ජාතික බුද්ධි අංශ ප්‍රධානී ධූරයට පත් කෙරුණු මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතා ඊයේ (13) පෙරවරුවේ සිය ධූරයේ වැඩ බාර ගත්තේය.
ජාතික බුද්ධි අංශ ප්‍රධානී වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පසුගියදා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් රුවන් කුලතුංග මහතා පත්කර ඇත.
1984 මාර්තු මස 05 වැනිදා බඳවා ගැනීම් 19 යටතේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් යුද හමුදාවට බැඳුණු රුවන් කුලතුංග මහතා මේ වනවිට යුද හමුදා පාබල හමුදාවේ අධිපතිවරයා වශයෙන් ද සපුගස්කන්ද ආරක්ෂක අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේවා විධායක ලෙස ද කටයුතු කරයි.
COMMENTS
සිසිර මෙන්ඩිස් මහතා කමිටුව ඉදිරියට ගෙනැවිත් ඔහු කවුද කියා රටට ප්‍රසිද්ධ කිරීම බරපතල වැරැද්දක් නම් මේ මහතා කවුද කියා මෙහෙම ප්‍රසිද්ධ කිරීම නිවැරදිද?
"මේ රටේ අය කෙලින්නෙම පිස්සු" කියලා සින්දුව කිව්ව ගායකයාට විරුද්ධව මතයකුත් ගොඩනැගුණා ටික කාලෙකට ඉහතදී. මේවා පිස්සු නොවෙයිද..? බුද්ධි අංශ ප්‍රධානියා පමණක් නොවෙයි ඔහුගේ සහයකයින් පවා සිටිය යුත්තේ " තිරයෙන් පිටුපස" ය. මේ අය "සතුරන්ගේ" සතුරාය. මේ මහත්මයත් දැන් සතුරාගේ ඉලක්කයක් වී හමාරයි. අනික සතුරා අපිට වඩා අඩියක් ඉස්සරහින් සිටින්නේ බොහෝ වේලාවට. එ් නිසා තමයි ඔහුට විනාශකාරී වැඩ කිරීමට පහසුවෙන්ම අවස්ථාව ලැබෙන්නේ. මේ හෙළිදරව් කිරීම යලිත් නිවැරදි කිරීමට නොහැකි දෙයකි. කළහැක්කේ මෙතුමා වෙනත් අංශයක් වෙත අනුයුක්තකොට, බුද්ධි අංශ ප්‍රධානියා ලෙස වෙනත් කෙනෙක් නිල වශයෙන් පත් කිරීමයි. නමුත් ඔහුගැන කිසිවක් ප්‍රසිද්ධ නොකළ යුතුයි.