(උපාලි රණවීර)
රංවල මීතිරිගල, දංගල්ල බන්ධනාගාර එළිමහන් සිරකඳවුරට නුදුරුව පිහිටි ඇළ මාර්ගයක තිබී ටී-56 සහ එල්.එම්.ජී. රයිපල් ජීවඋණ්ඩ 35ක් හා හිස් පතුරොම් කොපු 24 ක් කිරිදිවැල පොලිසිය භාරයට ගෙන ඇත.
ප්‍රදේශයේ නිවාස සෝදිසි කිරීම හේතුවෙන් කිසිවකු විසින් මෙම උණ්ඩ සහ පතුරොම් කොපු ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
එහිදී ටී - 56 ජීවඋණ්ඩ 26ක්, එල්.එම්.ජී. ජීව උණ්ඩ 07ක්, රයිපල් ජීවඋණ්ඩ 02ක්, එල්.එම්.ජී. හිස් පතුරොම් කොපු 2ක්, රයිපල් හිස් පතුරොම් කොපු 03ක්, 38 හිස් පතුරොම් කොපු 04ක්, මිලිමීටර් 9 පිස්තෝල හිස්කොපු 03ක්, 5-0 හිස්කොපු 06ක්, ආර්සීඑල්අයි පතුරොම් කොපු 03ක්, මිලිමීටර් 60 හිස් පතුරොම් කොපුවක් සහ බෝර 12 වර්ගෙය් පතුරොම් කොපු 02ක් පොලිසිය බාරයට ගෙන ඇත.
කිරිදිවැල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සිදුවීම් ගොඩක් තියෙනවා.. දවස ගානේ හමු වෙනවා. මේවගේ දේවල් ගෙනත් දමන පුද්ගලයන් අල්ල ගැනීමට පොලිස් සුනඛයන් යොදා නොගන්නේ කිමද..?