(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
රොයිටර් පුවත් සේවය කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය නිසා සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා සඳහන් කර ඇත.
රොයිටර් පුවත් සේවය එම විමසීම කර ඇත්තේ අඟහරුවාදා (20) දිනයේදීය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය මඟහරිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනකට ගමන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීම අනුමත කරන ලදි. ඒ අනුව මේ දක්වා කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට එම ණය මුදලින් එක්සත් ජනපද ඩොලර් බිලියනකට වැඩි මුදලක් මුදා හැර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත් කිරීමත් ඉන් පසු ඇති වූ සිදුවීම් දාමයත් නිසා වත්මන් දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ විචාරකයෝ පෙන්වාදෙති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදල පිළිබඳ පස්වන ආර්ථික කාර්යසාධන සමාලෝචනය සිදු කළ අතර එම කරුණු ඔක්තෝබර් මාසයේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරවාරයේදී සාකච්ඡාවකට ලක්විය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ඔක්තෝබර් මස 26 වැනිදා සාකච්ඡාවක් පැවැති අතර ඒ අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සෑහීමකට පත්වන වැඩසටහනකට එකඟ වීමට හැකි වූ බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී පැවැසීය.
එම එකඟතාවයෙන් පසු ව ශ්‍රී ලංකාවට අනුමත කරන ලද ණය මුදලේ අවසන් වාරිකය ලබාදීම පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාව නොවැම්බර් මස මැදදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එය දෙසැම්බර් මස පළමු සතිය දක්වා කල් ගොස් ඇතැයි ද අධිපතිවරයා මූල්‍ය ප්‍රතිපත්ති දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෙස ණය ලබා දීම මගින් ජාතන්තර ප්‍රජාව ලංකවේ අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීම හෙළා දකිමු.....
ණයට අරන් කාල ඉන්න ජාතියක් නොවී පැලයක් හිටවලා වවලා කන ජාතියක් බවට පත් වෙන්න දැන් කාලේ හරි. ඕව අරන් ටික දවසක් ජොලියේ ඉන්න පුළුවන්.
අකිල මහත්තයෝ, බන කතා කරනවද? දැන් විදේශ ණය ගැහිල්ල තමයි අපේ රටට තියන ප්‍රධාන ආදායම් මාර්ගය. තව ටික දවසකින් අපේ එකම ආදායම් මාර්ගෙත් ණය ගැහිල්ල වෙන්න පුළුවනි. වසර දෙදාස් පන්සීයක උජාරු ඉතිහාසයක් තියන සිංහයා ලකුණ දරන සුපිරි බෞද්ධ ජනතාවක් හැටියට වැජඹෙන අපිට සොච්චමක් හරි හම්බවෙන්නේ කෙල්ලෝ ටිකක් ඇඟලුම් කරුමාන්තෙටත් තව ගැහැණු ටිකක් මැද පෙරදිග වහල් කරුමාන්තෙටත් කැප වෙලා හින්දා. ඒවගෙන් ලැබෙන ආදායම දේශපාලුවන්ට සුර සැප විඳින්නත් මදි.
ජාත්‍යන්තර අරමුදලේ ණය මොකට ද? ඇයි මහා ආර්ථික ඔස්තාර් 2500 මහත්තයා කිව්වේ, ඩොලර් එවන්න කියලා ලංකාවට .
නොදී ඉන්නෙක වඩා හොඳයි. ඕකත් ගෙවන්නෙත් මහජනයාමයි.
ණයට අරගෙන පිස්සු නටන්න ගියාම ණය දෙන ආයතන කට ඇරගෙන බලා ඉන්නේ නැතිවිත්තිය ණය ගත්තු ත්‍රි රෝද රථ රියදුරෝ, ගොවි මහතුන් , සුළු ව්‍යාපාරිකයින් වගේ අයවලුත් හොඳින් දන්නා කරුණකි. තව තව ණය ඉල්ලන්නනම් වාරිකයන් නියමිත කලට ගෙවන්න ඕනේ. එහෙම ආපහු ගෙවන්න බැරිවිත්තිය දැන දැන ණයට දෙන්න තරම් මෝඩ ආයතන ලෝකයේ කොහෙවත් නැති විත්තිය නොදන්නා ලෙස තම කල්ක්‍රියාවන් අදුර දර්ශි ලෙස කිරීමේ ප්‍රතිපල.
අකිල - ඔබේ හිතට එකගව කියන්න ඔබ කාටවත් ණය නැති වග. අඩුම ගානේ ඔබ බැංකු ලෝන් එකක්, එහෙම නැතිනම් අත මාරුවකට මුදලක් කාගෙන් හරි අරන් නැත්ද? අහල පහල කඩයකින් බඩුවක් දෙකක් ණයට අරන් නැත්ද? අඩුම ගන්නේ ඔබ ක්‍රෙඩිට් කාර්ඩ් පතක්වත් භාවිතා කරන්නේ නැතිද? ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ඒ අනුව මම පැහැදිලි කර දෙන්නම්.
මේ ඔක්කොම රනිල් මහත්තයා හින්දා තමයි.
අපිට ණය එපා.!
Akila, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා දීමේදී ජාත්‍යන්තර ප්‍රජාව ලංකවේ අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීමක් සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.
මෙච්චර කල් කීවේ මහින්දලා ගත්ත ණය ගැන නේද? ඒ ගොල්ලෝ ණය ගත්තේ යුද්දේ කොරන්නයි රට සංවර්ධනයකටයි. මේ අවුරුදු 4 ට මේගොල්ලෝ කරපු සංවර්ධනයක් නැත එහෙනම් මොකටද ණය ගන්නේ. හාල් පිටරටින් ගෙනෙන්නයි වැඩිකර ගත් තමන්ගේ දීමනා ලබාගන්නයි නේද. එජාපෙට වහල් කම් කරන කෙනෙක් ගෙන් පිළිතුරු ලැබුනොත් හොඳයි. මහින්ද මේගොල්ල තරම් බදු ගැසුවානම් සත 5 ණය නොගෙන රට සංවර්ධනය කරාවි.
සල්ලි අච්චු ගහලා පඩි ගෙවන්න. අපිට පිටරට ණය එපා.
හිගමනේ ගියාට කටේ සද්දේ අඩුවක් නැහැ.
හුටා! නත්තල් උත්සවයට ලැබෙයි කියලා හිතාගෙන හිටපු බෝනස් එක වතුරේ තමයි. අතේ සල්ලි නැතුව කොහොමද බන්දුල ආචාරියා ජනවාරි මාසේ ඩොලර් මිලියන් 1000ක විදේශ ණය ගෙවන්න පුළුවන් කියන්නේ? ඒකත් රුපියල් 2500කින් මාසයක් පවුලක් නඩත්තු කරන්න පුළුවන් කිව්වාවගේ වැදි බණක් වගේ ඇති !!!
අපිට හරි ජොලි මහින්ද මහත්තයා මෙදා පාර 10000ක බඩු මල්ලක් දෙයි...
ළිඳේ ඉන්න ගෙම්බො දන්නේ නැහැ රටේ ඇත්ත තත්වය. මේක පටන් ගත්තේ 1956 ඉඳලා...
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කිසිදු දේශීය නිෂ්පාදනයක් ආරම්භ කර නැති තත්වයක් තුළ එවැනි තත්වයකට යාම සිහිනයක් පමණයි.