IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජල නළය කැඩී පැය 48ක් ගියත් බලධාරීන් නිහඩයි

(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය නවනගරය ප්‍රධාන මාර්ගයේ ජී.පී.ඒස් හන්දිය ජලය ප්‍රවාහනය කරන ප්‍රධාන ජල නළයක් කැඩී දින 2 පමණ කාලයක සිට විශාල ජල ප්‍රමාණයක් අපතේ යන බවට ගමුවාසීහු චෝදනා කරති.

නවනගරය ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජලය සපයන ජල නළය පසුගිය 22 රාත්‍රියේ සිට කැඩී විශාල ජල කඳක් අපතේ යන අතර මේ බව මැදිරිගිරිය ජල සම්පාදන මණ්ඩලය  දැනුවත් කර ඇත.

ඒහෙත් මේවනතුරුත් ඒයට නිසි විසඳුමක් ලබා දීමට ඒම ආයතනය කටයුතු නොකිරීම හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 8 පමණ මේවනවිට ජලයෙන් යටව පවතී.

ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය බැකෝ යන්ත්‍රයක් නොමැති වීම නිසා එය සැකසීමට ප්‍රමාදවන බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.  දි

දින දෙකක් ගතවනතුරුත් අදාල නිළධාරීන් පුද්ගලික බැකෝ යන්ත්‍රයක් ලබා ගෙන හෝ මෙම ජල නළය නැවත සකස් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් විශාල ජල ප්‍රමාණයක් දිවා රෑ අපතේ ගිය බවට ගම්වාසීහු චෝදනා කර සිටියහ.



අදහස් (5)

ජල නළය කැඩී පැය 48ක් ගියත් බලධාරීන් නිහඩයි

කිරි පුතා Thursday, 24 February 2022 12:13 PM

රජයේ සේවකයින් පුරුදු වෙලා ඉන්නෙම යමක් කළ නොහැකි හේතු හෙවීමටයි. යමක් කළ හැකි ක්‍රම හොයන එකට හුරුවෙලාම නෑ. මේ අපතේ යන ජලයට යන වියදමෙන් බැකෝ එකක් කුළියට ගන්න තිබුණානේ...!!!

:       0       0

Kamal Thursday, 24 February 2022 01:30 PM

ඔන්න රජයේ සේවකයින්ගේ තරම... කතාකරන කොටනම් දේශප්‍රේමය වැගිරෙනවා...

:       0       0

uk ran Thursday, 24 February 2022 05:02 PM

ලංකාවේ හොර රාජ්‍ය සේවකයෝ. කොයි වෙලේත් වැඩි පඩි ඉල්ලනවා. ඒත් වැඩ නෑ. රට වනසන රාජ්‍ය සේවය.

:       0       1

Malika Thursday, 24 February 2022 05:32 PM

මෙන්න අපේ ශ්‍රි ලංකාවේ සෞභාග්‍යය...

:       0       0

Bunny Preena Friday, 25 February 2022 01:16 PM

නඩත්තු කටයුතු සම්බන්ධ අයට බුලත් අතක් දීලා කියන්න ඕනෙද දන්නේ නැහැ. පඩියක් අරන් නේද පවුලේ අයට කන්න දෙන්නේ...? මිනිස්සුන්ගේ දොස් පටිසන් දීලා මුළු පවුලේ අයම ලෙඩ වෙන්න ඉස්සෙල්ලා වැඩ කළොත් හොඳයි. නැතිනම් මුළු පවුලටම දෙවි පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site