(අමදෝරු අමරජීව)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට එරෙහිව වෘත්තිය සමිති මව් සංගම් ගෙන යන අරගලයට සහය දීමක් ලෙස අද(31) සිට ත්‍රිකුණාමල වරාය සේවකයන් අකුරට වැඩකිරීමේ ව්‍යාපාරයක් දියත් කළ බව ත්‍රිකුණාමල වරාය සේවකයෝ පැවසුහ.
මේ අනුව හෙට (01) සදුදා දිවා ආහාර විවේකයේදි ත්‍රිකුණාමල වරාය දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විමටද කටයුතු යොදා ඇති බව වෘත්තිය සමිති ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.
ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ඒ.සි.තොටවත්ත, වාණිජ හා ප්‍රගතිශිලි සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ජ්.කේ.රම්‍ය කුමාර, ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ සභාපති එච්. එම්. ඒ.හේරත්, සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතියේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ජි.පුණ්‍යසිරි සරත් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කල ඒකාබද්ධ නිවේදනයේ මේ බැව් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ ඕනෑම දෙයක් කරන්න නේ... පස්සේ 2/3 නැවත දුන්නා. ඇයි අපි නැවත පාරට බහින්නේ..? අපි එයාලට දුන්නේ අපේ රටේ ඕනැම එකක් විකුණන්න, බදු දෙන්න, විනාශ කරන්න කියලානේ...