(මහින්ද නිශ්ශංක)
නිවෙස් බලා යන කාර්යාල සේවක සේවිකාවන්ගේ පහසුව සඳහා අද(26) පස්වරුවේ කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල සිට පිටපළාත් දක්වා දුම්රිය 7ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
එම දුම්රිය හලාවත, වේයන්ගොඩ, අවිස්සාවේල්ල, කුරුණෑගල, මහනුවර හා ගාල්ල දක්වා ධාවනය කෙරේ.
2018 මැයි 26 වැනි දින කැබිනට් මණ්ඩලය මගින් අනුමත කරන ලද ශ්‍රේණි විෂමතා සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරනතුරු දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව පවත්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පවසයි.
COMMENTS
එක්කෝ ආණ්ඩුව දෙනවා කිව්වා නම් දෙන්න ඕනි. බැරිනම් බැහැ කියන්න ඕනි. හැමදාම කට්ට කන්නේ කාර්යාල සේවකයන්. ආණ්ඩුවට දැනුණද? කොච්චර දුන්නත් මදි නම්, දෙන පඩියට වැඩ කරන්න බැරිනම් වෙන අතක් බලාගන්න කියලා.. එක්කෝ මේකේ ඔය දුම්රිය ගැන හැමදාම ධාවනය කරලා අනික් මිනිස්සු ගෙදර යවන්න, සල්ලි හරි ඉතුරුයි. ඒ අතරේ හමුදාව පුහුණු කරලා යොදවන්න. එයාලට බැරිය කියලා දෙයක් නැහැ. ආණ්ඩුවට කොන්දක් නැහැ එච්චරයි. පුළුවන් නම් ඔය දෙපාර්තුමේන්තුවේ එකෙක්ගේ වැඩ තහනම් කරලා එළියට දාන්න. අනික් එවුන් ටික මීයන් වගේ ඇවිත් වැඩකරයි. පුදුම තරහක් තියෙන්නේ, එක දුම්රියක් වෙලාවට යවාගන්න බැහැ. හැබැයි වර්ජනය නම් වෙලාවටම කරාවි..
රජයට සැබවින්ම ආඩම්බර විය හැකියි එහි ක්‍රියාකාරීත්වය ගැන...