(ක.ග. කරුණාරත්න)
පොළොන්නරුව පුලස්තිගම, ගල් කැටිදමන ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී අද (24) තීන්ත ආලේප කිරීමේදී භාවිත කරනු ලබන තිනර් නැමැති රසායනික ද්‍රව්‍ය සහිත බැරලයක් යාන්ත්‍රික කියතක් උපයෝගී කරගෙන කපා දෙකට වෙන් කිරීමට උත්සාහ කරමින් සිටියදී ඒ බැරලය පුපුරා ගොස් අසළ සිටි 10 හැවිරිදි පිරිමි දරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියාගොස් ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් අයෙකු ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොළොන්නරුව, පුලස්තිගම, ගල් කැටිදමන පදිංචි ඒ.ජී සඳරු නිමේෂ නැමැති 10 හැවිරිදි පිරිමි දරුවෙකි.
අනතුරුට ලක්වූ 16 හැවිරිදි පාසල් සිසුවාගේ පාදයටකට බරපතළ ලෙස හානි සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
COMMENTS
තිනර් දියරයත් පෙට්‍රල් වගේ ඉක්මනින්ම ගිනි ගන්නා නිසා භාවිතයේදී පරිස්සම් වියයුතුයි. තිනර්වල තාපාංකය සෙල්සියස් අංශක 40 නිසා යාන්ත්‍රික කියත භාවිතයේදී උෂ්ණත්වය මීට වඩා වැඩිවන නිසා බැරලය පිපිරිය හැක.
මෙවැනි මෝඩ වැඩ කරන්නේ ලංකාවේ ආරක්ෂාකාරීව වැඩ කිරීම ගැන ජාතික ප්‍රතිපත්තියක් නැති නිසයි. කිසිවකු ඒගැන නොතකන නිසා විශාල ජීවිත සංඛ්‍යාවක් දිනපතා රටට අහිමි වේ. සංවර්ධිත රටවලින් ඒ සඳහා අවශ්‍ය ආදර්ශය ගත යුතුයි.
ගොඩක් අය පෙට්‍රල් සහ තිනර් වල තියන "පුපුරනසුලු ගතිය" දන්නෙ නෑ. ඩීසල්, භුමිතෙල් වගේ නෙවෙයි පෙට්‍රල් කියන්නෙ ගොඩක් දුරටම වායුවක් (තාපාංකය අඩු නිසා) පෙට්‍රල් වාශ්පය ඉතාම පහසුවෙන් ගිනිගන්නව පිපිරීමක් එක්ක. පෙට්‍රල් බෝම්බ වැඩකරන්නෙත් එහෙමයි. ඒ නිසා පෙට්‍රල්, තිනර් එක්ක වැඩකරද්දි සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන. කවදාවත් කුනුගොඩවල් ගිනිතියද්දි, ලිප් පත්තුකරද්දි බූමිතෙල්, ඩීසල් ගත්තට පෙට්‍රල්, තිනර් ගන්න හොඳනෑ. ඒ ගැන ලමයින් විශේශෙන්ම දැනුවත් කරල තියන්න ඕන.
ඔය තියෙන ටෙලි චෑනල් වලට බෑරිද , ටෙලි ඩ්‍රාමා, දේශපාලන කතා මගුල් අත ඈරලා , මිනිස්සුන්ට දෑනුමක් ලෑබෙන ප්‍රොගෑම් ටිකක් පෙන්නවන්න. පාර පනින හෑටි, ගිනි ගන්නකොට, විදුලියෙන් පරිස්සම් වෙන්න , හෙන ගහනකොට, නාය යෑම්, හදිසි ප්‍රතිකාර ක්‍රම, වගේ දේවල් ගෑන වෑඩි වියදම් යන්නෙත් නෑති, මිනිස්සුන්ට වදින විදිහට ප්‍රොගෑම් එකක් හදල පෙන්නවන්න.
මීට පෙරත් මේ වගේ මරණ රාශියක් වුණා. රටේ මොනවද වෙන්නේ පත්තරයක් බලා පෙර දැනුමක් නොතිබුණු නිසා දරුවා නැති වුණා. මේ වෙනකොට බස් දෙකකින් ගියර් පෙට්ටියේ තහඩුවේ ඇණය සවි නොකළ නිසා ඇතුළට වැටී දෙන්නෙකුගේ ජීවිත අහිමි වුණා. වරායට යන්න හදිසිය. මන් අපේ දරුවන්ට කියලා තියෙන්නේ කවදාවත් පෞද්ගලික බස්වල ඔතන යන්න එපා කියලයි...