(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක සිසුවකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ සිසුන් 6 දෙනා මාර්තු 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (12) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසරේ සිසුන් 6 දෙනකි.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකුට සාදයක් අතරතුරදී ටයරයක් තල්ලු කිරිමෙන් පසිදු හිරුෂාන් (20) සිසුවා අනතුරට ලක්ව මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව මිරිහාන පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි සමාවක් දෙන්න එපා. වෙන රටක නම් මේකේ චෝදනාව දාන්නේ මිනීමැරීමට තැත්කිරීම සහ එමගින් සිසුවෙකුට මාරාන්තික තුවාල සිදුකිරීම කියලා. නවක වදය කියනඑක මේ කරපු අමානුෂික නරුම වැඩේ හෑල්ලු කිරීමක්. පව් අර අහිංසක ශිෂ්‍යයා...
චණ්ඩි ටික මොකද දන්නේ නැහැ මුහුණු වහගෙන ඉන්නේ...?
මෙතන කෙනෙක් පිරිත් නූලකුත් බැඳගෙන. මොන ජාතියේ සිල්ද දන්නේ නැහැ රකින්නේ...
නිවටයින්, කෙසේ සරසවි සිසුන් වුයේද යන්න අපටනම් ගැටලුවකි. ඇයි මෙවැනි නුගත් මෝඩයින් සරසවි වලට තේරුනේ ?
අප විශ්වාස කරනවා ගරු අධිකරණය විසින් මෙවන් නිවටයින්ට කිසිදු සරසවියකට පින්කමකටවත් සහභාගී විමට ඉඩනොදී සැමදා දියවන්නාවේ ගොන් කලුකුමාරයා ප්‍රමුඛ රතු හැට්ටකාරයන්ගේ පක්කලියන් ලෙස දියව් දියව් කියමින් පාරවල් දිගේ යාමට ඉඩ සලස්වමින් ජීවිත කාලෙට විප්ලව කිරීමට ඉඩ ලබා දෙන්න යන්නයි.
මිනීමරුවෝ.......................
නීතිය ක්‍රියාත්මක වීම දුර්වල සරසවි බිමේ නවක සිසුන් ඇතුල් කරන කාල සීමාවේදී ජ්‍යෙෂ්ටයන් තහනම් කළ යුතුයි. නීතිය කඩන හැම පුද්ලයෙක්ම අත්අඩංගුවට ගත යුතුයි.
මොවුන්ට වසර දෙකක විශ්විවිද්‍යාල තහනම් කරලා ජීවිත කාලෙම රජයේ රැකියා තහනම් කරන්න.
වැරදිකරුවන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න.
එල්ලා මැරීමේ ගෞරවනීය තීන්දුව මේ අයට දෙන්න. නැත්නම් අඩුම ගානේ ටයර් මාලයක් වත් දාන්න. ඒ කාලෙත් ටයර් මාල දැම්මේ මේ වගේ අයටයි.
මෙයාලාට කිසිම සමාවක් නම් දෙන්න එපා. ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කරන්න. අපි ජනධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා... හමුදාව දාලා හරි විශ්ව විද්‍යාලවල විනය හදන්න කියලා..
මොකද මේ අයට කොරෝනා හැදිලද...? මුහුණු වසාගෙන ඉන්නේ...?
මූන වහගෙන යන්න දෙයක් කරා කියලා දැන්ද තේරෙන්නේ ?
දෙමාපියන්ගේ ආත්මය විකුණන ළමයි හැංගිලා යනවා. කාටද ලැජ්ජා අපිටද එයාලටද ?
එකෙක්ව එල්ලන්න ඕනේ... අනික් අයගේ ඇස් පාදන්න...
චණ්ඩි..... ලෝකෙට මූන පෙන්නන්නනම් බයයි. ගොන් රැළ.
විශ්ව විදාලයන්හි හොඳළමයි බොහෝ වැඩියි. නමුත් අතළොස්සකගේ ප්‍රචණ්ඩත්වයට ඔවුනට කරකියා ගන්නට දෙයක් නැත. අවුරුදු 30ක යුද්ධයට විසඳුමක් දුන්නා සේ මෙයටත් කාලීනව සිතාබලා යහපත් දෙයක් කරන්න ජනපතිතුමනි... ඔබගේ මේ සීමීත කාලයේදී මෙයට විසඳුමක් නොලැබුණොත් මේ ගැන ඉදිරි නායකයින් නොබලනු ඇත. එහෙමත් නැතිනම් මෙයට වගකිවයුතු මේ කෙනාගේ තරමට වංගෙඩියක් සාදවා මොහුගේ අම්මාට මෝල්ගසක් දී මොහුව කෙටවිය යුතුයි... මෙහෙම දරුවන් ලොවට බිහිකළාට. එදා රජකාලයේ ඒ ඳඩුවම ලැබුනේ අහිංසකයින්ට... නමුත් එය ගැලපෙන්නේ අදට මෙවැනි නරුමයින්ටයි...
මේ අයට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන්න. අනිත් අයටත් පදමකට...