IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


තාජුඩීන් ඝාතන නඩුව නොවැ. 7 තෙක් කල්යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රෝගී තත්වයෙන් පසුවීම හේතූවෙන් එම නඩු විභාගය ලබන නොවැම්බර් 7 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියම කළේය.

මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බරපතල රෝගී තත්වයෙන් පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන හෙයින් අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට දණ්ඩ නීතී සංග‍්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුගේ රෝගී තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා මෙම නඩුව කැඳවන ලබන නොවැම්බර් 7 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විත්තිකරුගේ නීතීඥවරයාට දැනුම් දුන්නේය.



අදහස් (7)

තාජුඩීන් ඝාතන නඩුව නොවැ. 7 තෙක් කල්යයි

චමින්ද Wednesday, 23 October 2019 09:25 AM

අපි ඒත් බැලුවා තාජුඩීන් නඩුව මෙච්චර පරක්කු වුණේ ඇයි කියලා .ඡන්දයක් ළං වෙන කොට වෙන කේස් එකක් තමයි .2015 යහ පාලන ආණ්ඩුව බලයට පත්වුණේ ඔය තාජුඩීන් කියලා තමයි.හැබැයි පසුගිය අවුරුදු 5ට ඔප්පු කරන්න බැරිවුණා .

:       57       174

චිත්‍රානන්ද Wednesday, 23 October 2019 11:34 PM

ඔප්පු කරන්න බැරි කමට වඩා සැකකරුවන්ගේ කූඨ උපක්‍රමයි, අධිකරණ ක්‍රියාවලියේ තිබෙන මන්දගාමී ස්වභාවයයි මේකට ප්‍රධාන හේතුවක්. වරදකට අහුවෙලා හිරේ තපිනකොට පුදුම අසනීප මේ අයට හැදෙන්නේ. එලියට ආපුවාම උඩ පැන පැන යන්නේ.

:       10       56

වීරවිජේThursday, 24 October 2019 08:05 AM

අම්මෝ මොලේ..... ඒත් ඡන්ද කාලෙට විතරක් මේවා ඇහෙන්නේ මොකෝ දන්නෑ නේද? ඒකත් සැකකරුවොම කරන දෙයක් වෙන්නැති නේද?

:       0       5

Hafeel Wednesday, 23 October 2019 12:24 PM

මේක පුදුම නඩුවක්. මේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට මෙයාටත්, මරණ පරීක්ෂණ වාර්තාව වෙනස් කළ බවට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියාටත් අධි චෝදනා ගොනු කරමින් මහාධිකරණයේ නඩු පවරලත් ඉවරයි. නමුත් මිනීමරුවන්ටත්, වාහන දීලා අනුබල දුන් අයට තාම නඩු නැහැ. කොහොමද නීතිය නවන හැටි...

:       10       395

සෙනෙවිරත්න Wednesday, 23 October 2019 01:03 PM

මේක කවදාවත් අහන නඩුවක් නෙවෙයි. අහලා ඉවරවෙන එකකුත් නෙවෙයි.

:       0       61

Jaya Wednesday, 23 October 2019 01:48 PM

අප්පා... තාජුඩීන් ආයෙත් නැගිටලාද?

:       112       157

sharm warn Thursday, 24 October 2019 05:56 AM

මම මේ බැලුවේ ... "තාජුඩීන්" සහ "බැදුම්කරේ " වෙළඳ ලකුණු යටතේ චුවින්ගම් හදලා ඡන්දෙ කාලෙට වැඩියෙන් විකුනන්න. තව ඕනෙනම් ... "ඩේසි ආච්චි " , " සිරිලිය " , "මගනැගුම " වෙළඳ නාම යටතේත් මොක මොකව හරි වික්කුනන්න පුළුවන් ... මේ කාලෙට මොකෝ කියන්නේ කස්ටිය ? දෙන්නකෝ ඔයාලගේ මනාපේ.

:       0       18

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මන්ත්‍රී - ඇමති වරප්‍රසාද සලකා බලන කමිටු වාර්තාව ජනපතිට
2024 දෙසැම්බර් මස 02 1217 0

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍ර


ශිෂ්‍යත්වය ගැන ඇමැති මණ්ඩල තීරණය නීතිපති ශ්‍රේෂ්ධිකරණයට දන්වයි
2024 දෙසැම්බර් මස 02 4235 2

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට කැබිනට් මණ්


ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට නිල වාහනය වෙනුවට ඉන්ධන කෝටාවක්
2024 දෙසැම්බර් මස 01 6276 10

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ලග්ගල කෝටි 6 කොල්ලයේ නවයක් මාට්ටු
2024 දෙසැම්බර් මස 01 1983 1

ලග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් කෝටි 06 කට අධික මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස


‘‘කෙහෙළිය කැබිනට්ටුවත් නොමඟ යවලා‘‘
2024 නොවැම්බර් මස 30 5477 30

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාම


‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘
2024 නොවැම්බර් මස 29 7127 12

එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 643 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 827 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site