(අජන්ත කුමාර අගලකඩ)
ගුරු - විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම මීළඟ අයවැයෙන් සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මේ පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමතිවරු න් සහ ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දි පැවැත්වීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26)රාත්‍රියේ සුම් තාක්ෂණය ඔස්සේ පැවති අතර, එහිදී මෙම තීරණය ගෙන තිබේ .
අගමැතිවරයා සහ ගුරු සංගම් අතර සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ,අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ ,උදය ගම්මන්පිල, ආචාර්ය බන්දුල ගුණවර්ධන ,ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිතය .
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබීය .
ගුරු ,ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංයුක්ත සේවා බවට පත් කිරීමටද එමඟින් යෝජනා කර තිබිණි.
මෙම යෝජනා සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, මේ මොහොතේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇතැයි වාර්තා වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්න මහින්දගේ කැරට් අල...
ගුරු සංගම් ඕකට කැමැති වෙයිද? අපේ ළමයින්ගේ අධ්‍යාපනය ඒකත් එක්ක සෙල්ලම් කරන්න ආණ්ඩුව හදන්නේ...
මේ බොරු වැඩවලින් ගුරුවරු රවට්ටන්න දැන්නම් අමාරුයි. දියවන්නාවේ ඉන්න අය කියන එ්වා දැන් කවුරුත් මායිම් කරන්නේ නැහැ.. ඒ තරමට ඒ අය පජ වෙලා ඉන්නේ...