(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා විසින් පසුගිය 26 වැනිදා සිදුකළ කුමන්ත්‍රණය අද වනවිට පිළිකාවක් මෙන් ඉතාම බරපතල ලෙස වර්ධනය වෙමින් ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයට කොළඹදී අද (21) එක්වෙමින් පැවැසීය.
ව්‍යවස්ථාව කුණුකූඩයට දමා නොමනා අශිෂ්ට පාලනයක් ගෙනයාමට ජනාධිපතිවරයා දරන මේ ප්‍රයත්නයට විරුද්ධව සියලු පුරවැසියන් මහමගට බැස විරෝධතාවය පළකළ යුතු බවද ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කීවේය.
‘‘ප්‍රජාතන්ත්‍රවාදයෙන් රට පාලනය කිරීමට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා වෛරී පාලනයකට නායකත්වය දෙන්න තරම් සාහසික වෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ලැබුණු ජනවරමට මේ වනවිට පිටුපාල තියෙනවා. ඔහුට දැන් ජනවරමක් නැහැ.
ඔහුට ඡන්දය දුන් හැටදෙලක්ෂයකට අධික ජනතාව වලපල්ලට යවන තරමට සාහසික තීරණයක් ඔහු 26 වැනිදා අරගත්තා. තමන්ගේ පරම හතුරා සමඟ එක්ව ව්‍යවස්ථාව කුණුකූඩයට දාලා නොමනා අශිෂ්ට පාලනයක් ගෙනයාමට දරන මේ ප්‍රයත්නයට විරුද්ධව සියලු පුරවැසියන් මහමගට බැහැලා විරෝධතාවය පළකරන්න අවශ්‍යයි.
මේ නැතිකරන්න හදන්නේ අපේ රට ,දරුවන්ගේ අනාගතය, ප්‍රජාතන්ත්‍රවාදය, ජීවත්වීමේ අයිතිය සහ මානව හිමිකම් තමයි මේ නැති කරන්න හදන්නේ. අද මේ ආරම්භ කරන සත්‍යග්‍රහයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට අපි සංඥාවක් ලබාදෙනවා.
එතුමා පන්සල් යන පුද්ගලයෙක් හැටියට තමන් අදහන ආගමට අල්ප්‍රමාත්‍ර වූ ගෞරවයක් තියෙනවනම් මල් පහන් පූජා කරලා තමන්ට ප්‍රඥාව පහල වේවා කියලා ප්‍රාර්ථනා කරලා මේ රට අරාජික කිරීමේන් වළක්වන්න කියලා මේ අවස්ථාවේ අපි ආයාචනා කරනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.
COMMENTS
මොහු හැමදාම කෑගහලා ඉල්ලන පුජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියලා මට පැහැදිලි කරලා දෙනවා නම් ලොකු පිනක් මෙලොවටත් පරලොවටත් ... කරුණාකරල දන්න කෙනෙක් නිවැරදිව තෙරුම් කරන්න
ඔබ හරි
ගල්කටස්, මොහු 2015 විරුද්ධ වුනේ රාජපක්ෂ පවුල රටේ නීතිය පටු කොට, එක පවුලක් වටා බලය ගොඩ නගාගැනීමේ ප්‍රතිපත්තියට එරෙහිව. 2018 මෛත්‍රීට විරුද්ධ වන්නේ, රටේ බහුතර ජනතා ඡන්දයෙන් පත්වූ රජය එක රැයකින් එළවා දමන්න ගත් ඒකමතික තීරණයට එරෙහිවයි. මේ අවස්ථා 2ම රටේ ජනතාවගේ ඡන්දයෙන් ලද බලය අයුතු ලෙස යොදාගත් අවස්ථා දෙකකි. රටේ බහුතර ජනතාව මේ අවස්ථා දෙස පක්ෂග්‍රාහීව බලනවිට, නිවැරදි මග පෙනීම මොහු ඇතුළු පිරිස කළේය. එය ඔබගේ දැක්මට අනුව වැරදි ලෙස පෙනුනත්, රටක ශිෂ්ටභාවය වෙනුවෙන් විවිධ මත දරන පුද්ගලයන් දෙස ස්වාධීනව දැකීමට අපි හැමෝම පුරුදු විය යුතුය.
හැමදාම මොකක් හෝ කියන මෙතුමා මාධ්‍යයට පරණ වැඩියි.
ප්‍රජාතන්ත්‍රවාදය දැන් වලංගු මතෘකවක් නොවේ. එයින් සමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන විරුද්ධවාදීන්ට රැකවරණය සඳහා යොදාගැනීමට... ඕකෙන් රටක් සංවර්ධනය කරන්න බැහැ. නමුත් රට අගාධයට යන වැඩවර්ජන නම් කරන්න පුළුවනි.
ඒක තමයි ඇත්ත , ලංකාවට ගිය කලක් . හොද පෙරලියක් කලේ දුෂණය භීෂණයට එරෙහිව . ආයේ හිටපු තැනට එහායින් ගියා . ආයේ ඔය දුෂණ පප්පලාව විශ්වාස කරලා උදව් කරන්න එපා . දැන් ලොකු වරදක් කරලා අපිම බැට කනවා .
මේ රට වලපල්ලට දැම්මේ ඔයාල තමා... පිළිකාව ඇතිකලෙත් ඔයාල තමා..
ඔයා තමයි ලංකාවටම තියෙන ලොකුම පිළිකාව. කරුණාකරලා එන්ජීඕ ඩොලර් වලින් කකා බිබී මේ රටට කරන විනාශය නවත්තන්න. නැත්තන් වැඩිකල් යන්න කලින් මේ ලෝකේ දුක් විදල පරලෝකේදී ඊටත් වඩා දුක් විදියි.
ජනාධිපති පිළිකාව සහමුලින් සිඳදමමු...
හැට දෙලක්ෂය වලපල්ලට යවලහරි තමන් ලබන සැරේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න තමයි මේ සැලැස්ම.......