(තරිඳු ජයවර්ධන )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද සවස 5ට පැවැත්වීමට නියමිත බව ආරංච් මාර්ග කියයි.
ආණ්ඩු මාරුව සහ පාර්ලිමේන්තු සැසිය කල් තැබීම ගැන එහිදී සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ. පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කරන ලෙස ඉල්ලමින් කතානායකවරයා ජනපතිට ලිපි දෙකක් යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කියන්න ශබ්ද කෝසේ අකුරුමදි
ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමෙන් පසු යළි කැඳවීමට කතානායකතුමාට ව්‍යවස්ථාවෙන් හෝ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලින් හෝ නීතිමය ප්‍රතිපාදනයක් නැත.ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු සැසිවාරයක් කල් තැබීමේ දී ඒ පිලිබඳ කතානායකතුමාට පෙර දැනුම් දීමක් සිදුකළ යුතු නමුත් සිරිසේන ජනාධිපති වරයා මෙවර එවැන්නක් නොකර සැසිවාරය කල් තැබීය.ඒ නිසාම අද පවතින අර්බුදකාරී තත්ත්වයක දී පාර්ලිමේන්තුවේ බහුතර සංඛ්‍යාවක මන්ත්‍රීවරුන් පිරිසක් ලිඛිතව පාර්ලිමේන්තුව රැස්කරන්නැයි කතානායක තුමාගෙන් ඉල්ලා සිටීනම්,කතානායකතුමා පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අර්බුදය සමනය වන්නේ නම් "නීතිමය ප්‍රතිපාදනයක් නොමැති වුවත්"කතානායකතුමා පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් කිසිදු පාර්ශවයක් අගතියට පත් වන්නේ නැත. මහනායක හිමිවරුන්, සමහර පක්ෂ නායකවරුන්,ඇමරිකාව සහ යුරෝපා සංගමය දෙවතාවක්,ජපානය, ඔ්ස්ට්‍රේලියාව, කැනඩාව සහ එංගලන්තයද පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා ඇත. කතානායකතුමාද පාර්ලිමේන්තුව රැස්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් දෙවතාවක් ලිඛිතව ඉල්ලා තිබේ.‘බහුජන හිතාය බහුජන සුඛාය’කීවාසේ පාර්ලිමේන්තුව රැස්කරනමෙන් කතානායකතුමාගෙන් සියළු දෙනා ඉල්ලා සිටිය යුතුය.
මීට අමතරව ජනාධිපතිගේ කැඳවීම අනුව අද පැවැති එජනිස කණ්ඩායමේ රැස්වීමට දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙකු සහභාගී වී සිටියේ නැති බව දැනගන්නට තියෙනවා. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් 113 හදා ගැනීම ආරම්භ කළ යුතු වන්නේ 96 සිට නොව 85 සිට බවයි. ඒ අනුව ගත යුතු මන්ත්‍රී සංඛ්‍යාව 28 ක් තරම් විශාල වනු ඇත. දැනට මිලදී ගෙන ඇත්තේ මන්ත්‍රීවරු 5 දෙනෙකු පමණි. ඔවුන් නම් විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක, සුරේෂ් වඩිවේල් සහ දුනේෂ් ගන්කන්ද යන 5 දෙනාය. එක්සත් ජාතික පක්ෂයේ ලකී ජයවර්ධන සහ රංගේ බණ්ඩාර මහින්ද පාර්ශවයට එකතු වෙන බවට ආරංචියක් පැතිරී ඇත. යම් හෙයකින් "රනිල් යළි අගමැති වුනොත් පැය දෙකක්වත් ජනාධිපති ධුරයේ නොසිට ඉල්ලා අස්වෙනවා" යයි ජනාධිපති වරයා පැවසූ බවද දැනගන්නට ඇත. තමාට 113 හදා ගන්නට බැරි නම් අගමැතිධූරයෙන් බැස යන්න සූදානම් යැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට පවසා තිබිණ.