(හර්ෂණ තුෂාර සිල්වා සහ ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන බැවින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හිටපු ජනාධිපතිනිය වෙත දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කළේ ඇයිදැයි විමසමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය විසින් එවන ලද ලිපියට පිළිතුරු යවමින් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කිරීමට තමන් හදවතින්ම බැඳී සිටින බවත් එම ප්‍රතිපත්ති පාවා නොදෙමින් ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කෙරුණු බවත් එහි සඳහන් වේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හාත්පසින්ම වෙනස් බැවින් එයට සහය දිය නොහැකි බව සඳහන් කර ඇති මහලේකම්වරයා පක්ෂය වර්තමානයේ ඇද වැටී තිබෙන තත්ත්වයට ප්‍රධාන හේතුව එක්සත් ජාතික පක්ෂය සමඟ සභාග ආණ්ඩුවකට පිවිසීම බව ද දක්වා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඇති හොඳම තේරීම හා විකල්පය වන්නේ ඔවුන් සමඟ හවුල් වීම බව ද මහලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
එම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් බවත් එයට ගෞරව කිරීම තම යුතුකම සහ වගකීම බවත් දයාසිරි ජයසේකර මහතා පවසා ඇත.
ශ්‍රී.ල.නි.පය අතීතයේ සිටම පෞද්ගලික අමනාපකම් පසෙකලා රටේ උන්නතිය වෙනුවෙන් එඩිතර තීන්දු තීරණ ගෙන ඇති බව ඔහු එහි සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කරන ලද්දේ චීවරධාරියකු වුවත් පක්ෂය තවමත් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහ බලවේග පෙරටුකරගෙන කටයුතු කරන බවත්, විජය කුමාරතුංග මහතා ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ යැයි සැකකෙරුණත් 2000, 2004 වසරවලදී එම පක්ෂය හා එක්ව සභාග ආණ්ඩුවක් ද පිහිටවූ බවත් එහි දක්වා තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මීට දින කිහිපයකට පෙර දයාසිරි ජයසේකර මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ පක්‍ෂ සංවිධායකවරුන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් විරුද්ධ බව ප්‍රකාශ කර තිබියදීත් ගෝඨාභය රාජපක්ෂට සහය දීමට තීරණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළුමනින්ම පාවාදීමක් බවයි.
පෞද්ගලික අවශ්‍යතාවට පමණක් සීමා වී වටිනා පක්ෂය විනාශ වීමට ඉඩ නොදෙන ලෙසද ඇය දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී තිබිණි.පක්ෂයේ සභාපති ධුරය අතහැර දැමීමට තමා කැමති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ නම්, සභාපති ධුරය භාර ගැනීමට සහ පක්ෂය නැවත ගොඩනැංවීම සඳහා දයාසිරි ජයසේකරට සහය දෙන බව ද එහි සඳහන්ව ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වූයේ එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමඟ සන්ධාන ගත වූ නිසා නොව පක්‍ෂ නායකයාට සන්ධානයට නායකත්වය දීමට ශක්තියක් හා දැක්මක් නොතිබූ නිසාත්, රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණවලට රැවටීම නිසා බව ද හිටපු ජනපතිනියගේ ලිපියේ සඳහන් වේ.
COMMENTS
ඔයාලට බුදු සරනයි!
සහය දුන්නට වැඩක් නෑ පොහොට්ටුවේ එක්කෙනෙක්වත් ඔයාලාට ඡන්දේ දෙන්නේ නෑ. අනේ සාදු ගෙදරටම වෙලා ඉන්න. ඔයාලව අපිට එපා.
කප්පන්න බැරි ඇත සිඹීම හෙවත් කනකොට කබරගොයාත් තලගොයා විදිහට පෙනීම.
ප්‍රතිපත්ති අඩුවක් නැතිව ගැලපෙනව
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කිරීමට තමන් හදවතින්ම බැඳී සිටින නිසාද ඉස්සර එක්සත් ජාතික පක්ෂයේ උන්නේ? මොනවද මේ කියවන්නේ?
අත්තෙන් අත්තට පනින නියම ප්‍රතිපත්ති තියන කෙනෙක් තමා මේ කියන්නේ.
අනේ ඔඹේ ප්‍රතිපත්තිය. වඳුරො වගේ එහාට පනිනවා මෙහාට පනිනවා. නුඹලා වැනි අය නිසයි මේරට අවුරුදු 72 ක් තිස්සේ ආපස්සට යන්නේ .
බොරු බයිලා කියන්න එපා මන්ත්‍රී තුමෝ. වාසියට මිසක් වෙන මොනවත් නෙවෙයි. ශ්‍රීලනිපයෝ මේ වෙලාවේ අසරණයි ඔබතුමාලා කරපු වැඩේට. දැන් ඉතිරි වෙලා ඉන්නේ වෙල්ගම මහත්තයා විතරයි.
ඇත්තම කතාව නම් ගෝටගේ කරපිටින් අනාගත තාන්න මාන්න ලබාගැනීමේ අරමුණ බව ඇල්පිටිය ඡන්දෙන් පේනවා. ඔක්කොම පක්ෂ එකට හිටියත් පොහොට්ටුව තනියම උනත් ඉදිරියෙන්.....
ප්‍රතිපත්තියක් කවදත් තිබුනේ නැත. ගාන කපාගන්න ප්‍රතිපත්තිය නම් තිබුනා. ප්‍රතිපත්තියක් නැති එක ප්‍රතිපත්තියක් ව ඇත.
ඒ කාලේ සුද්දෝ විඳපු වරප්‍රසාද ඔක්කොම අඩුවක් නැතුව ඊටත් වඩා වැඩියෙන් දැන් රට පාලනය කරන කළු සුද්දෝ ටික භුක්ති විඳිනවා. හැම වෙලේම සාමාන්‍ය බහුතර නුගත් ඡන්ද දායකයන් නිසා සාමාන්‍ය උගත් මිනිස්සුන්ටත් මේ රටේ දිගටම දුක් විඳින්න තමයි වෙලා තියෙන්නේ .
මෑත කාලයේදී පොහොට්ටුවට සහයෝගය දුන්න කීප දෙනෙක් පක්ෂයෙන් නෙරපුවා නේද ?
ඝෝටට නම් හොඳ හෝ නරක හෝ යම්කිසි ප්‍රතිපත්තියක් තිබෙනවා නැතිනම් යුධේ කාලේ දිගින්දිගටම ආරක්ෂක ලේකම් කම දරන්න බැහැනේ ? , නමුත් මම දන්නා තරමින් ඔබතුමාට නම් එහෙම කිසිම ප්‍රතිපතියක් නැහැ , ඔබතුම පනින පනින පැත්ත පරාදය, මම නම් හිතන්නේ නැහැ ලබන පාර ඔබතුමාට පාර්ලිමේන්තු යන්න පුළුවන් වේවි කියල .
තමුන්නාන්සේ ප්‍රතිපත්තිය කියන්නේ තමුන්ගේ බඩගොස්තරේ පමණක් නම් ඔබතුමා හරි.
බලාපොරොත්තුවෙන චන්ද ප්‍රතිපලය වැරදුනොත් නැවත යු එන් පියට එකතු වෙන්නේ නැත කියල මොකක්දැ දෙන සහතිකය.
බොරු පොරොන්දු මිස ප්‍රතිපත්ති නැති මේ ප්‍රදාන අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීමට කාලය පැමිණ ඇත.
ශ්‍රී ලනිපේ ඉඳල , එජාපෙට පැන්න , ඊට පස්සේ මහින්දගේ ඔඩොක්කුවට පැන්න , එතනින් මෛත්රිගේ ඔඩොක්කුවට පැන්න ඊට පස්සේ ඝෝටගේ කරට පනින ගත්තු උත්සාහය වැරදිලා දැන් කකුල් දෙක ළඟ වැටිලා ,, කලිසන් කකුලේ හරි එල්ලිලා ඉදිරියට යන්න හදනවා . පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රතිපත්ති නැති පුද්ගලයන් අතින් බලනකොට අනිවාර්යයෙන්ම අංක 1 එස් බීට හිමිවෙනවා , ඔබතුමාට අනිවාර්යයෙන් අංක 2 හිමිවෙනවා.
මේ වෙලාව අනුව ඔයාල ගත්ත තීරණය අති විසිස්ටය් 100% අපගේ ප්‍රණාමය. පොහොට්ටුවට ජයවේවා. අරමුණක් නැතිව අදහස් පළකිරීමෙන් වලකින්න.
නිදහස් පක්ෂේ සරණාගතෙයෝ තමයි ඔහෙලා
කිසිම ප්‍රතිපත්තියක් නැති අය තමයි ප්‍රතිපත්ති ගැන කථා කරන්නේ
ප්‍රතිපත්තියක් නැති මිනිස්සු කොහොමද ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ. අද රට වැටිලා තියන අගාදෙට 50% ක් වග කියන්න ඕන මෙයාල. යහපාලනේ ගගා යුඑන්පි එක්ක දීග කාල එක දිරෝගන්න බැරුව දැන් එනවා අලුත් දීගයක් කන්න. මෙයාලව මිනිස්සු ප්‍රතිෂේප කරන්න ඕන දැන්වත් මේ එක්කෙනෙක්ට හරි දෙන මනාපෙකින් ජනතාව කරන්නේ රට තවත් අනතුරේ හෙලන එක.
මෙතුමා පසුගිය අවරුදු 15 තුල මැතිවරණ වල සහය දුන්න හැම පැත්තක්ම පක්ෂ පාට කුමක් වුනත් පරාදය , මෙදාපාර ගෝඨාභය මහත්මයටත් එම දෙයම වෙන්න පුළුවන්.
කරකියා ගන්න දෙයක් නැතිව නෙවෙයි..
අනේ නිකන් ඉන්න අපේ මහත්තයා. මෙයාගේ ප්‍රතිපත්ති අපි දන්නේ නැද්ද? එජාපයෙන් පැනලා ශ්‍රී ලංකා එකට හේත්තු වුනේ කිසිම ප්‍රතිපත්තියක් නිසා නෙවේ.. රනිල් එක්ක ඉන්න බැරිකමට. ඔය ප්‍රශ්නෙම තිබුණත් බුද්ධික වගේ අය කට්ට කාගෙන ඒ පක්ෂයේම හිටියා... දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවෙලා ඉවරයි. ඡන්දය ඉවරවෙනකල් ඔය ප්‍රතිපත්ති පිළිගන්නවා කියලා කියයි. මතක තියා ගත්තොත් හොඳයි මහත්තයෝ... බැරිවෙලාවත් දිනුවොත් ඔය පොරොන්දු, පත්තර සේරම යන්නේ කුණු බාල්දියට. ඊට පස්සේ වැඩ කෙරෙන්නේ අයියටයි, මල්ලිටයි වුවමනා අාකාරයටයි. එ්කේ දෙකක් නැහැ ඔන්න. දැන්මම කියනවනේ දිනුව දවසේ ඉඳලා අධිකරණයේ වැඩ කරන්නෙත් " මට ඕනෑ ආකාරයටයි" කියලා. ඒ ගොල්ලන්ගේ අණ පිලිඅරගෙන වැඩ කරලා දැන් නඩු වැටිලා ඉන්න සේරම දෙනා "නිදොස් කොට නිදහස් කරනවා" කියලනේ කියන්නේ. එහෙම කරන්න හිතාගෙන ඉන්න අයට ඔය කඩදාසි කෑල්ලක අත්සන් කරන පොරොන්දු පත්තරයක් ඉරලා දානඑක මහ කජ්ජක්ද? අන්තිමට ඔය ගොල්ලන්ටත් වෙන්නේ ජනාධිපති මන්දිරයේ පිළිකන්නට වෙලා දෙන දෙයක් සූප්පු කරකර කාලය ගෙවන්නයි. කීවා කියලා ලියලා තියාගන්න...
තමුන් වගේ ප්‍රතිපත්තියක් නැතිකෙනෙක් ගැන කවර කතාද? මහින්දට බැනපු තමුන් අන්තිමට ගිහින් සාටකේ එල්ලුණා. අනුන්ගේ කූඩාරම් වලට රින්ගන්නේ නෑ කියාපු කෙනානේ. දේශපාලුවන්ට කොහෙද ලැජ්ජාවක්? උන් බලලෝභී, අවස්ථාවාදීන්...
ගෝඨා දින්නයෙන් පස්සේ කාට කාටත් ප්‍රතිපත්ති හම්බවෙයි බලමු .
ගෝඨා දිනුවොත් සති 2-3ක් ඇතුළත මුලින්ම අාප්ප කාලා කළු කෝපි බීලා පැත්ත මාරු කරපු පුද්ගලයාව රිමාන්ඩ් කරලා නඩු පවරනවා අර ගියපාර ෆොන්සේකාට කළා වගේ.., දෙවනුව අර උස, කෙට්ටු ඇමතිට, දත්දොස්තර මහත්මයාට සහ හම්බන්තොට මන්ත්‍රී වීර මහත්මයාට බඩු හම්බවෙනවා. ඊළඟට ඔබතුමා ඇතුළු පිරිසට, දැන් ඔබතුමාට වෙලා තිබෙන්නේ" මග සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වගේ වැඩක්...