එෆ්.අස්ලම්
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළිගැනීම තුළින්ම මෙරට යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුව ඇතැයි තහවුරු වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතා පැවසීය.
එමෙන්ම ශ්‍රීලංකා රජයට වගවීමෙන් දුරස් විය නොහැකි බවත් යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් වලට මෙන්ම අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හමුවේ දෑත් බැද පිළිතුරු බැදීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
යුද සමයේදී මෙරට ආරක්ෂක හමුදාව අතින් යුද අපරාධ හෝ මානව හිමිකම් කඩකිරීම් සිදුනොවූ බවට මහජන එක්සත් පෙරමුණේ සමුළුවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් අඩෛකලනාදන් මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ කීය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ගෙන ආ යෝජනාව පිළිගනිමින් 2017 වසරේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා කාල දිගුවක් ද ශ්‍රීලංකා රජය ලබාගෙන තිබුණා. මෙතුළින් ශ්‍රීලංකාවේ යුද අපරාධ,මානව හිමිකම් කඩවීම්,අතුරුදන් කිරීම් සිදුව ඇති බවට ලක් රජය පිළිගෙන තිබෙන බව තහවුරු වෙනවා. ඒ නිසා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්තයාට අසත්‍ය ප්‍රචාරයන් සිදුකරල කාව හරි රවටන්න බැහැ.
යුද සමයේදී සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණයක් ස්ථාපිත කර විමර්ශනය කරන බව ප්‍රකාශ කළේ ශ්‍රීලංකා රජයයි. ජිනීවා යෝජනාවට අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට දෙවසරක කාලයක් අයැද සිටියේද වැරදි සිදුවී ඇති බව රජය විසින් පිළීගෙන ඇති නිසයි.
මැතිවරණ සදහා මුහුණ දිය යුතු කාලයක් පැමිණීමත් සමඟ වැරදි අසත්‍ය ප්‍රචාරයන් පැතිරවීම අදහස් දැක්වීම නොකළ යුතුයි. මෙවන් ප්‍රකාශයන් සිදුකරන අය සත්‍ය වසන් කිරීමට උත්සහා දරණ අයයි.මහින්ද රාජපක්ෂ මහතාත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ දේශපාලන වාසි වෙනුවෙනුයි.
කෙසේ නමුත් වගවීමෙන් ශ්‍රීලංකාවට දුරස් විය නොහැකියි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රීලංකා රජයට දෑත් බැදගෙන මේවාට උත්තර දෙන්න සිද්ධ වෙනවා,යැයි ද අඩෛකලනාදන් මහතා කීය.
COMMENTS
කව්ද ජිනීවා යෝජනා පිළිගත්තේ? කොඳු නාරටියක් තිබෙන නායකයෙක් ඔය අභූත චෝදනා හෝ යෝජනා පිළිගන්නේ නැත. යුද්ධය කරපු නායකයින් එවැනි යෝජනා පිළිගන්නේ නැතිව කොහෙවත් ඉන්නකෙනෙක් කාගේවත් චෝදනා බාරගන්නේ රන්ජන් කියන කතාව සනාත කරන්න වෙන්න ඇති...
ජිනීවා යෝජනා පිළිගත්තේ නැහැ කියලා කියන්න ඔබ දන්නේ කොහොමද බමුනාණනි? ඔබද ලංකාව වෙනුවෙන් පෙනී සිටින බලධාරියා?
මහින්ද රාජපක්ෂ කිසිම යුද අපරාදයක් කොරලා නැත. ඔහු නියෝග දුන්නේ ත්‍රස්තවාදීන් නැති කිරීමටය. 2000 කාලයේ දී හැම දෙමලෙක්ම ත්‍රස්තවාදියෙකි. ත්‍රස්තවාදියෙක් උනේ තුවක්කුවක් අරගෙන ක්‍රීයාකාරී ත්‍රස්තවාදයට එකතු වීමෙන්ම නොවේ. ක්‍රියාකාරී ත්‍රස්තවාදීන්ට මහපට ඇඟිල්ල දික්කිරීමත් ත්‍රස්තවාදයට එකතුවීමකි.
Rocky ඔබ දැනුත් ඉදිරිපත් කලේ අදාළ නැති තර්කයක්.
රටට ඔබ වැන්නවුන්ගෙන් රටට වචනයෙන් පවා කෙරෙන හානි වලට පිළිතුරු දීමට අපි දෙසැරයක් හිතන්නේ නැත.