(තිළිණි ද සිල්වා)
කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි. එමෙන්ම එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට 41 දෙනකු මියගොස් ඇති අතර වෛරසය පැතිර ගොස් රටවල් ගණන 11ක්.මේ වන විට ලෝකයේම අවධානයට යොමු වි ඇති මාරාන්තික කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වන්නේ පසුගිය දෙසැම්බර් මස චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන්.
නගරයේ කරදිය මත්ස්‍ය වෙළඳපොලක් ආශ්‍රිතව මෙම රෝගින් වාර්තා වි තිබු අතර එහි කුකුලන්, වවුලන්, හාවන් සහ සර්පයන් වැනි සතුන් ද අලෙවි කෙරෙන බව වාර්තා විය.චීන සෞඛ්‍ය බලධාරීන් සැක කරන්නේ, වවුලන්ගේ මාංශවලින් සාදන සුප් සහ සර්ප මාංශ අනුභවය මෙම වෛරසය පැතිර යාමට හේතුවක් විය හැකි බවයි.
එමෙන්ම සාමාන්‍ය වෛරසයක් බෝවන ආකාරයෙන්ම මිනිසාගෙන් මිනිසාට මෙම කොරෝනා වෛරසය බෝ වන බවට තහවුරු කර ගෙන තිබේ.කොරෝනා වෛරස වැළඳුණු චීන ජාතිකයින් ඇඳ වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
කොරෝනා හේතුවෙන් දැනට චීනයේ පමණක් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් ඇති අතර වෛරසයට ගොදුරු වි ඇති සංඛ්‍යාව 1200 කට අධිකය.මිය ගිය පිරිස අතර හුබෙයි ප්‍රාන්ත රෝහලක වෛද්‍යවරයෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වු චීනයේ හුබෙයි පළාතේ වූහාන් ඇතුළු නගර 18 ක් මේ වන සම්පූර්ණයෙන් වසා දමා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ජනහිතකාමී තීරණයක්. අනාගත විදේශ ඇමතිවරයාට යහපත් පූර්ව ආදර්ශයක්. තමන්ගේ රාජකාරිය කළයුතු ආකාරය පිළිබඳව..
හරි තීරණයක්... රටක වැදගත්ම දේ පුරවැසියන්, ප්‍රමාද නොවී පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණය කිරීමට ඔබට ප්‍රණාමය පුදකරමි.
සෞඛ්‍ය බලධාරීන් සැක කරන්නේ, වවුලන්ගේ මාංශවලින් සාදන සුප් සහ සර්ප මාංශ අනුභවය මෙම වෛරසය පැතිර යාමට හේතුවක් විය හැකි බවයි. මොන කාලකන්නි මිනිස්සු ජාතියක්ද මන්දා මේ චීන්නු කියන්නේ දෙයියනේ මෙච්චර කෑමට සුදුසු ලෙස පිළිගත් මස්වර්ග තිබියදී මේ ජරා වවුල් මස් කන්න තරම් මේ අය හරක්ද? කලින් සාර්ස් වෛරස් වසංගතයත් චීනුන්ගේ කෑම නිසා ආපු එකක්, ලෝකෙම මුන්ට තහනමක් පනවන්න ඕනෑ. මේ වගේ නුසුදුසු කෑම කන්න එපා කියලා... නැත්නම් ලෝකෙම මිනිස්සුන්ට විඳවන්න වෙනවා ළඟදීම...
චීනයේ සිට ශ්‍රී ලංකා ශිෂ්‍යයින් ආපසු ගෙනඒම වැළැක්වීම සඳහා මෝඩයන් මෙන් කතා නොකරනු ඇතැයි මම බලාපොරොත්තු වේ... මෙය ජනතාවගේ ජනාධිපති ලෙස හොඳ තීරණයක්. මෙම ක්‍රියාව ඕනෑම විදේශීය රජයකින් ගනු ලැබුවහොත්, අපගේ ජනතාව ඔවුන්ව පිළිගන්නේ කෙසේදැයි අපට දැකගත හැකියි.
කම්පැණි සහ හෙන්චයියලාට කලින් රටවැසියන්ට මුල් තැනදීම ජනපතිගෙන් හැමෝටම ආදර්ශයක්...
මේගොල්ලෝ මෙහෙට ගෙනෙන්නේ ලෙඩ බෝ කරන්නද.?
නිවැරදි තීරණයක්. ඒ වගේම මෙරටට එන චීන සංචාරකයන් නවතාලන්න බැරි නම් අඩු ගානේ වෛද්‍ය සහතිකයක් අරන් එන්න කියන්නවත් වෙනවා. හරි නම් යූ එන් එකෙන් චීනෙට සංචාරක තහනමක් පනවන්න ඕන. එයාලා චීනේ නලවන එකෙන් වෙන්නේ මුළු ලෝකෙම ඉන්න මිනිසුන්ව අවධානමක හෙළන එක විතරයි.