීම නවතා ගන්නා බවත්, මෙවර යෙදු වැලි කොට්ට ගසාගෙන ගොස් ඇති බවත්, එම ජලය කලපුව ඔස්සේ මහ මුහුදට ගලා යන බවත් ගොවීහු පෙන්වා දුන්හ.
වැවේ ජලය මෙසේ අපතේයාම නිසා මෙවර තම කුඹුරුවලට අවශ්‍යය ජලය ඉදිරියේ දි ලබාගැනීම අසීරු වන බවත්, වසර ගණනාවක සිට තිඹිල්ල වැවේ වාන නිසි ලෙස සකස් කර දෙන ලෙස කර ඇති ඉල්ලීම් මෙතෙක් ඉටු වී නැතැයිද ඔවුහු කීහ.
මේ සම්බන්ධයෙන් තම ඒකකය වෙත දැනුම් දීමක් කර නැති බව සහ වහා මේ සම්බන්ධයෙන් අවශ්‍යය පියවර ගන්නා බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙක් පැවසීය.
2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
909
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2532
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තිඹිල්ල වැවේ පිටවාන කැඩෙයි