IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ජනතාවට සේවය කරන්න දේශපාලනය කරන්නම ඕනෑ නැහැ

(හැටන් රංජිත් රාජපක්ෂ)                      
රටේ ජනතාවට සේවය කරන්න අවශ්‍ය නම් දේශපාලනයට පිවිසෙන්නේ නැතිව රටට සේවය කළ හැකි බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය.

මුත්තයියා මුරලිදරන් මහතා ඒ බව කියා සිටියේ ඒ මහතා සමාජිකයකු වශයෙන් කටයුතු කරන ගුණ-ජය-සතුට පදනම මගින් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් 22 කට අයත් සිසු සිසුවියන් 850 දෙනෙකුට පාසල් පොත් බෑග පිරිනැමේ අවස්ථාවකදීය.

2019 නව පාසල් වාරය  වෙනුවෙන්  රු 2300 ක් වටිනා පොත් බැග කට්ටලයක් අද (05) හැටන් ඩි.කේ.ඩබ්ලිව්.ශාලාවේදි ගුණ-ජය-සතුට පදනමේ අනුග්‍රහය ඇතිව බෙදා දිමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදි අදහස් දැක්වු මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ තමන් ජනතාවට සේවය කරන්නේ දේශාපාලනට පිවිසිමේ අරමුණින් නොවන බවත්, රටේ ජනතාවට තමන්ගෙන් සිදු විය යුතු යුතුකමක් ඉටු  කිරිම සඳහා බවයි.

රටේ ජනතාව නිසි ලෙස බදු ගෙවා ඔහුන්ගේ සේවය රටට නිසියාකාරව කර දේශාපලනයේදි නිසි තීරණ ගන්නේ නම් මේ රට මීට වඩා ඉහල තත්ත්වයක තැබිය හැකි බවද මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේය.

මේ රටේ 45% ක ජනතාවක්  ඩොලර් දෙකක් වැනි දෛනික වැටුපකට රැකියාව කරන බවත්, එම වැටුපෙන් එම ජනතාවට ජිවත් විය නොහැකි නිසා ඔහුගේ ජිවන තත්ත්වය ඉහල දැමීමට රටේ දේශලපාලනඥයින් කටයුතු කල යුතු බවද ඔහු සඳහන් කළේය.  රටේ දේශපාලඥයින් බල තණ්හාවෙන් බියෙන් ජිවත්වන දේශපාලඥයින් බවත්, දේශාපලන කිරිමේදි නිසි ලෙස තම සේවය ඉටු කරන්නේ නම්  බියෙන් ජිවත් වීමට අවශ්‍යතාවයක් නොමැති බවද මුරලිදරන් මහතා පෙන්වා දුන්නේය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්  ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය පිලිබදව තමන් කණගාටු වන බවත්, එයට ක්‍රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ද වගකිය යුතු බවත් මුත්තයියා මුරලිදරන් මහතා පැවැසීය.

ඔහු වැඩිදුරටත් පැවසුයේ වතු කම්කරුවන් මේ රටේ අඩු වැටුපකට සේවය කරන ජනතාවක් බවත්, ඔහුන්ගේ ජිවන තත්ත්වය මිට වඩා ඉහල දැමිමට ඔහුන්ගේ දෛනික මුලික වැටුප රු 1000 කට වඩා වැඩි විය යුතු බවත් පැවසීය.



අදහස් (32)

ජනතාවට සේවය කරන්න දේශපාලනය කරන්නම ඕනෑ නැහැ

Raveenda Saturday, 05 January 2019 01:59 PM

ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. ඇත්තෙන්ම තමන් උපන් රටට සේවය කිරීමට දේශපාලනය කිරීම හෝ තනතුරු තිබීමද අවශ්‍යම නැහැ. අද දේශපාලනය කරන සෑමදෙනාම තමන්ගේ පැවැත්ම, තමන්ගේ බඩගෝස්තරේ, තම තමන්ගේ මූසල නම් ප්‍රසිද්ධ කර ගැනීම මහජන බදුමුදල්වලින් සුර සැප විඳීමේ චේතනාවෙන් දේශපාලකයන් වී ඇති බව නම් ඉතාමත්ම පැහැදිලියි.

:       0       0

Bamunuarachchi Saturday, 05 January 2019 02:09 PM

මෙන්න වැඳලා දේශපාලනයට ගෙන්න ගන්න ඕනේ මහත්වරු... හැබැයි මුරලිදරන් මහත්මයෝ ඔහොම හිතලයි රණතුංගවත් දේශපාලනයට ගත්තේ. දෙදෙනාම ගැසුවේ ක්‍රිකට් වුණාට ජාතියේ වෙනසක් නිසා මට ඔබව හොඳටම විශ්වාසයි...

:       0       105

ධනුෂ්කSunday, 06 January 2019 01:09 PM

බමුණු මහතාට දිවවල් කීයක් තියනවද දන්නෑ... වෙලාවකට මේ මිනිස්සු පෙනෙන්න බෑ. මේත් දෙමළ මිනිහෙක් තමයි...

:       42       3

BamunuarachchiSunday, 06 January 2019 06:00 PM

ඒ ඔබලා යමක් කියවා තේරුම් ගන්න හැටි. දුටුගැමුණු රජතුමා එළාරට විරුද්දව සටන්කර, පොතේ සඳහන් ආකාරයට කෙසෙල් කඳන් පෙති ගසන්නසේ පෙතිගසා පරාජය කළා. නමුත් එළාර රජතුමාගේ සොහොන ලගින් යනවිට අසුපිටින් බැසයාමට නියෝග කළා. අපි විරුද්ධ ජාතියක් හැටියට දෙමල ප්‍රතිපත්ති වලට මිස අපිට එදිනෙදා හමුවන සුබ්බ්‍රමනිම්ට වත් සින්නලින්ගම්ටවත් නොවේ. මුරලිතරන් අරගොඩට වැටෙන ද්‍රවිඩයෙක් නොවේ.

:       1       0

BamunuarachchiSunday, 06 January 2019 06:06 PM

එයා දෙමල නමින් පමණයි. විවාහ උනෙත් ඉන්දියානු කාන්තාවක් සමග. සිංහලයා කවද කියා ඔහු හඳුනයි.

:       1       0

Bamunuarachchi Saturday, 05 January 2019 02:18 PM

මුරලිදරන් මහත්මයෝ කම්කරුවන්ට 1000 ගානේ ගෙවලා අපි තේ කිලෝඑක කීයට විකුණන්නද? අපිත් සමග ඉන්දියාව තරඟ කරන බව මතක තියාගන්න. ඉන්දියාවේ කම්කරුවන්ට කීයක් ගෙවනවාද කියා පළමුව සොයා බලන්න. ඊට වැඩි මුදලක් අපිට ගෙවන්න කියනවා නම් මේක ඉන්දියන් කුමන්ත්‍රණයක්. මොකද අපේ මිල වැඩි වුනොත් එ්ක ඉන්දියානු තේ වලට වාසියක්...

:       144       122

chamath Saturday, 05 January 2019 02:23 PM

ඔබතුමාගේ කතාවට මම 100ට 100ක් එකඟයි. සම්පූර්ණයෙන්ම සත්‍ය කතාවක්..

:       873       598

ප්‍රදීප් Saturday, 05 January 2019 03:36 PM

සහතික ඇත්ත කතාව. දේශපාලකයෙක් නොවන තරමට අවංක සේවයක්ද කළ හැකියි.

:       742       1015

BamunuarachchiTuesday, 08 January 2019 02:08 AM

මහත්මයෝ දේශපාලකයෙකුගේ වැඩ කොටස පොත් බෙදා දීමට ආපදා ආදාර බෙදා දීමට සීමා වෙන්නේ නැහැ. රටට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට රටටම සේවයක් කිරීමට ක්‍රීයාකාරී දේශපාලනයේ සිටිය යුතුයි. මුරලිධරන් මහතාගෙන් සේවයක් ගැනීමට ඔහු ක්‍රීයාකාරී දේශපාලනයට ගතයුතුය. නමුත් මොකක්ද ගැරන්ටිය? රවී කතා කොරන විදිහටද වැඩකටයුතු කලේ. එජාපයෝ කියා ජාතියක් ඉන්නාවිට රවී වැන්නවුන් දේශපාලනයෙන් අතුගා දමන්න පුලුවන්ද? රනිල් ගැනත් ඔය ටිකමය.

:       0       0

ප්‍රදීප් Saturday, 05 January 2019 03:36 PM

සහතික ඇත්ත කතාව... දේශපාලකයෙක් නොවන තරමට අවංක සේවයක්ද කළ හැකියි.

:       1094       490

ගල්කටස් Saturday, 05 January 2019 03:54 PM

ඔබගේ අදහසට ගරුකරන අතර අප අමතක නොකළ යුතු දෙයක්ද අැත. ඔබතුමන් තරමින් නොවුණත් ප්‍රසිද්ධියක් නොලබා තමන්ට පුළුවන් තරමින් උදව් කරන විශාල ප්‍රමාණයක් අප ජන සමාජය තුළ සිටින බව... අද ගොඩාක් අය පොඩි වැඩක් කරලා මාධ්‍ය සංදර්ශන පවත්වනවා නමුත් බොහෝ පිරිසක් එවන් සංදර්ශන නොකර තමන්ගෙන් ඉටුවිය යුතු දේ කර නිහඬව ඉන්නා බව අමතක නොකළ යුතුයි. දේශපාලකයින් සහ එන්.ජී.ඕ. නඩ කරන්නේ කොහෙන් හරි ලැබෙන දෙයින් භාගයක් තමන් ලබාගෙන ඉතිරිය ජනතාවට බෙදීමයි. නමුත් අප ඔබතුමාට ගරුකරනවා. ඔබට කළ හැකි හොඳම දේ නියම විදිහට කිරීම සම්‍බන්ධව... ජනතාවගේ අාදරය ඔබතුමාට නිසැකවම ලැබෙනවා.

:       0       0

chandima Saturday, 05 January 2019 05:24 PM

ඔය කීවාට බැරුව ඇති... අර රංගේ බණ්ඩාර කියන්නේ ඇමතිකමකුත් නැතුව ජනතාවට සේවය කරන්න බැහැ කියලා...

:       0       1

දිනේෂ් දුමින්ද Saturday, 05 January 2019 05:48 PM

එකෙන්ම... මේ වගේ මිනිස්සු දේශපාලනයට එනවානම් රටට හොඳයි.

:       0       1

Dineshduminda5 Saturday, 05 January 2019 05:52 PM

එකෙන්ම...

:       0       1

කාංචනා Saturday, 05 January 2019 06:34 PM

මුරලිදරන් කිව්වේ ඇත්ත... දේශපාලනය ඕනේ ජනතාවට උදව් කරන්න නිදහසේ ගිහිල්ලා ජනතාවට උදව් කරනවා.

:       0       1

Mahee Saturday, 05 January 2019 07:16 PM

ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්... රටට සේවය කරන්න නම් දේශපාලනය අවශ්‍ය නැහැ තමයි. හැබැයි ජනතාවට මොන ආකාරයක හෝ නායකත්වයක් දී ඔවුන් ඉදිරියට මෙහෙයවීමට හැකි ජනබලයක් තිබිය යුතුමයි. දැන් ඔබ ඉන්න සංවිධානය වැනි ආයතනයක් නැතුව විශාල ජනතාවකට සේවය කරන්න බැහැ.. දේශපාලනයට ඇවිත් හොරකම් නොකළ ලින්කන්, කස්ත්‍රෝ, ලී ක්වාන් යු, මහතීර් මොහොමඩ් වැනි අය ලෝකයේ ඉතා දුර්ලභ නිසා දේශපාලනය නොකරන එක තමයි වඩාත් හොඳ. ලංකාවෙත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න බව දැන්නම් පෙනෙනවා...

:       0       0

Jehaan Saturday, 05 January 2019 07:52 PM

ජනතාවට සේවය කරන්න දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ තමයි. එ්ක ඇත්ත... නමුත් අට පාස් නැති, කිසිම වෘත්තීය සුදුසුකමක් නොතිබුණු සමහර මිනිස්සුන්ට දේශපාලනය නැතිනම් එල්ලෙන්න වැල් නැහැ. සමහර දේශපාලකයන්ගේ පවුල් පිටින් දේශපාලනයට එනවා නම් එ්කේ තේරුම මොකද්ද? ජනතාවගේ බදු මුදලින් බඩකට පුරවා ගැනීම ඇරෙන්න වෙන මොකුත් වැදගත් ආදායම් මාර්ගයක් හතර වරිගෙටම නැහැ කියන එක නේද?

:       0       2

dd Saturday, 05 January 2019 09:08 PM

1965 - 1970 කාලේ තමා දන්නා තරමින් අවංක දේශපාලනය තිබුනේ. දැන් ලංකාවේ ඒ මහත්මා දේශපාලනය කළ නොහැක. දැන් කළහැකි වන්නේ යහපාලන දේශපාලනය... දුටුවනේ කොහොමද යහපාලනය කියලා. ඉතින් ඔබතුමා දේශපාලනය ගැන හිතන්නේ වත් නැති තරමට හොඳයි. ලෝකයක් ජය ගත්තු ඔබ ශ්‍රේෂ්ටයි මුරලි. ඔබටතුමාට ජය !!!

:       0       1

Nandalal DE SILVA - France Saturday, 05 January 2019 09:41 PM

අපේ රටේ දේශපාලනයට ඇතුල් වී තිබෙන බොහෝ දෙනෙක් ඒක කරන්නේ "සේවය" සඳහා බව ඔවුන්ම කියනවා! නමුත් එම තියරිය අපේ රටේ ජනතාවට නොතේරීම කණගාටුවට කරුණකි. වෙනත් විදියකට කියනවා නම්..."සේවය" යනු රටට හා රටවැසියාට නොවෙයි. එම "සේවය" ඔවුන් කරන්නේ තමන්ට සහ සිය නෑ හිතවතුන්ට පමණක් යයි කිවුවොත් එය 100% නිවැරදි යයි මගේ මතයයි. නැත්නම් කොහොමද පෙට්ටි කඩවල් කරමින් ජීවත් වූ අය සුවිසල් මන්දිරවල සැපට වසන්නේ?

:       0       7

Sunny Saturday, 05 January 2019 10:17 PM

අපේ මිනිස්සු දේශපාලනයට බහින්නේ රටට සේවය කරන්න නොවේ. තමන්ට සේවය කරගන්න.

:       0       1

ලුම්බිණි Saturday, 05 January 2019 11:25 PM

'ජනතාවට සේවය කරනවා' කියන කතාව ලංකාවේ දේශපාලකයින් දමාගන්න වෙස් මුහුණක්...

:       0       1

ajith Sunday, 06 January 2019 01:31 AM

දේශපාලනයක් අපේ රටේ තියෙනවද? තමතමන් පොහොසත් වීමේ සහ බලතණ්හාවේ පොරයක නියැලෙන සත්තු කොට්ටාශයක් නම් දියවන්නාව පැත්තේ ඉන්නවා. අපේ අවාසනාව ශ්‍රී ලංකාවේ ජනතාවට යහපතක් වෙන්නේ කවදා හරි ඔබතුමා වැනි අදහස් දරන උගතුන් රට පාලනය කරන දවසකයි. දේශපාලන වහල් භාවයෙන් මිදිය හැකි තරමට මිනිස් බුද්ධිය දියුණු වූ දවසකයි...

:       0       1

Shantha qatar Sunday, 06 January 2019 03:15 AM

ඔබතුමා වගේ ගුණ ගරුක මහත්තයෙක් අපේ රටට සම්පතක්..... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!!!!!!!!!!!!!

:       0       6

දිලුම් Sunday, 06 January 2019 03:43 AM

ඒ උනාට ඔය ඇත්ත අපේ රටේ ජන හරකුත්ට තේරෙන්නේ නෑ. ඡන්දයේදී ඇස් පියාගෙන ගිහින් කැපුවත් කොළ කැපුවත් නිල් කියල ගහල ඇවිත් බැන බැන ඉන්නවා.

:       0       6

Muditha Sunday, 06 January 2019 04:25 AM

ඒ උනාට සල්ලි හොයන්න දේසපාලනේ ඕනෙනේ

:       1       0

Nishantha Sunday, 06 January 2019 05:33 AM

මේ රටේ ඉන්න දේශපාලකයෝ රට විනාශ කරනවනේ.. මේකට විරුද්ධ ක්‍රමවේදයක් ඔබතුමන්ලාට හදන්න බැරිද?

:       0       3

Bamunuarachchi Sunday, 06 January 2019 07:24 AM

මුරලිදරන් මහත්මයා ක්‍රීයාකාරී දේශපාලනයේ නොසිට ජනතාවට කරන්න බැරි දේ බොහොමයි. එමනිසා ඔබ වැන්නවුන් ක්‍රියාකාරී දේශපාලනයේ අවශ්‍යයි. එ්ත් ඔබ වැනි අය දේශපාලනයට පැමිණියාම ඔබලාව වෙනස් කරන වෙන බලවේග තිබෙනවා. ඒවායින් මිදීම ලෙහෙසි නැත. දේශපාලන මාෆියාවන් තිබෙනවා. ඒවාට අවනත නොවුනොත් 1970වේදී ඔබ ක්‍රීඩා කරපු තරඟයක ඔබ වංචාකළ කියා ප්‍රසිද්ධ කරාවි. එහෙම කාලකන්නි රැලක් ලංකා දේශපාලනයේ ඉන්නේ. ඔය ඉන්න විදිහටම ජනතාවට සේවයක් කරගෙන ඉන්න. හැබැයි දේශපාලකයන් සතේකට මායිම් කරන්න එපා. අපි කාටවත් කොඩි වන්නේ නැහැ... කොටින්ම පාරේදී හැරිලා වත් බලන්නේ නැහැ.

:       1       6

Nandalal DE SILVA - France Sunday, 06 January 2019 06:14 PM

මෙහෙම "වැදිබණ" දෙසපු බමුණෝ අපේ බුදුසමිඳුන් වැඩසිටි කාලයේත් හිටියා.

:       0       1

BamunuarachchiTuesday, 08 January 2019 02:15 AM

හලෝ බමුණුආරච්චි ගේ බමුණු කම හොයන්න එපා. බමුණුආරච්චිගේ අදහසේ වැරද්දක් තිබෙනවානම් පෙන්වන්න. ඒක බමුණුආරච්චිටත් දැනගන්න වටිනවා. ඒ කියන්න බැරිනම් ඔබ බුදුසමිදුන් වදාළ පරිදී වසලයෙක් වෙනවා.

:       1       0

Raveendra Sunday, 06 January 2019 08:18 AM

සහතික ඇත්ත ගවයන්ට මිහරකුන්ට ඡන්දෙ දීලා අැද අැද ඉන්නවා . එක අතකින් බැලුවම ජන හරකුන් ගවයන්ට, මිහරකුන්ට අම්බරුවන්ට ඡන්දෙ දෙනවා හැර මිනිසුන්ට ඡන්දෙ දෙන සිරිතකුත් නැහැනේ. තම වර්ගයා ගැන හොදින් හිතන එකත් ලොකු දෙයක්.

:       0       0

vipula Monday, 07 January 2019 03:32 AM

දේශපාලකයන්ට බනින්න එපා . රටේ ජනතාව තමන්ගේ ඡන්දෙන් පත්කරන්නේ තමන්ට අවශ්‍ය පෞද්ගලික වැඩ කරගන්න පුළුවන් කොට්ටාශයක්. රටේ ජනතාව මෙයට වග කියන්න ඕනේ

:       0       0

Bamunuarachchi Monday, 07 January 2019 12:51 PM

බමුණුආරච්චි ඒ කාලේ හිටිය බමුණු ගණයට වැටෙනවා නම්... සිදුහත් කුමරුවා ඉස්සෙල්ලම පෙන්වන්නේ ගෙනාවේ බමුණෙකුටයි. ඔබ ඒ කාලේ සිටියා නම් සිටියේ බමුණන්ට පහළින් නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 858 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 4908 4

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 103 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


මානව හිමිකම් සැසියේ ලංකාව ගැන කෙටුම්පත රජය ප්‍රතික්ෂේප කරයි
2024 ඔක්තෝබර් මස 08 1583 0

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලක


විෂ පොල්තෙල් වෙළඳපොළේ
2024 ඔක්තෝබර් මස 08 668 0

විෂ කාරක පොල්තෙල් (ලූස් තෙල්) වෙළඳපොළේ සුලභව පැතිර ඇති හෙයින් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසු වන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජන


දේශගුණ බලපෑම් අවම කරන්න කලාපීය ගිවිසුමක්
2024 ඔක්තෝබර් මස 08 197 0

දේශගුණික විපර්යාස වල තීව්‍ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39421 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25697 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 346 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1155 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 397 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site