කොරෝනා වයිරසය වසංගත තත්වයක් බවට වර්ධනයවීම හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ, ඩිස්නිලන්තයේ උද්‍යාන වසා දැමූ බව වෝල්ට් ඩිස්නි සමාගම පවසයි. පසුගිය පෙබරවාරි මාසයේ දී නායකත්වයේ වූ වෙනසත් වයිරසයේ බලපෑමත්, හේතුවෙන් සමාගමේ කොටස් අඛණ්ඩව පහත වැටෙමින් පැවතීම මෙයට හේතු වී ඇතැයි විචාරකයෝ පවසති.
වසා දැමීම නිවේදනය කිරීමත් සමඟ ඩිස්නි සමාගමේ කොටස් ඊයේ(12) පමණක් 13 % කින් පහත වැටුණි.

ඩිස්නිලන්ත්යේ උද්‍යානය සහ ඩිස්නි කැලිෆෝනියා ඇඩ්වෙන්චර් යන සමාගම් දෙකෙහිම දොරටු වසා දමා ඇති අතර අවම වශයෙන් මේ මාසය අවසන් වන තෙක් ඒවා වසා තැබීමට සිදුවනු ඇතැයි සමාගම පවසයි. නායකත්වයේ වෙනස හේතුවෙන් ආයෝජකයින්ට සමාගමේ දිගුකාලීන ශක්‍යතාව පිළිබඳව සැකයක් ඇතිවීමත් සමඟ මෙම ක්‍රියාවලිය සිදුව තිබේ.
වසර 15ක් සමාගම පාලනය කළ බොබ් ඉගර් ඉවත්වීමේ තීරණය ප්‍රකාශයට පත් කළ අතර, බොබ් චැපෙක්ට පාලනය භාර දුන්නේය. නායකත්ව වෙනස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එහි කොටස් 28% කින් පහත වැටී ඇත.
"ඕනෑම වේලාවක පැමිණ අපගේ ව්‍යාපාරය කඩාකප්පල් කළ හැකි කඩාකප්පල්කාරී අංග, පිළිබඳව අපි සැමවිටම හොඳින් දැන සිටිමු. ඒ සියල්ලෙන් මිදීමට අපට ශක්තිය තිබේ." චැපෙක් මහතා වැඩ භාර ගන්නා විට පැවසීය.
ඩිස්නිලන්තයේ නිවාඩු නිකේතනයෙහි කොරොනා වයිරස අසාදිතයන් පිළිබඳ වාර්තා වී නොමැති නමුත් විශාල මහජන රැස්වීම් තහනම් කරමින් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් නිකුත් කළ නියෝගයකට අනුව උද්‍යාන වසා දමා ඇති බව ඩිස්නි සමාගම සඳහන් කරයි.
මෙලෙස ඩිස්නිලන්ඩ් උද්‍යානය අනපේක්ෂිත ලෙස වසා දැමීම සිදුවූයේ ඉතිහාසයේ 6 වන වතාවට බව සඳහන් වේ.
ඩිස්නිලන්ඩ් උද්‍යානය අනපේක්ෂිත ලෙස වසා දැමුණු අවස්ථා
1963 දී - ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි මහතා ඝාතනයෙන් පසු
1970 දී - අගෝස්තු 7 දින යෞවන ජාත්‍යන්තර පක්ෂය විසින් උසිගන්වන ලද වියට්නාම් විරෝධී කෝලාහලයෙන් පසු
1987 දී - දෙසැම්බර් 16දා ශීත කුණාටුවක් හේතුවෙන්
1994 දී - නෝර්ත්රිජ් භූමිකම්පාවෙන් පසු පරීක්ෂා කිරීම සඳහා
2001 දී - සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව
මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරස ආසාදිතයන් 1,770 කට වඩා වාර්තා වී ඇති අතර, රට පුරා උත්සව, සම්මන්ත්‍රණ, දේශපාලන රැලි සහ වෙනත් රැස්වීම් අවලංගු කර තිබේ.
(ඩේලි මේල් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඩිස්නිලන්තයත් වසා දමයි
Champa Friday, 13 March 2020 12:25 PM
ලංකාවෙත් උද්‍යාන සහ විනෝදාස්වාදය උදෙසා තියෙන මේ වගේ ස්ථාන තාවකාලිකව වහල දාන්න වෙයි. ජිම් පාවිච්චි කරන එකත් බොහෝ රටවල මිනිස්සු නවත්තලා කොරෝනා පැතිරෙන්න ඉතාම පහසු නිසා.