( තිළිණි ද සිල්වා සහ සුජිත් හේවාජුලිගේ )
එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (30) අලුයම දිවයිනෙන් පිටත් ව ගියේය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්යබල, සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, පරිසර අඅමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති.
දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ.
නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ.
“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වෙති. එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපති ස්කොට්ලන්ත සංචාරයකට පිටත්ව යයි
sandun Saturday, 30 October 2021 11:03 AM
ලෝක දේශගුණය කෙසේ වෙතත් ස' තමයි ලංකාවේ දේශගුණය වෙනස් කලේ.. මේ දවස්වල මාරම සනීපයක් දැනෙන්නේ...
Lankaputha Saturday, 30 October 2021 11:28 AM
තව සංචාරයකට යන්න පුළුවන් රටක් කියන්න... කරුණාකර අටපට්ටමට කියන්න.
duminda Saturday, 30 October 2021 12:48 PM
යන තැනකට දැන්ම ගිහිල්ලා එන්න... ඇයි පිනට යන්න හම්බවෙන්නේ නැහැ...
ලුම්බිණි Saturday, 30 October 2021 03:31 PM
ඕස්ට්‍රේලියාවෙන් නම් ගියේ අගමැති විතරයි. ඒ ගියෙත් G 20 මීටිමටත් එක්ක.
සමන්තSaturday, 30 October 2021 05:02 PM
ඕස්ට්‍රේලියාවෙන් ගියේ අගමැති... මොකද රාජ්‍ය නායිකාව රැජිණනේ...!!!
AN Ishan Saturday, 30 October 2021 04:18 PM
ඔන්න ඔහේ මෙහෙට වෙලා ඉන්න වටේ යන්නැතුව... රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති නොකර...!!!
ජනතා හඩ Saturday, 30 October 2021 04:38 PM
අපරාදෙ ඔක්සිජන් නැතිව ජීවත්වෙන හැටි කියා දෙන ඇමති ගෙනිච්චේ නැත්තේ… අපේ කට්ටිය වගේ කැලේ කපලා දේශගුණය රකින්න දන්න අය කොයි රටකවත් නැහැ නේද?
රාසික් Saturday, 30 October 2021 04:59 PM
දැන් දැන් ළඟ ළඟම රට රටවල්වලට සංචාර නේද? රටේ තත්වය බලනකොට නම් පේන්නේ ඔහොම්ම අමෙරිකාවටම මාරුවිය හැකිය..
Don perera Saturday, 30 October 2021 06:15 PM
අපි නම් දැක්කා මෙහෙ පෝස්ටර් ගහලා තියෙනවා...