(හර්ෂණ තුෂාර සිල්වා)
එකම අදහස ඇති වගන්ති නිසා සිදුවන අර්බුද වළක්වා ගැනීමටත් වගන්තිවල ඇති පරස්පරතාව මඟ හරවා ගැනීමටත් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනත සංශෝධනය කළ යුතු යැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම කොළඹදී අද (24) ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන බලතල ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවද යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම කීවේය.
කොළඹ හිල්ටන් හෝලයේ පැවැති මාධ්‍ය හමුවකදී සිය අවසන් වාර්තාව සහ නිර්දේශයට පත් කරමින් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම ඒ බව සඳහන් කළේය.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම ඔක්තෝබර් 11 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතුවල නිරත වූ අතර නොවැම්බර් 18 වැනිදා ඔවුන්ගේ මූලික වාර්තාව ඉදිරිපත් කරන ලදි.
මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයක් අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු වලට පැමිණි බවත් මේවා නිර්දේශ පමණක් බවත් ක්‍රියාත්මක කිරීම, පිළිගැනීම හෝ අහක දැමීම හෝ ශ්‍රී ලංකා රජයේ, ආණ්ඩුවේ සහ පාර්ශවකරුවන්ට අයත් කරුණක් බවත් අවසන් වාර්තාව සහ නිර්දේශ ප්‍රකාශයට පත් කරමින් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ ප්‍රධානී මරිසා මටියාස් මහත්මිය කීවාය.
“සාම්ප්‍රදායික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යවල ව්‍යාප්ත වූ වාංග්ලංකාර, වෛරී ප්‍රකාශ , අසත්‍ය තොරතුරු යනාදිය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ඉතා ඉහළ වෘත්තීය මට්ටමකින් සාමකාමීව ජනාධිපතිවරණය පැවැත්වීමට සමත් වුණා. මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් යෙදවීම සම්බන්ධයෙන් නීතියක් නොමැති වීම නිසාත් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යවල පක්ෂපාතී වාර්තාකරණය නිසා අපේක්ෂකයන් සියලු දෙනාට සම අවස්ථා හිමිවුණේ නැහැ.
බොහෝ අපේක්ෂකයන්ට ඔවුන්ගේ පණිවුඩය ලබාදීමට අවස්ථාවක් ලැබුණේ නැහැ” ඇය පැවැසුවාය.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම සිය අවසන් වාර්තාව මඟින් නිර්දේශ 23 ක් ඉදිරිපත් කර තිබෙන ඉන් හයකට ප්‍රමුඛත්වය දී තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට බලතල දෙමින් එය ශක්තිමත් කිරීම, ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනත සංශෝධනය කිරීම, මැතිවරණ ප්‍රචාරණයට වියදම් කරන මුදල් සම්බන්ධයෙන් නීතියක් ගෙනඒම, සියලු දෙනාට සම මැතිවරණ ප්‍රචාරණ අවස්ථා ලබාදීමට නීති සංශෝධනය කිරීම, මැතිවරණ පරිපාලනය සහ මැතිවරණ කොමිෂන් සභාව ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය ජාල අතර නිල සහයෝගීතාවයක් ගොඩනගා ගැනීම සහ කාන්තාවන්ගේ මහජන සහ දේශපාලන සම සහ ඉහළ සහභාගීත්වය වැඩි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තිබෙන බාධක ඉවත් කර විශේෂ ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අදාළ ප්‍රමාඛ නිර්දේශ හයෙන් යෝජනා කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට පුළුල් බලතල ලබා දී තිබුණත් මැතිවරණ කොමිෂන් සභාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බලතල මොනවාදැයි පැහැදිලි කරමින් නීතියක් සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි වීම නිසා මැතිවරණ කොමිෂන් සභාවේ බලතල සීමා වූ බව ද යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූණ කණ්ඩායම් අවසන් වාර්තා වේ සඳහන් වේ.
අර්ථ ව්‍යාකූල වීම වැළැක්වීමටත්, අර්ථ නිරූපණ අතර ගැටුම් ඇතිවීම වැළැක්වීමටත් එමෙන්ම නව නීතී සහ වර්තමානයට ගැලපෙන පරිදිත් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනත සංශෝධනය කළ යුතු යැයි ද එහි දැක්වේ.
අවසන් වාර්තාව විදේශ සබඳතා අමාත්‍යාංශයට සහ මැතිවරණ කොමිෂන් සභාවට බාරදෙන බවත් ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුව, විපක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු මැතිවරණයට සම්බන්ධ පාර්ශවකරුවන් හමුවී සාකච්ඡා පවත්වන බවත් මරිසා මටියාස් මහත්මිය තවදුරටත් කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොඩියේ ලණුව සුද්දගේ... සිංහයා අපේ...
මේ ගොල්ලන්ට කවුද බුලත් දුන්නේ?
මැතිවරණ කොමිසම දූෂිතයි කියලා ඒකෙ සාමාජිකයෙක්ම කියපු දේ දැකල නැහැ. ඔහු කිව්වා එම ප්‍රතිඵල කිසිම විදිහකට සොයා බලන්න කොමිසමේ සමාජිකයින්ට හැකියාවක් තිබ්බේ නැහැ කියලා. මැතිවරණ කොමිසම ස්වාධීන නැහැ. ජනතාවට සම්පූර්ණයෙන්ම වසන් කරලා අවසාන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම බාරදීලා තිබුනේ කොමිසමේ සභාපතිගේ තනි තීරණයට තෝරාගත්ත පෞද්ගලික ආයතනයකට. ඔහු මේ වංචාව බාල ජනප්‍රියත්වයෙන් වහගත්තා. වෙන විදිහකට කියනවා නම් සභාපතිම මැතිවරණ ප්‍රතිඵල විකෘති කරන්න ඉඩහදල දීලා තියෙනවා. මේක එලිවුනේ ජනාධිපතිවරණයෙන් පස්සේ. යහපාලන ආණ්ඩුව පරද්දන්න ජනතාව එකමුතු වුණාට මැතිවරණ ප්‍රතිඵල වලට එහෙම බලපෑමක් කලේ අනාගත අත්හදා බැලීමක් කරන්න වෙන්න පුළුවන්. දැන් මේ කතාව එළිවෙච්ච නිසා මහමැතිවරණයට අලුත්ම විදිහක් කරන්න හදනවා වගේ පේනවා ICTA එක හරහා, රජයේ සහ පුරවැසියන්ගේ දත්ත කොහෙවත් නැති ICTA එකට දීම මගින්. මහමැතිවරණයේදී ICTA එකට ප්‍රතිඵල නිකුත් කිරීම බාරදෙන්න සහ එමගින් යූටර්න් ජනාධිපතිගේ පිරිසට මනාප වැඩි කරන්න කරන කුමන්ත්‍රණයක්. විපක්ෂය කිව්වා සභාපති තෝරාගත්ත පෞද්ගලික ආයතනයේ පුද්ගලයා සහ සභාපතිගේ සහෝදරයව ICTA එකට ලඟදි පත්කළා කියලා. තවත් සාක්කි ඕනද?
මෙයාලට ඕන කෙනා පත් නොවුනු නිසා පනතේ ඇද හොයනවා. මොවුන් කියන දේවල් අප අදාළ කරගත යුතු නෑ.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම තමන්ගේ සීමවෙන් පිට පැනලා. ඔවුන්ට එන්න කිව්වේ මැතිවරණ නිරීක්ෂණයකට මිසක් රටේ ව්‍යවස්ථාව ගැන අදහස් පල කරන්න නෙමෙයි. රටේ ස්වාධීනත්වයට සහ ස්වෛරීභාවයට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න හදන මොවුන්ව බ්ලැක්ලිස්ට් කළ යුතුයි.
මෙහි ඇත්තක් තිබෙනවා නම් සොයාබලා වෙනස් කළ යුතුයි. බොහෝ අවස්ථාවල කෙනෙක් කරන වැරදි පෙනෙන්නේ අනික් අයට. එ්කයි අපි ඇඳුම අන්දලා අනික් එක්කෙනාගෙන් අහන්නේ ලස්සනද කියලා. බෞද්ධයින් හැටියට මතකයිනේ සිවුරු පොට බිම ගෑවෙනවා කියා පොඩි හාමුදුරු කෙනෙක් පෙන්වාදීම...
අනේ නංගියේ අපි අපේ රෙදි සෝදා ගන්නම්... නංගිලා ගිහින් තමන්ගේ රටේ අසුචි ගාගත්ත කඩමලු ටික හෝදාගන්නකෝ... මේ අනුන්ගේ සීනි කිරන්න හැබෑටම නගාලට එහෙ වැඩ නැද්ද අම්මපා..?
සජිත් දිනුවා නම් අනිවාර්යයෙන් මේ අය කියාවි "ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩක් ශක්තිමත්... බහුතරයක් ප්‍රගතිශීලීන්ගේ ජනමතය පවුල්වාදී, ආගම්වාදී, ජාතිවාදී හඬ නිහඬ කළා" කියලා...
නියම නිවාඩුව, මුළු වින්ටර් එකම ගත්තා... කාගේ වුණත් බදු සල්ලි නේද?
තවම මෙයාලා ගෙදර ගියේ නැද්ද? මේ අයට පවුල් නැද්ද? හොඳ හොලිඩේ එක...
යුරෝපා සංගමයත් විසුරුවලා ඔයාලත් ස්වාධීන රාජ්‍ය ලෙසට ඉන්න කියලා අපි නිර්දේශ ඉදිරිපත් කළොත්, ඔබලා.. සලකා බලනවද? අනුන්ගේ සීනි කිරන්නේ නැතුව උඹලගේ වැඩක් බලාගෙන හිටපල්ලා බන්..? ලෝක විනාශයට උඩගෙඩි දෙන නුඹලාගේ ක්‍රියාකාරකම් නවත්තපල්ලා..
දෙයක් කිව්වම, කියපු කෙනා සුදුද? කළුද? කියලා බලන් නැතුව මේ කියපු දේ වැදගත්ද? නැද්ද? කියලා පළමුව බැලිය යුතුයි.
මෙයාලා කවුද? අපේ පනත් ගැන කතා කරන්න. අපේ රටට පාලකයෙක් පත්කර ගන්න අපේ ජනතාවට නිදහස තිබිය යුතුයි. ඔය පහුගිය කාලයේ හිටපු අතේ නැටවෙන කොන්ද පණනැති නායකයින් කෙරුවාව තමයි. නිවට කරණවෑමියව දැක්කම එළුවත් රැවුල පානවලු මගෙත් රැවුල බාපන් කියලා. මෙයාලා හිතනවද? දන්නේ නැහැ රටේ සියලුම නායකයින්, සියලුම වැසියන් නිවටයි කියලා...
මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් යෙදවීම සම්බන්ධයෙන් නීතියක් නොමැතිවීම... රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යවල පක්ෂපාතී වාර්තාකරණය... ඉහතින් අදහස් දක්වා ඇති බොහෝදෙනා එයටවත් එකඟ නොවන්නේද? විමල් වීරවංශගේ මානසික මට්ටමෙන්වත්, කියන්නා කළුද සුදුද යන්නවත් නොසිතා අදහස හරිද වැරදිද පමණක් යමෙක් සිතන්නේ නම් මැනවි...
කෙනෙක් 19 සංශෝධනය කරලා පාර්ලිමේන්තුවටවත්, ජනාධිපතිවරයාටවත් කිසිම වැඩක් කරගන්න බැරි ව්‍යවස්ථාවක් හදලා ස්විට්සර්ලන්තයට පැනලා ගියා. දැන්!. කාලෙන් කාලෙට හතු පිපෙනවා වගේ එළියට එන අයගෙන් පරිස්සම් වෙන්න ඕනේ රටක් මේක..
ආපු රාජකාරිය කරලා යන්න කියන්න. නිකන් බොරු ෂෝ දාන්නේ නැතිව.. මේවාට උඩගෙඩි දෙන අය හින්දා තමයි මෙච්චර දඟලන්නේ.. තමන්ගේ රටවල ප්‍රශ්න විසඳන්නේ නැතිව අනුන්ගේ ඒවා හොයනවා.
ඔය ගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් ගිහින් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරාගැනීම දූෂිතයි කියලා කියන්න. ඔයගොල්ලන්ට හිතවත් අය මෙහෙ පත්වුණා නම් මුකුත් සද්දයක් නැහැ. මාධ්‍ය ආයතන මහජනතාව දැනුවත් කළේ රෑ වැටුණු වළේ දවල් වැටීම වැළැක්වීමටයි. ජනාධිපතිවරණයෙන් මාස දෙකක් ගියාම කාටත් තේරිලා තියෙනවා කවුද හරි, කවුද වැරදි කියලා. අපේ රටවල් නරකාදි බවට පත් කරන්නේ ඔය ගොල්ලන්... ඒක නිසා ආපු තැනට ගිහිල්ලා තමන්ගේ රටවල වැරදි හරි ගස්සා ගන්න.
මේක ලංකාව... යුරෝපය නොවේ. අපි ඡන්දෙ දුන්න එක්කෙනෙක් පත්කරගත්තා.. අපි එහෙමයි... දැන් තියෙන්නේ පාලක පක්ෂයට වැඩ කරගෙන යන්න. පවුලක්, දෙකක් අතරේ තනතුරු බදාගෙන හරි, රජයේ මුදල් වලින් මිතුරියන්ට ගොඩනැගිලි හරහා සල්ලි පොම්ප කරන්න හරි සුවිසල් හෝටල් ඩුබායිවල හදන්න නැවත මහා බැංකුව කොල්ල කාගෙන හරි එතනෝල් ගෙන්වලා හරි අපිට ඕනෑම විදිහකට විරුද්ධ පක්ෂයට තියෙන්නේ බෙරිහන් දෙමින්, අවලාද කියමින් තව වසර 5ක් පමණ බලාගෙන ඉන්න. නැවත බැංකු කොල්ලය පටන්ගන්න.. ඔන්න ඕකයි තත්වේ..
කවුද මේ අය ඇවිත් අපිට නීති පනවන්නේ...? ගන්න ඉලපත අතට, දෙන්න පිටිපස්සට තුන හතරක්...
මේ රටේ තීන්දු තීරණ ගැනීමට මොවුන්ට අයිතියක් නැත. මේ බටහිර කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන අය පිටුවහල් කළයුතුය. මොවුන්ට මැතිවරණ නිරීක්ෂණවලටද කතා නොකළ යුතුය. රටේ ජනතාව වුවද මොවුන්ට විරෝධය පළකල යුතුය.
බිල් ක්ලින්ටන් වැනි ඇමරිකන් කාරයිනුත් අපේ මැතිවරණ ක්‍රම සහ විධි අනුගමනය කළා නම් ඇයි මේ සුද්දන්ගේ උපදෙස් අපිට...?
ඇත්ත තමයි. අපේ රටේ ව්‍යවස්ථාව නීතිරීති ඔක්කොම හදලා තියෙන්නේ යුරෝපා රටවල්වලින් කොපිකරලා. ඒ නිසා මේ නිරීක්ෂණ කණ්ඩායම් කියන දේ ගැන ඇහුම්කන් දිය යුතුයි.
අපි දැන් 1972 සිට අවුරුදු 47ක් ව්‍යවස්ථා වෙනස්කළා. සංශෝධන ගෙනාවා. නැවතත් ව්‍යවස්ථා වෙනස් කිරීමට පෙර මෙතෙක් කරපු වෙනස්කම්වලින් රටට හෝ ජනතාවට සෙතක්වූවාද කියා සොයාබැලීමට කොමිසමක් පත්කළ යුතුයි. මෙතෙක් කළ වෙනස්කම් වලින් නම් බලයට පත්වන දේශපාලකයින්ගේ මනදොල සපුරන එකයි වුනේ.. කියන එකයි බොහෝදෙනා කියන්නේ...
ලෝකයේ බොහෝ දියුණු රටවල ව්‍යවස්ථාවක් නැහැ. පිළිගත් සම්ප්‍රදායකට අනුව නීතිරීති මත රට ආණ්ඩු කරනවා. මෙහෙ ලියවිල්ලක් බදාගෙන රට කනවා. මුදලුත් නිකම් අනවශ්‍ය දේවල් කරන්න කොමිසම්වලට වියදම් කරනවා. හිතවතුන් ඉහළ තනතුරුවලට පත්කර ගන්නවා. මේවා ඔය ආපු කිසිම බයියෙක් කියලා නැහැනේ... ඔවුන්ට ඒවා පෙනුනේ නැතිද නැතිනම් මාධ්‍ය ඒවා ප්‍රචාරණය කරන්නේ නැතිද?