(බිමල්  ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම අටලුගම දී පොලිසියේ නිලධාරීන්  කිහිප දෙනෙකුට පහර දී පළා ගොස් සැඟවී සිටියදී බණ්ඩාරවෙළ දී අත්අඩංගුවට ගත්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන "ගොටුකොළ රිෆායි" නැමැත්තා බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු   මෙම මස  24 වැනිදා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන  මහතා නියෝග කළේය.                           

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වූයේ බණ්ඩාරගම අටලුගම මාරාව පදිංචි  අබ්දුල් හරිෆ් මොහොමඩ් රිෆා‍‍‍‍‍‍‍යි  " ගොටුකොළ  රිෆායි " ( 50 ) හැවිරිදි පුද්ගලයෙකි.                     

පසුගිය 9 වැනි දින බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පොලිසියේ නිලධාරීන්ට සැකකරුගේ නිවසේ ගංජා  තිබෙන බවට ලද තොරතුරක් අනුව  නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන අත් මාංචු  දමා රැගෙන ඒමට සූදානම් වීමේ දී සැකකරුගේ  බිරිඳ හා සමීප ඥාතීන් පොලිස් නිලධාරීන්ට පහර දීමත් සමඟම සැකකරු අත් මාංචු පිටින්  පළා ගොස් තිබිණි.