(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලැබුණු යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කළ බව එම කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ ආචාර්ය අනුර කරුණාතිලක, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලෙයි සහ බාලචන්ද්‍රන් ගෞතමන් යන මහත්වරුන්ය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (28) රැස්වුණු අතර මෙම කමිටුව පත්කිරීමට තීරණය ගෙන ඇත්තේ එහිදීය.
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් සිවිල් සංවිධාන 155කින් සහ මහජනතාවගෙන් යෝජනා ඉදිරිපත් වී ඇතැයි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශවවලට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබාදී තිබූ කාලය පසුගිය ජූලි 15 වැනිදායින් අවසන් විය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ
mihira Wednesday, 28 July 2021 08:35 PM
දියවන්නාවේද විද්වත් අය ඉන්නේ... ? නිකමට දැනගන්න ඇහුවේ... නොදන්න කමට...
ලලිත් එම්Wednesday, 28 July 2021 09:55 PM
වියත් මගේනේ. ඇයි දන්නේ නැතිද?
Dinesh Thursday, 29 July 2021 11:33 AM
කියවන්නේ නැතිව නිවසට වෙලා විවේක ගන්න