IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

(ටෝනි කරුණානායක) 

 

ඡන්දය ගණන් කිරිමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ආරවුලක් ඇති කර ගත් වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුගේ සේවය  අත්හිටවූ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි .

වේයන්ගොඩ පොලිසියේ රාජකාරි කරන එම පොලිස් පරික්ෂකවරයා වතුපිටිවල මුලික රෝහලට ඇතුලත් කර සිදු කරන ලද වෛද්‍ය පරික්ෂණයේ දී බිමත්ව සිටින බවට තහවුරු වීමෙන් පසුව මෙසේ වැඩ තහනමට ලක් කර තිබේ .

වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටුවා ඇති පොලිස් මුරපොලේ නිලධාරින්ට මුඛ ආවරණ ලබා දීමට ගොස් ඇති පොලිස් පරික්ෂකවරයා එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමඟ කතා බහක් ඇති වී තිබේ.

එම සහකාර පොලිස් අධිකාරිවරයා සිද්ධිය ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාට දැනුම් දීමෙන් පසුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරිමෙන් පසුව මෙසේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාල සඳහන් කරයි.



අදහස් (3)

ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 05 August 2020 06:40 AM

අනේ මන්දා .. මේ රටේ පොලීසියට මොනවා වෙලාද කියලා...? මොනතරම් ගරුත්වයක් පෙරදී තිබ්බාද? ඒත් දැන්... මේ නිසා ප්‍රශ්ණවලට මුහුණ දෙන්නට වෙන්නේ සමාජයේ අපකීර්තියට පත්වෙන්නේ පොදුවේ පොලිස් සේවයයි. එම සේවාවේ ගරුත්වය කෙළෙසන මෙවන් නිලධාරීන්ට කිසිඳු සමාවක් නොදිය යුතුයි.

:       0       183

Raveendra Wednesday, 05 August 2020 06:54 AM

තම නිල ඇඳුමට අපහාස කරමින් තිරිසන් ලෙස හැසුරුණු මොහුට දඬුවම් ලැබේවා ... නීතිගරුක, ගුණගරුක මහජන මුදලින් වැටුප් ලබන පොලිස් නිලධාරීන්ට යහපතක්ම වේවා...!!! එලෙසම මෙවන් පාදඩ තනතුරට මෙන් නිලය කිසිසේත්ම නුසුදුසු "මෙවන් තිරිසනුන්ට" සාප වේවා...!!! 

:       4       326

විජිත් Wednesday, 05 August 2020 12:14 PM

සමිත, රවින්ද්‍ර, ඔය දෙදෙනාම හරි.. එ්ත් මේ පිස්සු කරපු පොලිස්කාරයාගේ වැඩ තහනම් කර, අවංක පොලිස් නිලධාරීන්ගේ හෙට දවසේ ඉරණම තීරණය කරන්නේ ඡන්ද ප්‍රතිඵලයි. අපි නිකමට හිතමු.. මේ "බේබදු පොලිස්කාරයා" අයත් දේශපාලන පක්ෂය බහුතරයක් ගත්තොත්, ඒ අසික්කිත දේශපාලුවන්ගේ පවර්ස් වලින් එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ අවංක නිලධාරින්ට විරුද්ධව වෙනම පරීක්ෂණයක් පවත්වාවි. බැරිම වුණොත් කුඩු පාර්සලයක් හරි ඒ අයගේ වාහනයක දමලා. බොරු චෝදනාවක් හදාවි... අපේ රටේ ඉන්නේ එහෙටයි, මෙහෙටයි දෝලනය වන පොලිසියක්. 10%ක් විතර කොන්ද පණ තියෙන, එක එක දේශපාලකයින්ට නොනැමෙන කට්ටියක් අවංකව මේ ජාතික සේවය කරගෙන යන්න නොවිඳින දුකක් විඳිනවා...

:       0       86

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site