(නිමල කොඩිතුවක්කු)
ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත වැටීම නිසා ජල විදුලිය නිෂ්පාදනය 10% දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක සහ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධන මහතා පැවසීය.
මේ හේතුවෙන් තාප විදුලි බලාගාර වලින් විදුලිය උත්පාදනය 85% ක් දක්වා වැඩිවී ඇති බැවින් විදුලිය නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන පිරිවැය විශාල වශයෙන් වැඩි වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ජල විදුලිය ඒකකයක් සඳහා රුපියල් තුනකට අඩු වියදමක් දැරිමට සිදුවන අතර තාප විදුලිය ඒකකයක් සඳහා රුපියල් 25ත් 30ත් අතර මුදලක් වැය වන බවත් ජයවර්ධන මහතා කීය.
පවතින අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් අඛණ්ඩව විදුලිය සැපයිමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව ගිගා වොට් 47 කට ආසන්න වී තිබේ.
ඉන් 85% ක් පමණ තාප විදුලි බලාගාර මගින් ලබා ගැනෙන අතර තවත් 5% - 6% ත් අතර ප‍්‍රමාණයක් සුළං සහ සූර්ය බලාගාර වලින් සපුරාගැනෙන බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශවල සමස්ත ජල මට්ටම 21.3% ක් දක්වා පහත බැස ඇති බවත් සඳහන් කළ ඒ මහතා වසර 30 කට පසු ප‍්‍රධාන ජලාශවල ජල මට්ටම මෙතරම් පහළ මට්ටමකට පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් කළේය.
ජල විදුලිය නිෂ්පාදනය කරන ප‍්‍රධාන ජලාශයන් වන කාසල්රී ජලාශයේ ජල මට්ටම 26% ක් ලෙසත්, මවුස්සකැලේ ජලාශයේ ජල මට්ටම 26.2% ක් ලෙසත්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම 33.9% ක් ලෙසත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 12.7% ක් ලෙසත්, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 28.9% ක් ලෙසත්, සමනලවැව ජලාශයේ ජල මට්ටම 16.1% ක් ලෙසත් පහත බැස ඇතැයි ඔහු සඳහන් කළේය.
පවතින වියළි කාළගුණ තත්වය අගෝස්තු මාසය වන තෙක් අඛණ්ඩව පැවතිය හොත් ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් පහත බැස දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල විදුලිය නිපදවීම සියයට 10 කින් පහළ බසී
amila Tuesday, 16 July 2019 10:45 AM
න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට කාලේ හරි.