(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට මනෝරත්න මහතා 71 වැනි වියේ පසුවිය.
තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන රැසක් හිමිකර ගෙන තිබේ.
ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙවරක් කළ ජයලත් මනෝරත්න මහතා විශිෂ්ට කලාකරුවෙකු ද විය.
දේහය පිළිබද අවසන් කටයුතු බදාදා(15) සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිස්ටයෙකුගේ නික්ම යාම..ප්‍රවීන රංගධරයෙකු,තිර රචකයෙකු, ගේය පද රචකයෙකු වු මනෝරත්ණයානෙනි ඔබට සුබ ගමන්!!!
විශිෂ්ට රංගධරයානනි, ඔබ අතින් ශ්‍රී ලාංකික කලාවට සහ මුළු මහත් මව්බිමට වූ සේවය අසීමිතයි. ඔබගේ නාමය අමරණීය වනු ඇත. ඔබට නිවන් සුව ලැබේවා !
අප ආදරය කළ දක්ෂ කලාකරුවෙකු අපට අහිමිවීම කණගාටුවකි. ඔබට නිවන් සුව අත්වේවා !!!!
නිවන් සැප ලැබේවා !
ලාංකික සිනමාවේ කලාවේ විශිෂ්ටයෙකු වූ ඔබගේ අඩුව හිදැසක්ව එසේම පවතීවි. නිවන් සුව පතමි !
සුබ ගමන් සොදුරු කලාකරුවාණනි.
මනෝරත්න මහත්මයාණෙනි, මම ඔබතුමාව හැඳින්වුයේ අපේ රටේ කලාකරුවන් අතර සිටි ' ඉතාමත්ම උගත් පුද්ගලයෙක් ' ලෙසයි. ඒ වගේමයි ඉතාමත්ම නිහතමානී මිනිසෙක් ලෙස සමාජයේ ඕනෑම ස්ථරයක සිටින ඕනෑම කෙනෙක් මොහොතකින් ආකර්ෂණය කරගත හැකි අව්‍යාජ සිනහවකින් පිරුන මුහුණ, කතාබහ...අපිට කවමදාකවත් අමතකවේයැයි සිතිය නොහැක. ඉතින් මිනිසෙක් ලෙස ඉපදී, මිනිසෙක් ලෙස අප අතර ජිවත්වි අද " අමරණිය "වූ ඔබට නිවන් සුව අත්වේවා...!!!
මනුස්සකම තිබුණු උතුම් මනුස්සයෙක් සහ කලාකරුවෙක්. ඔබට නිවනින් සැනසීම ලැබේවා! හිඩැස පිරවීමට ඔබේ මනුස්සකම සහිත මිනිසුන් සොයා ගැනීමයි අපහසුව.
නිවන් සුව ලැබේවා !
සොඳුරු කලාකරුවාණනි, ඔබට නිවන් සුව!
මනෝරත්නයෙනි, ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා !
කලාවට මහත් පාඩුවකි. ඔබට උසස් ආත්මයක් පතමි !
ගුරු තරුව සදහටම යළිත් නොපායන්නටම බැස ගියේය. නමුදු එය විහිදවූ ආලෝකය සදාකල්, විශ්වය පවතිනතුරාවටම, තිබෙනු ඇත, මනෝ ඔබට ආයුබෝවන් !
නිවන් සුව ලැබේවා....... !
මනෝරත්නයන් නිහතමානී ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි. මානව හිතවාදී උතුම් පුද්ගලයෙකි. දයාවෙන් පිරුණු හදවතක් ඇති සැබෑ මිනිසෙකි. හිතවතෙකි. ඔබතුමාගේ සමුගැනීම අපගේ කලාවට ඉමහත් පාඩුවකි. නොපිරවිය හැකි හිස් තැනකි. ඔබතුමාට නිවන්සුව ලැබේවා!
ඉතාම කණගාටුදායකයි. නිවන් සැප !!
සුවදැති මිහිරි මතක සමුහයක් ඉතිරි කර නික්ම යන ආදරණිය ගුරුතුමනි" අපි ඔබට නිවන් සුව පතමු !
ඉතාමත් කණගාටුදායකයි. ඔහු මගේ ප්‍රියතම හා ගෞරවණීය නළුවෙක්. ඔහුට නිවන් සුව ලැබේවා !
ශ්‍රේෂ්ඨ කලාකරුවාණෙනි, ඔබේ නික්මයාම සියලු කලාකාමීන්ට මහත වූ පාඩුවකි. අපි ඔබට නිවන් සුව පතමු !
ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. නිහතමානී හා සරල පුද්ගලයෙකි. ඔහුගේ ජීවිතය නිවනින් සැනසේවා !
ඔබට නිවන් සුව !
ඉතාමත් කණගාටුදායකයි.
වාසනාවකට අන්දරේලා, ගුරුතරුව බලන්නට පේරාදෙණිය වලට බැස්සේය. වේදිකාව තුළ ඔහුගේ පෞර්ෂය, මනුස්සකම,කරුණාව සියල්ල දැක බලාගත්තෙමි..................නිවන්සුව !
ඔබට නිවන් සුව !
අති විශිෂ්ඨ ගණයේ කලාකරුවෙක්. රටට හිතවාදී මිනිසෙක්. නැවත මෙවැනි අය අපේ දේශයට හොයාගන්න අපහසුයි. නාට්‍ය කලාවට හිතවාදී මනෝරත්නයෙනි, ඔබට නිර්වාණ සුවයම පතමි !
විශිෂ්ඨ කලාකරුවෙක්. අද මල් ගස් වටේට කැරකෙන කලාශිල්පීන් අතර ඔහු අති විශිෂ්ඨයෙක්. ඔබට නිවන් සුව ලැබේවා !
ප්‍රතිභාපූර්ණ දක්ෂ චරිතාංග නලුවෙක්. ඇත්තටම ඉමහත් පාඩුවක්. නිවන් සුව රංගදරයාණනි!!!
වටිනා හදවතක් .......
රගපාන්න, ගයන්න බැරි එවුන් ඉතුරු වෙලා අසහාය නළුවෝ, ගායකයෝ මේ ලෝකෙන් තුරන් වෙනවා. හරිම දුකයි. මේ අය මිය ගියත් අමරණීයයි.
අපට අහිමි වූ ලක් මාතාවගේ විශිෂ්ඨ දරුවෙක්. ඔබට නිවන් සුව පතමි !
කලා ලොවේ ශ්‍රේෂ්ඨයාණෙනි, ඔබ පොතේ ගුරු වෙමින් මනමේහිදී ගැයූ පදවැල් මගේ මතකය අවදි කරයි. "උදුල කරවන, අවිදු ගණඳුරු, පතළ නැණයුතු, මම වෙමි නිසයුරු". ඔබ කලාලොවේ නිසයුරුම වෙයි. ඔබට නිවන් සුව!
ඔබට නිවන් සුව ලැබේවා !
ඔබතුමාට අජරාමර නිවන් සුව !
පොරමඩුල්ල එකට සිටි අපි.............දැන් ඔබ අප හැර ගිහින්.........අපත් නුදුරු කලකදී නැවත ඔබ සමග එකතු වනු ඇත .එතෙක් ඔබ අප ගේ හදවත්වල ඔබ ජිවත් වනු ඇත.
ජනහඬ දිනූ ප්‍රවීන රංගධරයාණෙනි, ඔබගේ නික්මයාමෙන් ඇතිවන හිඩැස පුරවන්නට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. ඔබගෙන් ලෝකයට සිදුවූ සේවය අපරිමිතය. ඔබට නිවන් සුව ලැබේවා!
නිවන් සුව ලැබේවා !
ජයලත් මනෝරත්නයන් ශ්‍රී ලාංකීය කලා කෙතට කළ මෙහෙය අමරණීයයි. ඔහුගේ හිඩැස සදා පවතී. පරිපූර්ණ කලාකරුවකු වූ ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් මිනිසෙකි. මනෝරත්නයාණෙනි, ඔබට නිවන්සුව !
සුභ ගමන් ශ්‍රේෂ්ඨ කලාකරුවාණනි, ඔබ නික්ම ගියද ඔබ පිළිබද මතකය අප හදවත් තුළ නොනැසී පවතීවි.
අහෝ..අහෝ.. කණගාටුයි.
හෙළවිරුවාණනි, ව්‍යාජ මුහුණත් තහඩු පළඳාගත් සමාජයේ ඔබ අව්‍යාජ මිනිසෙකි. පරමාදර්ශී පුද්ගලයෙකි. තුට්ටු දෙකක් සොයාගන්න දේශපාලකයන්ට කඩේ ගිය ඔබගේම සහෘදයන් අතර ඔබ අපට විරුවෙකි. ඇවිදින සෞන්දර්යය විදුසලක් වූ ඔබගේ වියෝව රටටත් පුද්ගලිකව අපටත් විශාල පාඩුවකි මන්ද යත් ඔබගේ හිඩැස පිරවීමට කෙනෙක් තවත් බිහිවී නැති නිසා. ඔබට නිවන් සුවය පසක් වේවා !
ආනන්දයෙන් ප්‍රඥාවට........ ඔහුගේ තේමාව ඌයේ එයයි. ඔබට නිවන් සුව!!!
මේ කවුරුවත් ඔහුගේ හැටි හරියට දන්නේ නැහැ වගෙයි........
ඇති දේ ඇති හැටියෙන් ලොව දකින මිනිස්සු....... ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු....... පොළොවේ මිහි සයනයේ ගොඩ නැගූ මිනිස්සු....... කරුණේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු......
උතුම් කලාකරුවාණෙනි, අද ලොව අදුරුවිය.......ඔබට නිවන් සැප ලැබේවා !
මැතිඳුනි, ඔබට අමාමහ නිවන් සැප ලැබේවා!
නිවන් සුව අත්වේවා...!!!
නිවන් සුව අත්වේවා..!!!
ඔබ අපට සිට් සොදුරු මිනිසෙකි. ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි. ඔබගේ නික්මයාම ගැන අපි හදවතින්ම දුක් වෙනවා.
සොඳුරු කලාකරුවාණනි, ඔබට නිවන් සුව!
මනෝරත්නයාණෙනි, ඔබ නොමැති අඩුව අද නොවේ හෙටයි...
උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ මරණ යක් කොටා ඇත නලලේ.
ඔබට නිවන් සුව අත්වේවා !