
(නිමල කොඩිතුවක්කු)
ඩීව් ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වි තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් තනතුර සඳහා විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පත්කර තිබේ.
නව පරපුරට අවස්ථාව ලබාදිමේ අරමුණින් තමන් මෙම තීරණය ගත් බව මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසිමකදී ඞීව් ගුණසේකර මහතා පැවසීය.
පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වුවත් තමන් තවදුරටත් පක්සයේ දේශපාලන මණ්ඩලයේ කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
2004 වසරේ සිට ඞීව් ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ධූරයේ කටයුතු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමියුනිස්ට් පක්ෂයේ අවසාන ප්‍රාඥයා. යුගයක අවසානය... රාජපක්ෂවරුන්ට කඩේ නොයා ජවිපය සමග එක්වී මෙරට වමේ ව්‍යාපාරය එකමුතු කරන්නට සමත් වුණා නම් ඔබ යුග පුරුෂයෙක් බවට පත් වෙන්න තිබුණා.
බෝඩ් ලෑල්ල යට ජීවිතය එපා වෙලා...
ඩිව් ඉතින් එක්කො වාෂ්ප වෙනවා... නැත්තං එකතුවෙලා, ගලාගෙන ගිහින් මුහුදට වැටෙනවා. මෙච්චර කාලයක් අල්ලන් හිටපු එකම ඩිව් තමයි මේ, ඩිව් ගුණසේකර, ජයවේවා...!!!
ගහපු බෙරයකුත්, නටපු නැටුමකුත් නැහැ...
නමට කොමියුනිෂ්ට්... ධනපතියන්ට සුදු හුණු ගානවා.