අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ
සෙල්ෆි ඡායාරූපයක් ගනිද්දී අඩි හාරදහසක බෑවුමක් සහිත ලෝකාන්තයෙන් පහළ වැටුණු 35 හැවිරිදි ජර්මන් ජාතික හෙදියගේ සිරුර අද (13) බලන්ගොඩ මූලික රෝහලට ගෙනා බව සමනලවැව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් තිබුණේ ජූරියා එල්ගා නැමැති ජර්මන් ජාතික අවිවාහක වෘත්තියෙන් හෙදියක වූ තරුණයකි.
ඇය සිය හෙද මිතුරියක වූ රෙවන් හිත් නැමැත්තිය සමඟ නුවරඑළියේ සිට හෝර්ටන්තැන්න සහ ලෝකාන්තය නැරඹීමට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට පත්විය.
අනතුර වාර්තාවූ වහාම ඇය බේරාගැනීමට යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගත්ත ද ඒ වනවිට ඇය මියගොස් තිබිණි.
ඇගේ සිරුර ගෙන ඒමට නුවරඑළිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී මේජර් අසිත රණවීර මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමත් හෝර්ටන්තැන්න වනජීවී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු සමඟ පහළට බැස තිබේ.
සිරුර බළන්ගොඩ මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්‍ෂණය පැවැත්විමට නියමිතය.



(ඡායාරූප - අජිත්ලාල් ශාන්තඋදය )
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජර්මන් කතගේ සිරුර බලන්ගොඩ රෝහලට
Rasika Tuesday, 13 November 2018 10:14 AM
ප්‍රථමාධාර කණ්ඩායමක් අවශ්‍යයි