(ගාමිණි විතානගේ)
පවත්නා රෙගුලාසි හා නීති සරළ කිරීම සඳහා මහජන සුබ සිද්ධිය අරමුණු කරගනිමින් කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 18 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.
ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහතවරුන්ගේ සම සභාපතිත්වයෙන් යුත් කොමිසමේ ලේකම්වරයා විශ්‍රාමික අමාත්‍යංශ්‍ය ලේකම්වරයකු වන ජී එස් විතානගේ මහතා ය. විශ්‍රාමික අමාත්‍යංශ ලේක්මවරු සංස්ථාපිත ආයතනවල ප්‍රධානීන් මෙන්ම පෞද්ගලික ආයතන රැසක අධ්යක්ෂවරුන් ද මීට ඇතුලත් වේ.
ආයෝජන හා ඉදිකිරීම් ක්ෂෙත්ර ඇතුළු සියලු ක්ෂෙත්රවලට අදාලව අවසර පත් හා බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි රාජ්‍ය මූල්‍ය හාබදු ආදායම් සම්බන්ධ සියලු නීති රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයකට ලක්කිරීම මෙම කොමිසමට පැවරෙනු ඇත.
එමෙන්ම විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම හා වරින්වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධි නියාමනයක් ඇති වීම නිසා මූලික අරමුණින් බැහැර වීමක් සිදුවී ඇත්දැයි අධ්‍යයනය කිරීම සහ වඩාත් ඵලදායි නව නියාමන ක්‍රමවේද හඳුනාගැනීම සඳහා ගෝලීය ප්‍රමිතින් තුළ උක්ත නීති රෙගුලාසිවල අදාල බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගයීම ද කොමිසමට පැවැරෙනු ඇත.
මෙකී වගකීම් ඉටු කිරීම සඳහා කොමිසමට දින 90 ක කාලයක් දී ඇති බත් සිය කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාල ආයතන වෙත උපදෙස් දීමේ බලය ද කොමිසම සතු බව ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සර්! කමිටු දාපු තරමට ගිය අවුරුද්දෙ වැඩ කෙරුණානම් අපි සිංගප්පුරුව අපේ කොළනියක් කරගෙන...
ආයෙත් පවුලට ගේමක් ගහන්න වැඩක් සෙට්වෙලා ඇති. තියෙන නීතිත් එක්ක බැරුව ඇති. අනිත් එක මේක තමයි දැන් තියෙන හදිසිම වැඩේ. මෝඩයෝ රජකළාම විඳින්න වෙන්නේ අපිට.
ආයේ මක්කටෙයි මේ කමිටු පත් කරකර මහජනතාවගේ බදු මුදල් නාස්ති කරන්නේ. " චක්‍රලේඛන කියන්නේ මගේ කටවචනය තමයි." කියලනේ එකවතාවක් කීවේ.
හිටන්ට එහා..
කෙහෙල් පැලේටද? පොල් පැලේටද?
ඔය කමිටුවල ඉන්නෙත් තමුන්ගෙ බත්බැලයින්.. රටට කෙසේ වෙතත් පවුලේ උදවියට වැඩක් සිද්ද වෙච්ච් එකයි කවදත් වුනේ...!!!
චා චා ...සර් ට අමතකවෙලාද කොහෙද? අර හරියකට ඉස්කෝලයකටවත් ගිහින් නැති, මිනිස්සුන්ට වැදගත් විදිහට කතාකරන්නවත් නොදන්නා, පැන්ෂන් ගිය, පස්ස බිම ඇනුණ, හමුදාවේ හිටපු, වලපයයි ගොඩපයයි තියාගෙන ඉන්න නාකි ජෙනරාල්ලා ටික...
රෙස්පෙක්ට් සර්... කොහොම හරි තියෙන නීතියට එපිටින් බත්බැලයින්ට හම්බකරගන්න ඉඩදෙන්න. නැතිව අපිට සල්ලි තිබේද? ඊළඟ ඡන්දෙට වියදම් කරන්න.
හැම එකකටම චක්‍රලේඛ ඉල්ලන පුරුද්දක් තිබීම වෙන්නේ නිකුත් කරන චක්‍රලේඛන ගැන අවබෝධයක් නැති නිලධාරීන් සිටින නිසාය. උදාහරණයකින් කියනවා නම් බොහෝ නිලධාරින් ආයතන සංග්‍රහය පෙරලා බලා එහි මුද්‍රණය කල අවුරුදු දේ තිබූ විධිවිධානම අනුවම අළුත් චක්‍රලේඛ නොසලකා තීරණ ගැනීම කරනවා. පෙර සිටි නිලධාරින් චක්‍රලේඛයන් නිකුත්කළාම එය අදාල පරිදි ආයතන සංග්‍රහයේ හෝ මුදල් රෙගුලාසි සංග්‍රහයේ සටහන් කර කටයුතු කළත් වත්මනේ කිසිවෙකු එසේ කරන බවක් දක්නට නැත්තේ සෑම එකකටම චක්‍රලේඛයක් ඉල්ලන නිසාය. ඒ අතර වත්මනේ සේවයේ නියුතු නිලධාරීන් වරින්වර (වසර 6 කට පෙර විශ්‍රාම ගත්) මා අමතා උපදෙස් ඉල්ලන නිසා මෙය ඉතාම සත්‍ය බව නොපැකිලව කිව හැකියි..
බඳවා ගැනීම් කලාටම මදි.. බඳවාගන්නා සියළු දෙනාටම විධිමත් පුහුණුවක් ලබාදී උගත්කමට අමතරව අවශ්‍ය වෙන දැනුම කුසලතා හා යහපත් ආකල්ප වර්ධනය කිරීමක් කලහොත් මෙයට වඩා ප්‍රයෝජනයක් වේවි...
චක්‍රලේඛ රිවර්ස් කරන්න තව කමිටුවක් පත් කරන්න...
මෙයා ගැසට් මෑන් කෙනෙක් වගේ.. කරපු දෙයක් නැහැ. රට වටේ යනවා. මිනිස්සුන්ට කන්න නැහැ, අඳින්න නැහැ, රැකියා කරන්න බැහැ, වනාන්තර විනාශ වෙනවා... අනේ රටට ගිය කලක්...