(අජන්ත කුමාර අගලකඩ)
තුර්කි සමාගමකට අයත් විදුලි බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් නීතිපති වාර්තාව සහ මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් අනුමැතිය දී ඇති වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි බල හා බලශක්ති ඇමැති රවී කරුණානායක මහතාට අද (06) පෙරවරුවේ දී දැනුම් දී ඇත.
ජනාධිපති කාර්යාලයේ අද (06) උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම දැනුම් දී ඇත.
කොළඹ වරායේ සහ ගාලු වරායේ නවතා තිබෙන නැව් දෙකක සවිකෙරෙන විදුලි බලාගාර දෙකකින් මෙගාවොට් 320 ක විදුලිය මිලදී ගැනීම සඳහා ඇමැති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද දිනයේදී විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.
මෙම යෝජනාව මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉදිරිපත් වී තිබූ නමුත් ඊට නීතිපතිවරයාගේ අනුමැතියක් නැතැයි කියමින් මංගල සමරවීර ඇමැතිවරයා විරෝධය පළකර තිබිණි.
කැබිනට් සංදේශය ඊයේ දිනයේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේ ඊට නීතිපතිවරයාගේ අනුමැතියක් ගෙන මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතියක් නැතැයි කියමින් මංගල සමරවීර ඇමැතිවරයා විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව අදාළ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ වාර්තාව සහ මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතිය දී ඇති වාර්තාව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොනවද කරන්නේ? දිගු කාලින වැඩපිළිවෙලක් හදා ගන්න රටට විදුලිය දෙන්න. මෙහෙම පුලුවන්ද ප්‍රශ්න විසඳන්න.
රවි-මංගල යුද්ධයේ තවත් ප්‍රතිඵලයක්.....කවුරු දිනයිද?
වෙනසක් හොඳක් බලාපොරොත්තුවෙන් මාත් ඡන්දෙ දීලා දැන් ගෙදරිනුත් බැනුම් අහනවා. අපි ආණ්ඩුවෙන් රස්සා ඉල්ලන්නෙ නෑ. කරාපු ටෙක් කෝස් එකෙන් දෙයියනේ කියල ජීවත් වෙන්නෙ. විදුලිය කැපුවම කොහොමද රස්සාව කරන්නෙ. ආණ්ඩුවට මිනිස්සුන්ගෙ ප්‍රශ්න රටේ ප්‍රශ්න විසඳන්න වෙලාවක් නැහැනෙ. තමුන්ගෙ ගෙදර කචල් එක්ක
මේක පිටිපස්සේ තියෙන්නේ වෙන කතාවක් කියලා තමයි රට්ටු කියන්නේ මංගල හදනවා සජිත්ගේ පිටේ නැගලා තමන්ට මේ තාක් බැරිවුණු අගමැති සිහිනය සැබෑ කරගන්න. (මහින්ද ඕක එදා දුන්නා නම් මංගල තාමත් මහින්ද ළඟ)... ඔය විවිධ වේශවලින් එළියට එන්නේ ඕක මිසක් වෙන මොකුත් නෙමෙයි..!
ප්‍රවෘත්තියේ කොහෙවත් නියෝගයක් දීපු කතාවක් නෑනේ. අනික මුදල් ඇමති, විදුලිබල ඇමතිගෙන් කැබිනට් සංදේශයකට අදාළව ලියවිලි ඉල්ලපු බවක් මේ පුවතේ තියෙන්නේ. ඒක තුළ තියෙන රටේ විදුලි අර්බුදය පැත්තකින් තියලා වෙනත් දෙයක් උලුප්පන්න හදන්නේ ඇයි? මේ විදුලි අර්බුදය එන්න ආසන්නතම හේතුව සාම්පූර් බලාගාරයේ ප්‍රමාදයයි.
ටෙන්ඩර් අර්බුදයක් නිසා රංජිත් සියඹලා පිටිය විදුලිබල ඇමැති කාලේ ඉඳලම ඇදීඑන විදුලු බලාගාරයක් ඉදිකිරීමේ ප්‍රශ්නයක් තිබෙනවා නේද? ලංකාවේ සමාගමක් අඩු ටෙන්ඩරය ඉදිරිපත්කර තිබෙනවා. නමුත් මේ ඇමතිවරු දෙදෙනාම වැඩිමිල ඉදිරිපත්කර ඇති චීන සමාගමකට ටෙන්ඩරය දෙන්න හදනවා කියා... දැන් ඒ විදුලි බලාගාරය ඉදිකිරීම අතහැර දැම්මද?