(තරිඳු ජයවර්ධන)
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධිය ගැන ලැබුණු පැමිණිලි දෙකක් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
එම පැමිණිලි දෙක විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර පසුව එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇතැයි පොලිසිය කියයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියකු ලෙස සිටිමින් අලුත් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන එමගින් අලුත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධියක් විමර්ශනය කරන ලෙස එම පැමිණිලිවලින් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
පැමිණිල්ලක් ලද විට විමර්ශනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත්, ඒ අනුව මෙම පැමිණිලි විමර්ශනය සඳහා යොමු කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බා
මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානය
අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැව
බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි (ඕතඩොක්ස්) සමාජ සේවා වැඩසටහනේ පියවරක් ලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගැබිණි මව්වරුන්ට වියළි ආහාර සහ උපකරණ ද, ප්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගෝඨාගේ විදෙස් ගමන් බලපත්‍රය ගැන විමර්ශන ඇරැඹේ
kolam boss Thursday, 15 August 2019 05:53 PM
විමර්ශන නම් රටේ මොනදේටත් තියෙනවා . නමුත් ප්‍රතිපල පිට වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ .
sirimal Thursday, 15 August 2019 06:04 PM
ද්විත්ව පුරවැසිකම් සහිත පුද්ගලයින් හට එම පුරවැසිකම් ඇති රටවල ගමන් බලපත්‍ර දෙකක් තබා ගැනීමට අවසර ඇති නිසා දින ඉකුත්වන අවස්තාවලදී අලුත් ගමන් බලපත්‍ර ලබා ගැනීම වරදක් නොවන බවයි අපගේ වැටහීම.
Namal Thursday, 15 August 2019 06:15 PM
2010 සරත් ෆොන්සේකා ඉල්ලනකොට පරණ ඔක්කොම ඇදල අරන් අවුරුදු 2ක් හිරේ දැම්මා. දැන් ගොටටත් වෙන්නේ හිරේ ලගින්න. කල කම් පඩිසන් දෙනවා කියන්නෙ නිකං නෙමෙයි.
Chanak los angeles Thursday, 15 August 2019 08:07 PM
සත්‍ය වශයෙන්ම ඔහු පසුගියදා තම හෘද සැත්කම සඳහා සිංගප්පූරුවට ගියේද ඒ නව ශ්‍රී ලංකාවේ පාස්පෝට් එකෙනි. ප්‍රශ්නය වන්නේ එකී නව ශ්‍රී ලංකා පාස්පෝට් එක නිකුත් කරද්දී ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නොගෙන තිබියදී ලංකාවෙන් ඔහුට ‘ද්විත්ව පුරවැසියෙකු’ ය යන මුද්‍රාව නොමැතිව ශ්‍රී ලංකා පාස්පෝට් එකක් නිකුත් කර තිබීමයි. ලංකාව සෑම ද්විත්ව පුරවැසියෙක් සඳහාම නිකුත් කරන පාස්පෝර්ට් එකක දෙවන පිටුවේ මොහු ද්විත්ව පුරවැසියෙකි යන්න සඳහන් කරන නමුත් ගෝඨා අලුතින් ලබා ගත් පාස්පෝර්ට් එකේ ඒ බවක් සඳහන් කර නැත ඔහුට ඒ සඳහා රහසින් උදව් කර ඇත්තේ ස්වදේශ කටයුතු කියාගන්නා ප්‍රබලයායි. ඒ සඳහා ඔහුට විශාල මුදලක් ගෙවූ ව්‍යාපාරිකයා කව්ද? ඔහුට එවැන්නක් කිරීම සඳහා ප්‍රබලයා ලෙස අභිමතානුසාරී බලයක් තිබෙන බවද නීති විශාරදයෝ කියන නමුත් සදාචාරාත්මක අයිතිය නිසැක ප්‍රශ්නයකි. කෙසේ වෙතත් ගෝඨාට තමන්ට ඡන්දය ඉල්ලීමට ඇති හැකියාව ලෙස ඉදිරිපත් කිරීමට තිබෙන එකම නෛතික ලේඛනය එකී ගුවන් ගමන් බලපත්‍රය පමණි. එය ද වංගුවක් ගසා ලබා ගත් එකක් බව සහතික වන අතර ප්‍රබලයා කෙසේ වෙතත් එවැන්නක් අනීතිකව නිකුත් කළ නිලධාරියා ගස් යනු නිසැක ය.
ගල්කටස් Friday, 16 August 2019 03:11 AM
හිතෙ දුකට කියන කථා මෙව්වා
Chanak los angelesFriday, 16 August 2019 04:56 AM
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, සහන කණ්ඩායමක පුද්ගලයන් 17 දෙනකු ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය, කීත් නොයාර් පැහැර ගැනීම, තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීම යන සිද්ධිවල විමර්ශන ප‍්‍රමාදයකින් තොරව අවසන් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. ගල්කටස් මේ පුවත දුටුවද ?
නිකන් වදයක් නොවී ඉන්නFriday, 16 August 2019 04:53 AM
ඔයා දැක්කද මොන පාස්පෝර්ට් එකෙන්ද ගියේ කියල ?
Ajith NissankaFriday, 16 August 2019 05:26 PM
දකින්න දෙයක් නැහැ..! ඔය වාර්තා කරලා තියෙන්නේ ඇමෙරිකානු පුරවැසිකම නිල වශයෙන් අහෝසි වෙන්නත් කලින් ශ්‍රී ලංකියකු හැටියට පාස්පෝර්ට් එකකට අයදුම් කරපු බව...! එම අයැදුම පතේ පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නයේදී හිතාමතාම ශ්‍රී ලාංකිකයෙක් කියා ප්‍රකාශ කිරීම නීති විරෝධී බව මෙතුමා දැනගෙන හිටියේ නැද්ද?
sisiraFriday, 16 August 2019 07:55 AM
ලස්සනට බයිලා කියන්න දන්නවා
kule Thursday, 15 August 2019 08:12 PM
පැමිණිල්ලක් ලද විටක විමර්ශනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය නම් පාස්කු බෝම්බයෙන් පසු එයට සම්බන්දයි සැක කටයුතු අය ගැන පැමිණිලි කප්පරයක් දීලත් ඒවාට මොකුත් තවම නෑනේ මොකද මේකට විතරක් නීතිය එඩිතර අනිත් ඒවාට නීතිය නැමිලද
Nalaka Thursday, 15 August 2019 08:49 PM
මෙයාට ද්විත්ව පුරවැසිකම ඇති නිසා ගමන් බලපත්‍රයක් ගන්න බාධාවක් නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික හරි නිල එකක් හරි දීලා නම්. මේ ගැන හොයද්දි 2005 ඡන්දෙ දුන්නේ කොහොමද හොයන්න. මෙයා විදේශ පුරවැසියෙක් ලෙස සිට ද්විත්ව පුරවැසි උනේ 2005 නොවැම්බර්.
Egodaha yanno Thursday, 15 August 2019 09:06 PM
එය කල යුතුමයි.
සෑම් Thursday, 15 August 2019 10:58 PM
සාමාන්‍යයෙන් ද්විත්ව පුරවැසිභාවයක් සහිත පුද්ගලයකුට නව හැඳුනුම්පතක් ඉදිරිපත්කර ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට නීත්‍යානුකූලව පුළුවන. මෙය නව බලපත්‍රයක් ලබාගැනීමට හෝ කල් ඉකුත්වූ බලපත්‍රය අලුත් කිරීමේදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමවේදයයි. ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබේ නම් මෙහි කිසිඳු ගැටලුවක් නැත. මට හිතෙන ආකාරයට මෙය පොහොට්ටුවේ හොට්ටෝ විසින් කරන මැතිවරණ ප්‍රචාරණ සංදර්ශනයකි. මෙයට නොරැවටෙන්න. හැකිනම් කලයුත්තේ මොහුගේ ඇමරිකන් පුරවැසිභාවය අතහැර ඇත්දැයි නිශ්චිතව දැන ගැනීමයි.
DilanFriday, 16 August 2019 03:02 AM
මේ විමර්ශනය කරන්නේ පොහොට්ටුව විසින් නොවේ. වෙනත් ආණ්ඩුවක් තිබියදී ඔවුන් කොහොමද මැතිවරණ සංදර්ශන වෙනුවෙන් පොලිසිය මෙහෙයවන්නේ? එහෙම කරන්න පුළුවන් නම් ඒකත් මේ ආණ්ඩුවේ වරදක්.
ගල්කටස් Friday, 16 August 2019 01:28 AM
අනේ මන්දා මෙච්චර බය ඇයි. දුකයි දැන්ම පරාජය පිළි අරන් හිරෙ දාන්නමයි උත්සහය. පව් එත් ජය නියතයි ..
dare Friday, 16 August 2019 01:28 AM
එතකොට ගෝටාභයට ඉස්සර ලංකාවේ පාස්පෝර්ට් එකක් තිබිල නැද්ද. ගෝටාභය ඇමරිකානු පුරවැසිබාවය ලබාගන්නකොට ලංකාවේ පුරවැසිබාවය අත්හරින විදියටද අරන් තියෙන්නේ. සරලව ඇහුවොත් ද්විත්ව පුරවැසිබාවයක් නැ ඇමරිකානු පුරවැසියෙක් විතරද.
Ajith NissankaSaturday, 17 August 2019 01:56 AM
ඔහුට ඉස්සර තිබුණා ශ්‍රී ලංකා passport එක ඇමෙරිකානු පුරවැසිකම ලැබීමත් සමග වලංගු නැති වෙනවා..! ඔහු තවදුරටත් ශ්‍රී ලාංකිකයෙක් නොවේ! ද්විත්ව පුරවැසිකම අයදුම් කරන්නේ ඔහු තව දුරටත් ශ්‍රී ලාංකිකයෙක් නොවන නිසා ! ද්විත්ව පුරවැසිකම ප්‍රදානය කරනකොටත් පලවෙනි පුරවැසිකම ලෙස තියෙන්නේ ඇමෙරිකානු පුරවැසිකම! එමනිසා ඔහුගේ ඇමෙරිකානු passport එක තමා තවදුරටත් වලංගු...! ඔහුට ද්විත්ව පුරවැසිකම ප්‍රදානය කළපසු ශ්‍රී ලංකාවේ passport එකක් අයැදුම් කිරීමට අවසර ලැබෙන නමුත් පුරවැසිකම ලෙස ද්විත්ව පුරවැසි ලෙස සඳහන් කළ යුතුයි..! ඇමෙරිකානු රජයෙන් නිල වශයෙන් මෙතුමා පුරවැසිකමෙන් ඉවත් කරනතුරු මෙතුමා ඇමෙරිකානුවෙකි! මෙතුමාගේ passport එකේ තමන් ශ්‍රී ලාංකියෙකු ලෙස සඳහන් කොට ඇති අතර ඔහු තවමත් ඇමෙරිකානු පුරවැසියෙක් බැවින් එය නීති විරෝධී වේ...!
මුණසිංහ Friday, 16 August 2019 01:50 AM
හරිම කාර්යක්ෂමයිනේ. සහරාන් පරික්ෂණත්, සාෆි පරීක්ෂනත් මේ වගේම කාර්යක්ෂම ඇති නේද? පහුගිය දවස්වල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොච්චර පැමිණිලි ආවද? ඒව විමර්ශනය කරල ඉවරද?
Hafeel Friday, 16 August 2019 02:03 AM
මේ රට අධිකරණ පද්ධතියතුල මෙයාට දඬුවම් දෙන්නේක හෝ රටට සාධාරණ ඉටු වේවි කියා විශ්වාස තබන්න බැහැ.
lalithm Friday, 16 August 2019 02:48 AM
කොහොමත් වාරණයක් ගනීවි නඩුවක් දැම්මොත්. ඔහුගේ පොදු ක්‍රියාදාමය. නඩුවලට බය එතුමා නොවේද?
සේන Friday, 16 August 2019 03:38 AM
මොකක් හරි පටළවන්න තමයි දඟළන්නෙ. රටම විනාශ කරපු මේ පාලනය දන්නෙ ඔච්චර තමයි.
indika Friday, 16 August 2019 03:41 AM
සමහරුන්ගේ නොදැනුවත්කම...ද්විත්ව පුරවැසිකම තියෙද්දී රටවල් දෙකේම පාස්පෝර්ට් ලබාගන්න පුළුවන්.
Ajith Nissanka Friday, 16 August 2019 03:49 AM
පුදන කොටම කාපී යකා ! පටන් අරන් තියෙන්නෙම සුපුරුදු හොරකමින් ! දැන්ම විමර්ශනය කරොත් අල්ල ගන්න පුළුවන්. නැත්නම් විමර්ශනය කරන එක්කෙනාට සුදු වෑන් එකේ රවුමක් යන්න පුළුවන්.
Lakmal Friday, 16 August 2019 03:52 AM
පුදුම බයක් තියෙන්නේ...
namalFriday, 16 August 2019 08:26 AM
හැමෝම අහන්නේ ගෝඨාභයට බයද කියලා... බය නෙවෙයි හිරිකිතේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන... මහින්ද අගමැති, මල්ලි ජනපති, අනිත් නෑයෝ මුළු ඇමැති මණ්ඩලයම. පුතාලා තමයි රටේ එකම තරුණයන් ටික. අනිත් අය ඇමති ලේකම්, රජයේ ආයතනවල ලොක්කෝ.. දැන් එතකොට අපි කව්ද...අපි කල්ලතෝනිද? මේ වහල්ලු අපිට ලංකාවේ ඉන්න බැරි කරලා තියෙන්නේ..? ලැජ්ජයි, නෝනා හොරා කෑවේ හැඳුනුම්පත් නම්බර් එකෙන්.. වරාය නගරයේ අක්කර 25 සින්නක්කර දුන්නට කමක් නැහැ කියලා මහින්ද කටින්ම කියනවා. එ්ක හදපු අය මෙයාලගේ වලට සල්ලි දීපුවගේ සාක්ෂි තියෙනවා. රනිල් මෙයාලව රැක්කා... මෙයාලා ආයේ එන්නෙත් හොරකන් කරන්න. පලි ගන්න. කොල්ලන්ට තුවක්කු ගන්නම තමයි පාර හදන්නේ...
Ajith NissankaSaturday, 17 August 2019 02:41 PM
ඇත්තටම දූෂණය සහ භීෂණය හැන ජනතාව බියවිය යුතුයි! මේ දවස්වල විකාශනය වන පැණි කුරුල්ලෝ ටෙලිඩ්‍රාමා එක එතුමාගේ අනාගත පාලනය ගැන පෙරහුරුවක්...!
raheem Friday, 16 August 2019 03:54 AM
දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය මේකද? මේවා හැමෝටම පෙන්නේ ඡන්ද කාලෙට විතරද?
LionFriday, 16 August 2019 07:31 AM
අපේ ජනාධිපති වෙන්න ඉන්න මිනිසා විස්වාස කරන්න පුළුවන් අයකු විය යුතුයි නේද
Deepal Nirosh Friday, 16 August 2019 04:08 AM
මොහුට භයෙන් රටේ නීති හා අපරාධ විමර්ශන අංශ කාර්යක්ෂම වෙච්ච තරම? බලයට ආවොත් මේ අංශ කොහොමට වැඩ කරාවි ද? හිතා ගන්නවත් බැහැ.
Ranga Friday, 16 August 2019 04:50 AM
ගෝඨාභය මහතාට මෙච්චර බය ද ? චන්දෙ තියන්නකෝ. ඊට පස්සේ බලමුකෝ මිනිස්සු කැමති කාටද කියලා...
wimal Friday, 16 August 2019 05:30 AM
පලක් නැති දේවල් වලට නම් අපේ අයගේ විමර්ශන බොහෝම ඉක්මන්. අවශ්‍ය දේවල් ඔක්කොම යට ගහනවා. දැන් තේරෙනවනේ ඔක්කොම හසුරවන්නේ දේශපාලනයෙන් කියල.
Nilantha Friday, 16 August 2019 06:15 AM
මහින්ද මහත්තයා හදන්නෙ ගෝඨාභය මහත්තයව ඉස්සරහට දාගෙන කැම්පේන් එක ගහල අන්තිමට බැසිල් මහත්තයා දාන්න . මහින්ද මහත්තයත් ගෝඨාභය මහත්තයට කැමති නෑ.
JayeFriday, 16 August 2019 09:16 AM
සිරිකොත ලොජික්. අනේ අපොයි සිරිකොතේ දන්කුඩ කන අය බය වෙලා තියෙන තරමක්...
Tharidu Friday, 16 August 2019 07:15 AM
හොඳයි හොඳයි ඔය ඔක්කොම හොයලා බලන එක හොඳයි. මොකද ගෝටා ජනාධිපති වෙන එක නවත්තන්න ඉතින් මේ වෙලාවෙ නම් කාටවත්ම බැහැනෙ.
pushpakumara- kandyFriday, 16 August 2019 09:41 AM
බණ ටෝකින්..? ගෝඨා කවමදාකවත් ජනාධිපති වෙන්නේ නැහැ. එ්ක ෂුවර්... එයාගේ 88/89 කාලයේ සිදුවූ දේවලට සාක්ෂි ඇතිවම ළඟදීම නඩුදානවා.
සෙනෙවිFriday, 16 August 2019 11:46 AM
88-89දී ඝාතන පිළිබඳව චෝදනා තිබුනා මතකද? ඒ වගේම ප්‍රේමදාස මහතාට සමහරු කිව්වෙ පුෂ්පකුමාර කියලානේ... මේ ඒ පුෂ්පෙ වත්ද?
ThariduFriday, 16 August 2019 02:36 PM
පුෂ්පකුමාර, හිතේ දුකට කියන පීචන් පුස් ටෝක්ස් වලින් ගෝඨා පරද්දන්න බැහැ. ඔයාගේ කතාව හරියට රනිල් කුලියාපිටියේ වොක්ස්වැගන් එකෙන් නොතෙමී යන්න දුන්නු පුංචි කාර් එකේ රනිල් දුන්න බ්‍රේස්ලට් දාගෙන ෆ්‍රී වයිෆයි සෝන් එකකට ගිහින් පස්සේ බොම්බේ තියන්න කලින් කටුවාපිටිය දේවස්ථානයට යනවා වගේ. රනිල්ගේ රෙදි හෝදන්න යන්නේ නැතුව නරකද සිරිකොතට ගිහින් පුන්නක්කු ටිකක් එහෙම කෑවා නම්..
Dasuni Friday, 16 August 2019 08:13 AM
එපා කියලා අමාරුවෙන් එළවපු අය දිහා බලන්න සිදුවීම අපේ ජයක් නොවේ.එය මේ රටේ අවාසනාවයි.
chris Friday, 16 August 2019 10:05 AM
විදෙස් ගමන් බලපත්‍ර ගැන විමල් වීරවංශ මහතාගෙන් උපදෙස් ලබාගන්න.
Namal Friday, 16 August 2019 10:17 AM
ගෑවෙන තැන හොර වැඩක් තමයි. පාස්පෝට් හොර වැඩවලට පොහොට්ටුවේ අය කොහොමත් අති දක්ෂයි.
Don Friday, 16 August 2019 02:26 PM
2005 ඡන්ද ලේඛනයේ නම දාලා තියෙන්නේ ග්‍රාම නිලධාරියා. එයා තමයි වැරදිකාරයා ලසන්ත, තාජුදීන් අමුඅමුවේ මැරුවේ මිනීමරුවෝ, එයාලා තමයි වැරදිකාරයන් දෙමව්පියන්ගේ සොහොන් කෞතුක සමාධි බවට පරිවර්තනය කෙරුවේ බාස්ලා, එයාලා තමයි වැරදිකරුවෝ. කීත් නොයාර් දඬුකඳේ ගැහැව්වේ, එක්නැලිගොඩ අතුරුදන් කෙරුවේ තව කට්ටියක්ලු, ඒ කට්ටිය වැරදිලු. මල්වානේ ඉඩම් මහජන මුදලින් අරගෙන රජයේ මුදලින් හැදුවේ මැතිණියකට වුණාට, වැරැද්ද බාස්ලා අතේ....
Rata Perata Friday, 16 August 2019 02:32 PM
මෙයාලද? කලොත් හොර වැඩක් තමයි.
Ajith NissankaFriday, 16 August 2019 05:26 PM
දැන් බලාගෙන යනකොට මෙතුමා තවම ඇමෙරිකානු පුරවැසියෙක්...! හැබැයි කතාව නම් සියලුම ඇමෙරිකානු ගිවිසුම් ඉරා දමන්න..!
Dharme Friday, 16 August 2019 03:31 PM
අලි පොහොට්ටු තට්ටු මාරු දේශපාලනයෙන් හැමදාම එකම කාසිය උඩ නොදාගන්න මෙවරවත් අත් මිදෙන්න බලමු. මේ හැමඑකාම තමන්ගේ මල්ල පුරවාගන්න තමයි බලන්නේ...
Chaina Friday, 16 August 2019 04:31 PM
මට තියෙන පුදුමය ඔය ඝාතන ලිස්ට් එක එළියට එන්නේ ඡන්දයක් කිට්ටු වෙනකොට විතරයි. මෙතෙක් කල් පරීක්ෂණ කරන්න තිබුණානේ...
Ajith NissankaFriday, 16 August 2019 05:32 PM
ඒකනම් ඇත්ත ! ඔය ඝාතන ලිස්ට් එක එළියට එන්නේ ඡන්දයක් කිට්ටු වෙනකොට විතරයි. ඒක නිසානේ රෑට රෑට දෙපැත්තේ කට්ටිය සෙට් වෙන්නේ ! මෙතුමා බලයට අාවොත් කිසිම දවසක මහබැංකු මගඩියට සම්බන්ධ කිසිම කෙනෙකුට දඬුවම් පමුණුවන්නේ නැහැ! මේ නායකයන් අපරාදේ කියන්න බැහැ දේශපාලු රැහේ එවුන්ට කාලගුණ සැලකීමට හොඳට ඉගෙනගෙන තියනවා..!
nihal Friday, 16 August 2019 05:42 PM
අවශ්‍ය වෙලාවට උම්බලකඩ කෑල්ල නූලක ගැටගහලා පරිප්පු හොද්දට දානවා වගේනේ... ඡන්දය කිට්ටු වෙනකොට තාජුදීන්ව වලෙන් ගොඩ අරගෙන ලසන්තගේ මරණ පරීක්ෂණය සුද්ද පවිත්‍ර කරගන්නේ..