(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පස්වරුවේ පැවැසීය.
“මේ තාච්චිය කතා කරන්නේ, අපි ඔක්කොම එකතුවෙලා ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය තුරන් කිරීම, සංවර්ධනය, සාමය හා සංහිඳියාව” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ එහිදි මෙසේ ද කීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී කතා කළේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ගැන නෙමෙයි රනිල් වික්‍රමසිංහ ගැනයි. මම දේශපාලන කරුමයක් කිව්වා. මට අවලාද නැගුවා. මට චෝදනා කළා. මට නිග්‍රහ කළා. මට අපහාස කළා. මට දොස් කිව්වා. මට බැන්නා. එහෙත් ඒ සියලු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා.
මම මගේ සංස්කෘතිය අනුව පිළිතුරක් දෙනවා. මට අනෙක් අයගේ සංස්කෘතිය ගැන කියන්න බැහැ. සංයුක්ත නිකායේ අක්කෝස සූත්‍රයේ ගාථාවක් උපුටා දක්වමින් මං මගේ සංස්කෘතියෙන් පිළිතුරු දෙනවා.
බුදුන් වහන්සේ රජගහ නුවර වෙසෙන සමයේදී අක්කෝස භාරද්වාජ බමුණා ගිහින් උන්වහන්සේ මුණ ගැසුණා. අක්කෝස භාරද්වාජ බමුණා බුදුන් රජාණන් වහන්සේට බැන්නා, නිග්‍රහ කළා, අපහාස කළා, අවලාද නැගුවා, දොස් කිව්වා. ඒ සියල්ලට සවන් දුන් බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා.
බමුණ, ඔබට මිතුරන්, නෑදයන්, දන්න පිරිස් හිතවන් ඉන්නවද ? ඔව් මට ඉන්නවා යැයි බමුණා පිළිතුරු දුන්නා. ඔවුන් ඔබේ නිවසට පැමිණෙනවාද ? ඔව් පැමිණෙනවා යැයි බමුණා කියා සිටියා. ඔබ ඔවුන්ට ආහාර දෙනවාද ? සංග්‍රහ කරනව ද ? ඔව් මම ඔවුන්ට සංග්‍රහ කරනවා. කවුරුන් හෝ එම ආහාර අනුභව කරන්නේ නැතිනම්, සංග්‍රහ පිළිගන්නේ නැතිනම් ඒවා කාට ද අයිති වන්නේ ? ඒවා අයිති වන්නේ මට යැයි බමුණා පිළිතුරු දුන්නා.
ඒ අනුව ඔබගේ බැණ වැදීම්, අවලාද අපහාස හා නිග්‍රහ මා පිළිගන්නේ නැතැයි බුදුන් වහන්සේ එහිදි කියා සිටියා.
ඒ වගේම මට අවලාද නැගුවා. මම අවලාද නැගුවේ නැහැ. මට දොස් කිව්වා. මං දොස් කිව්වේ නැහැ. මට නිග්‍රහ කළා. මං නිග්‍රහ කළේ නැහැ. මට නින්දා කළා. මම නින්දා කළේ. මට කරපු සියල්ල බමුණ ඔබට බාරයි”.
ඡායාරූප චතුර එස් .කොඩිකාර







COMMENTS
ඔව් ඔව් ඔතන ඉන්න 225 ම කියන්නේ අනේ මම හොදයි අනිකා නරකයි කියන එකනේ නිතරම...... අපි නොදන්නා අවංකයෝ..ම්ම්...කොහොම කිව්වත් 225 ම තම තමන්ගේ හිත දන්නවා අනේ අපි කොච්චර බොරු කරලා තියෙනවද කොච්චර බොරු කරමින් ඉන්නවද කියල. ඉතින් අපිට " පතෝල පොඩි " කරන්න එපා හොදේ ....ඇහුනද 225 වූ තක්කඩි ගොන් රැල ....
දැන්නම් බුදුදහම ගැන කියනවා, පිරිත් කියවනවා අහනවා, බුදු බණ වදාරනවා තමන්ට කරදරයක් විපතක් උනහම විතරක් ඔවා මතක් වෙලාහරි යන්නෙ නැහැ. හිතෙ භක්තියක් තියෙන්න ඔනා බලය තියෙනකොට බුද්ධ සාසෙනයට කරපු දෙවල් අමතකද..? හරියට සමාන්‍ය මිනිසුන් වගෙ තමන්ට කරදර උනාම දෙයියන්ටයි බුදුන්ටයි වදිනවා වගෙ වැඩ ඔවා හිනහත් යනවා දැන්නමි...
මෙයා චෝදනා ප්‍රතික්ෂේප කරලා .. අරය උසාවි නියෝග ප්‍රතික්ෂේප කරනවා....... සැබෑ නායකයොලු.....
ඔබගේ මොන වැරදි තිබුණත්, නියම පිළිතුරක්..
ජනතාවගේ දුක දැනගන්න නම් ගෝල්ෆේස් හෝටලේට තමයි යන්න ඕනේ.
බණඩාරනායක මහතා රටේ කාලින ප්‍රශ්නයක් නොවෙයි. එතුමාත් එජාපෙන් ඉවත් උනෙත් එජාපෙ මෙරටට ගැලපෙන පක්ෂයක් නොවෙයි කියා තීරණය කල නිසා. ඒ ටිකම මෛත්‍රී මහතාත් රටට හෙලිකලා. රනිල් මොන විත්ති කරුද කියන්නේ මම වැරදි කරු කියා. අනික රටේ ජනතාවටද ඔබ ඔය කියන්නේ?
ජනාධිපති මෙයාට චෝදනා කලේ සාක්ෂි සමඟින්. ඒවා නිකම්ම ප්‍රතික්ෂේප කළා කියල වැඩක් නැහැ. එහෙම බේරෙන්න බැරිය. සාක්ෂි ඇත්ත බව මහා ජනයා දැකල තියෙනවනේ.
මැතිතුමණි යම් දිනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් හෝ එහි වෙනසක් කරන්නේනම් ජනාධිපතිටත් අගමැතිටත් ඇමතිවරුන්ටත් පංති උපාධියක් වත් තිබිය යුතුයි කියලා සංශෝධනය කරන්න. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීලාටත් උසස්පෙළ සම්මාන සහිතව සමත්වීමවත් අවශ්‍ය ලෙසට කටයුතු කරන්න. ඒ වගේම දහම්පාසැල් අවසාන විභාගයත් අනිවාර්ය කරන්න එවිට මෙවැනි ප්‍රශ්ණ ඇතිනොවේවි.
ගරු ජනාධිපති තුමනි, පුලුවන්නම් පිළිතුරු දෙන්න.
මහත්මාගතිගුණ තිබෙන අය තමයි යූඑන්පී එකේ කවදත් හිට්යේ. මෙතුමා කවරදාකවත් හතුරෙකුටවත් කැත වචනයෙන් බනින්නේ නැහැ. උගත්කම කියන්නේ ඕකට තමා.
පවි අප්පා දැන් බුදු බණත් දේශනා කරනවා. තමන්ට කරදරයක් වුනාට පස්සෙ බදුන් දෙවියන් මතක් වෙලා වැඩක් නැහැ මහත්තයො මතක නැද්ද බලය තියෙනකොට සංඝයා වහන්සෙලාට කල පරිභව හිරි හැර එහෙම. කමක් නැහැ දැන් පිරිත් අහනවා ,බණ කියනවා පන්සල් යනවා හරිම ෂොක් මෙයාලා.
මොන නරක වැඩ කරත් මෙතුමාගේ ඉවසීමේ ගුණය ගරුකළ යුතුයි.
දැන් තමය බුදු බණ මතක් වෙලා තියෙන්නේ...අරලිය ගහ මන්දිරේ පිරිත් කියන එක නැවැත්තුවානේ.....
චෝදනා ප්‍රතික්ෂේප කරනවා කියලා නිකම්ම ඕනේ කෙනෙකුට කියන්න පුළුවන්.
පොදුවේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා වෙනුවට එකින් එක චෝදනාවලට උතර දෙන්න. සුබ පැතුම්.!
රනිල් වික්‍රමසිංහ මහතානනි, දෙන්නට පුළුවන් නියම පිළිතුර ඔබ දී ඇත .
ඔබ ඔබගේ මහත්මා ගතියත් ඔහු ඔහුගේ නැහැදිච්ච ගතියත් පෙන්නුම් කලා පමණි.
නියම පිළිතුර............
මොනව කියුවත් අර "හිරිවැටිලා" ඉන්නව කියපු කතාව නම් හරියට හරි , එක ඕනෙම කෙනෙක්ට පෙනෙනවා
මේක නම් රිදෙන්නම දීලා. මොන වැරදි තිබුනත් ඔබගේ මහත්මා ගතියට මගේ ආචාරය රනිල් වික්‍රමසිංහ මැතිදුනි.
" පිරුනු කළේ දිය නොසැලේ "
ඔබේ කතාවේ කියල තියෙනවා දුෂණය නවත්තනවා සංවර්ධනය දියුණු කරනවා ප්‍රජතන්ත්‍රවාදය, සාමය මේ කියන ඒවා ඔක්කොම වචන විතරද? අපි නම් ඒ එකක්වත් දැක්කේ නැනේ සුරඟන කතා ද මේ කියන්නේ හැමෝම
වික්‍රමසිංහ මහතාගේ මොන වැරදි තිබුණත්, උගත්කම සහ නූගත්කම අතර වෙනසත් , හැදියාව සහ නොහැදියාව අතර වෙනසත්, මේ කතාවෙන් අගේට පැහැදිලිවෙනවා .
මහා බැංකුව යාලුවෙක් දාලා සුද්ද කරනකොට යාලුවට චරිත සහතික දෙනකොට ඔහොම කතා කිව්වේ නැහැනේ.
මහා බැංකුවටත් ඕකම කියන්න
මොහු තරම් අසහාස ලබපු, ඉවසීම උපරිමයෙන්ම ප්‍රගුණ කරපු, නොරුප් වචන භාවිතා නොකරපු දේශපාලකයෙක් නැත්තටම නැති තරම්....
නියම පිළිතුරක් දී තිබෙනවා .
මොනදේ උනත් අපේ දහමට අනුව කල දේ පල පල දේ කියනවනේ, ඔබතුම කීවා වගේ වරදක් ඇත්නම් මහජන සාපයෙන් මිදෙන්න කාටවත්ම බැරි වේවි.
මෙයාගේ පිළිතුර වුයේ " මට කීව චෝදනා මම බාර ගන්නේ නැහැ කියන එකයි". චොදනා වැරදී කීවේ නැහැ. ඒ සමගම මෙතනට කිසිසේත් නොගැලපෙන උපමාවක් අන්දාගෙන තිබුනා. ඔබේ පිළිතුර ඕනෙම විත්තිකරුවෙක් උසාවියේ කියන දෙයක්. එහෙම නොවෙයි රනිල් අපි රටේ ජනතාව අපි දන්නවා 30 වතාවක් රටේ ජනතාව ඔබව පරාජය කලේ ඇයි කියලා. රටට කියන්න ඔබ රටට කල සේවය මොකක්ද කියලා 2018 පෙබරිවාරි මස ඡන්දෙන් ඔබට තිබුණ ප්‍රතිචාර දැක්කා නේද? ඒක දැන් වෙනස් වෙලා කියා ඔබ හිතනවාද? ඔබේ ඔය කතාවේ ඔබ වටේම ඉන්න ගැත්තන් චූන් කරන්න මිස අනික් මිනිසුන්ට හිතන්නවත් දෙයක් නැත. කියන්න ඔබේ ඔය කතාවේම අරුත මොකක්ද?
අවලාද කීවා දොස් කීවා කියන්නේ බැන්නා අපහාස කල කියලා නොවෙයි. සිංහල නොදැන කතා කොරන්න ගියාම ඔහොම ටැපලෙන වා තමයි. ඔබේ ඔය කතාවේ කිසිම අරුතක් නැත. නමුත් මෛත්‍රී මහතා කල කතාවේ අපි අවුරුදු 4 ම දැක්ක සත්‍ය තිබුනා. ඔබ මෙරටට නායක කමට නුසුදුසු කෙනෙක්. ඔබේ සංස්කෘතිය මේ රටට කිසිසේත් ගැලපෙන්නේ නැතිබව අපි බොහෝකලකට පෙර කී කීවෙමු .
මේ සියල්ලෙන් රටම දැනගත්තා අවුරුදු 3 මාරක් රට විනාශ කලේ කවුද කියලා
මෙයා පත්කරපු කමිටුවකින් නේද අර්ජුන මහත්තයා නිදොස් කර නිදහස් කරේ....
අමල් දේශප්‍රිය, ජනාධිපති මොකටද මම උත්තර දෙන්නම්. රනිල් ප්‍රශ්නයක් අසුවාද? මොකක්ද ප්‍රශ්නය?
කතාව නම් මම අහවල් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය නමුත් හසුන්ගන්නේ ගිහියන් හා උරෙන් උර ගැටී... වාඩි වෙන්නාට සංඝ ඝරුත්වයක් නැතිව ඇති. නමුත් සංඝ රත්නයට ගරුත්වයක් තිබෙනවා.. එය රැකපල්ලා. 95000කට සංඝ සසුනම, බුද්ධ සංස්කෘතියම පාවා දෙන්න එපා. ජනාධිපතිගේ කතාව හරි මේ අයට සංස්කෘතියක් නැත. මේ ගිහියන්ට වැරදි තැන පෙන්වා දීපල්ලා...
හලෝ රනිල් ප්‍රතික්ෂේප කිරීමයි, පිළිතුරු දීමයි කියන්නේ දෙකක්. අපිට දැනගන්න ඕනේ ඔබේ පිළිතුරු... අපි ඔබව හඳුනා ගන්නේ ප්‍රශ්නවලට දෙන පිළිතුරුවලින් මිස ප්‍රශ්නවලින් පැනයන විදිහෙන් නොවේ...