(අංජුල මහික වීරරත්න)

අරලියගහ මන්දිරයේ උත්සවයට ආවේ නැතිනම් මහපොළ දෙන්නේ නැතැයි රජය පවසා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ජනතාවට රටේ බදු මුදලින් දෙන ප්‍රතිලාභ වලට රැස්වීම් අවශ්‍ය නැති බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ අලුත්ම සංදර්ශනය වන්නේ මහපොළ උත්සවය බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන මහපොළ උත්සවයට පැමිණ ලියාපදිංචි වී එම සහතිකය ඉදිරිපත් කළොත් පමණක් මහපොළ ශිෂ්‍යාධාර ලබා දෙන බව සඳහන් කර ඇතැයිද විපක්ෂ නායකවරයා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනයේ සමගි වනිතා බලවේගයේ ජන හමුවක් අමතමිනි.