(තිලකරත්න දිසානායක)
ගම්පහ, ජාඇල පැරණි බස් නැවතුම් පොළ ඉදිරිපිට හෝටලයක් තුළ අද (24) පෙරවරු 10 ට පමණ ගින්නක් ඇතිවු අතර වහා ක්‍රියාත්මක වූ ගම්පහ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගින්න පැතිරී යාම මැඩපැවැත්වීමට පියවර ගනු ලැබීය.
ගින්නෙන් කිසිවෙකුටත් හානි නොවු අතර හෝටලය තුළ තිබු ගෑස් සිලින්ඩරයක ඇතිවු කාන්දුවක් ගින්නට හේතුවී ඇති බව ගිනි නිවීමේ ඒකකයේ නිලධාරියකු පැවසීය.
ගින්න සිදුවු ස්ථානය ආසන්නයෙහි උපකාරක පන්ති සහිත සිසු සිසුවියන් විශාල පිරිසක් ගැවසෙන බැවින් ගම්පහ පොලිස් හදිසි ඇමතුම් අංශ නිලධාරීන් පැමිණ මාර්ගය වසා දමමින් ඒ අවටින් පිරිස ඉවත් කිරීමට පියවර ගත් ආකාරයක් දක්නට ලැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූම්ස් තියන හෝටලයක්ද?