IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘

(නිමල කොඩිතුවක්කු)

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට නොහැකිවීම ගැන කණගාටු වන බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා කොලඹදී අද (15) පැවසීය.

ජනතාවගේ අභිමතාර්ථ ඉටු කරනවා වෙනුවට වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන්  තම  අවශ්‍යතා වෙනුවෙන්  රටේ නීති රීති වෙනස් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතිත්වයක් කරා රට ගෙන යමින් තිබෙන බවද  සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව රාජගිරියේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා මෙසේද කීය.

           “දැන් මේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අයිතිකාරයෙක් නැහැ. මේක හැදුවේ කවුද කියලා ව්‍යවස්ථා කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු අලි සබ්රි දන්නේ නැහැ. ජී එල් පීරිස් මහත්තයා දන්නෙත් නැහැ. උදය ගම්මන්පිල , විමල් වීරවංශ යන මහත්වරු දන්නෙත් නැහැ. රටේ අගමැතිටත් ඒකට උත්තර නැහැ.

තමන් දන්නෙ නැති ව්‍යවස්ථා කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇයි කියලා අපි රටේ අධිකරණ ඇමතිගෙන් අහනවා. ඔහු වගකීම් විරහිතව කටයුතු කරල කියලා මේකෙන් පැහැදිලි වෙනවා.

දේශපාලන පක්ෂවලින් , සිවිල් සංවිධානවලින් , ජනතාවගෙන් විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විශාල විරෝධතාවයක් එල්ලවෙලා තියෙනවා.

රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන මේ පනත් කෙටුම්පත පැය විසි හතරක් තුළ ඉදිරිපත් කර තිබෙනවා. රටේම  මූලික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ විදිහට වගකීම් විරහිතව සංශෝධනය කරන්න හේතුව මොකක්ද කියලා මේ අය වහාම රටට හෙළි කළ යුතුයි.

ජනතාවගේ අභිමතාර්ථ ඉටු කරනවා වෙනුවට අද මේ අය ඔවුන්ට අවශ්‍ය විදිහට රටේ නීති රීති වෙනස් කරමින් යනවා.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතිත්වයක් කරා රට ගෙන යමින් තිබෙනවා. එම්.සී.සී ගිවිසුම  අත්සන් කරලා තමන්ට ඕන ඕන විදියට වැඩ කරන්න තමයි මේ අය ලෑස්ති වෙන්නෙ.

දැන් මිනිස්සුන්ට සල්ලි නැහැ, රැකියා අහිමි වෙලා, ආදායම් මාර්ග අහිමි වෙලා, ජීවන වියදම ඉහළ ගිහින්. මේවා තමයි මිනිස්සුන්ට තියෙන ඇත්ත ප්‍රශ්න. මේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව 20 ගෙනල්ලා තමන්ගේ අභිමතාර්ථ ඉටු කරමින් යනවා. මේක ජනමතයට පයින් ගැහිල්ලක් කියලා අපි දකිනවා.

දැනටමත් මේ ආණ්ඩුව නීති විරෝධීව කටයුතු කරනවා. මේ ආණ්ඩුව පත් වෙච්ච මේ කෙටි කාලය තුළ කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩලා දැම්මා, සිංහරාජය මැදින් පාරක් කැපුවා, පුත්තලම අභයභූමිය විනාශ කළා. මේ එකකටවත් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.

මේ ආණ්ඩුව පත්වෙච්ච ගමන් එතනෝල් ගෙන්වීම තහනම් කරා කිව්වට ජනවාරි සිට  අගෝස්තු 31 වෙනිදා වෙනකම් එතනෝල් ලීටර් විසි එක් ලක්ෂ හැත්තෑදහස් නමසීය හැට එකක් ගෙනල්ලා තියෙනවා. විස්කි , බ්‍රැන්ඩි  සහ වයින් තොග වශයෙන් මේ කාලය තුළ ගෙන්නලා තියනවා.

ඒත් රටට අවශ්‍ය කහ ගේන්න මේ අය කටයුතු කරලා නැහැ. ආණ්ඩුවේ සෞභාග්‍ය දැක්ම මේකද කියලා අපේ ප්‍රශ්න කරනවා.

කෝපා කමිටුවල සභාපති තනතුරු සඳහා ආණ්ඩුවේ  මන්ත්‍රීවරු පත්කර  තිබෙනවා. මේ දෙකේම මෙයට පෙර හිටියේ  විපක්ෂයේ මන්ත්‍රීවරුන්. ඒ නිසා තමයි මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ.

ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය ඇතුළු ආයතන විගනණයෙන් ඉවත් කරලා තියෙනවා. දැන් විගණකාධිපති විමර්ශනය කරන්නේ මොනවා ගැනද කියලා අපි අහනවා. වංචාවට දූෂණයට අවස්ථා ලබාගන්න තමයි මේ දේවල් කරන්නේ.

19 තියෙද්දී මෙහෙමනම් 20 සම්මත වුනොත් මේ අය කොහොම රට පාලනය කරයිද කියලා ජනතාව තේරුම් ගත යුතුයි. මෙහෙම සංශෝධනයක් ජනතාව ඉල්ලුවේ නැහැ.

තමන්ගේ පැවැත්ම ගැන හිතන්නේ නැතුව රටත් ජනතාවත් ගැන හිතන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මේ ඒකාධිපති වැඩපිළිවෙළට එරෙහි එකතුවන්න කියලා නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන පිරිස්වලින් අපි ඉල්ලා සිටිනවා.

 



අදහස් (0)

‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31137 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site