(විනීතා එම් ගමගේ)
ඉදිකිරීම් ආරම්භ කර ඇති කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ගම්පහ - දාරළුව ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ආවේණික ‘කෲඩියා සෙලනිකා‘ නම් ශාකය හමුවීමත් සමඟ එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුකෙරෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවන ලෙස මාර්ගය සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ශාකය ලෝකයෙන් වඳවී ගිය බවට අන්තර් ජාතික රතු දත්ත පොතට ඇතුළත් කර ඇති ශාඛයකි.
කෙසේ වෙතත් අහම්බයෙන් හමුවූ මෙම ශාකය පේරාදෙණිය උද්භිද උද්‍යානය සමඟ එක්ව සංරක්ෂණය කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ලක්ෂ්මන් පීරිස් මහතා පවසා තිබේ.
1868 වසරේ මෙම ශාකය පළමුවරට වාර්තාවී ඇති අතර පසුව 1911 වසරේ දී නැවත සොයාගෙන තිබේ.
අධිවේගී මාර්ගය ඉදිරකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති පරිසර තක්සේරු වාර්තාවලදී මෙම ශාකය හමුවූ බවට සඳහන් නොමැති බව වාර්තවේ. ඉන් පසුව නැවත වාර්තාවී නොමැති බැවින් වඳවී ගිය ශාකයක් ලෙස ‘කෲඩියා සෙලනිකා‘ නම් ශාකය රතු දත්ත පොතට ඇතුළත් කර ඇත්තේ ඉන් අනතුරුවය.
කෙසේ වෙතත් අධිවේගී මාර්ගය ඉදිරකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති පරිසර තක්සේරු වාර්තාවලදී මෙම ශාකය හමුවූ බවට සඳහනක් නොමැති බව වාර්තා වෙයි.
මෙම ශාඛය තක්සේරු වාර්තාවලට අසු නොවූයේද එය තක්සේරු වාර්තාවලින් සැඟවූයේ ද යන්න ගැන සොයා බැලිය යුතු යැයි එම ශාකය සොයාගත් පරිසරවේදී හිමේෂ් ජයසිංහ මහතා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ද කර තිබේ.
කෙසේ වෙතත් ශාකය සංරක්ෂණය සඳහා පියවර ගැනීමෙන් පසු අධිවේගී මාර්ගයේ කටයුතු යළි අරඹන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
COMMENTS
පරිසරවේදී හිමේෂ් ජයසිංහ මහතාට බොහෝම ස්තූතියි.
අනේ නිමේෂ්. ඔහේගේ සෙලවෙන කඩියා ගලවාගෙන ගිහින් ඔහේගේ වත්තේ හිටවා ගන්නවා. නිකන් වැඩ කඩාකප්පල් කරන්නේ නැතුව. පරිසර වාර්තාවට අවසර අනුමැතිය දුන්නේ කන්තෝරුවේ ඇතුලේ ඉඳගෙන බව මේකෙන් හොඳටම පෙනෙනවා. අඩුම ගානේ අවසරය දුන් ලියුමේ සඳහනක් සහ කොන්දේසියක් වත් දාලා තියෙනවද මෙවැනි ශාක තියෙන ප්‍රදේශ මොනවාද හෝ ස්ථාන සහ හම්බ වුනොත් පරිසර අධිකාරිය ගන්න පියවර මොනවද කියලා? එහෙම ව්‍යාපෘතියක් නවත්තන්න පුලුවන්ද නිකන් නින්දෙන් ඇහැරිලා වගේ..?
යාන්තම් ඇති තමන්ගේ අදහස් නිර්භයව ඉදිරිපත් කිරීමට ඒ බලධාරීන්ට හැකියාව ලැබුන එක. ඒහි ඇති හේතුන් ගැන මට අදහසක් ඉදිරිපත් කිරීමට බැරිය. නමුත් තම ආයතනයේ අදහස් නිර්භයව ඉදිරිපත් කිරීම වටිනවා.
මේ ගස මෙතනම තබාගෙන ආරක්ෂා කරන්න පුළුවන්න නම් හොඳයි. එසේ නැතිනම් ප්‍රචාරණ ක්‍රමයකින් වෙනත් ස්ථානයකට ගෙන ගොස් සංරක්ෂණය කලහැකියි.
මේක හොඳයි. ඒත් දවසට දෙන්නා තුන්දෙනා ගන්නේ මැරෙන අලි ටික ඉතුරු කරගන්න මොකක් හරි කරන්න. හැමකෙනාම ගෙවත්ත වටේ විදුලි රැහැන් ඇදගෙන. මේක නවත්තන්න.
පරිසර වාර්තාවල සත්‍යතා ගැන ප්‍රශ්නයක් තියෙන බව දැන් පැහැදිලියි නේද? මෙතෙක් කල් කරපුවා ගැන කොහොමද විශ්වාසයක් තියන්නේ? පරිසර අමාත්‍යාංශයේ නියම පරිසරවේදීන් කියක් ඉන්නවද?
ව්‍යාපෘතිය නවත්වන්නේ නැතිව ශාකය සංරක්ෂණය කරන්න බැරිතරම් වෙන්න බැහැ නේද?. මොනම දෙයක් නිසාවත් රටට මෙතරම් මුදලක් වියදම්වෙන ව්‍යාපෘතියක් නවත්වන එක සංරක්ෂණයට වඩා හානිකර වෙන්න පුළුවන්. මේවට ගන්න ණය ගෙවන්නේ මුළු රටේම මිනිස්සු බව මතක තියෙන්න ඕනේ...
උපුල ටිකක් පොතක් පතක් කියවපන්කෝ... මැටි මෝල් කොමෙන්ට්ස් දාන්නේ නැතුව...
ලංකාව කියන්නේ මහා මාර්ග පද්ධතියක් පමණක් නොව විවිධ වර්ගයේ වටිනාකම් ඇති පරිසරය හා වෙනත් දේ අගයන අය ඉන්න තැනක් බව ඔප්පු කිරීමට ඉදිරිපත් වීම ගැන ස්තුතියි..
තවත් ප්‍රමාද කරන්න විදියක්. ශාක ආරක්ෂා කරන්න ඕනෑ. දැන් ඔය හම්බවුණා යැයි කියන එක කලින් දැක්කේ නැත්තේ ඇයි? ඕවා පටන් ගන්න කලින් බලන්න තිබ්බනේ. මේකෙන් වෙන්නේ නිරපරාදේ මිනිස්සුන්ගේ කාලය, මුදල්, ඉන්ධන නාස්තිවෙන එක... දැන් ඔය පාර හදන එකෙන් කොච්චර නම් ප්‍රමාද වෙනවද?
හප්පේ.. හරි හරි ..ගහ බේරන්න පාර හදනඑක නවතා දමමු. පරිසරය බේරන්න කෝච්චි, වාහන, ගුවන්යානා, නැව්, බෝට්ටු, ගෑස් ලිප්, දර ලිප්, භූමිතෙල් ලිප් නවතා දමමු. කාබන්ඩයොක්සයිඩ් සහ මීතේන් නවත්තන්න හුස්ම ගැනීම, සතුන් ඇතිකිරීම, වී වගාව ආදිය නවතමු. කාබන්ඩයොක් සයිඩ් සහ මීතේන් නවත්තන්න ගිනිකඳු, වගුරුබිම් කොන්ක්‍රීට් දමා වසා දමමු. ලෝකය බේරන්න මිනිස් වර්ගයා තුරන්කර දමමු. කුහකකම ...
එක පාරටම නේද මේක හම්බවෙලා තියෙන්නේ...? මේ නිසා අධිවේගේ වැඩ නැවතියි වගේ. ඕක වෙනතැනක පැල කර ගන්න බැරිද?
ඔය පැලෑටිය කොහෙන් හරි ගලවාගෙන විත් ඔය පාරේ සිටවූවක්ද යන්න සොයා බලන්න. දැන් දැන් සිද්ධ වෙන්නේ පරණ කට්ටිය කරපු වැඩවල කුණු හොයන එකනේ. එ්ක නිසා එ්ක වෙන්නත් බැරි නැහැ. නැත්නම් මේ පරිසරවේදියා මෙතනම හොයන්න ගියේ මොකද? ඉදිරි ඡන්දෙටත් මොනවා හරි කුණු ගොඩක් ඕනනේ මිනිස්සුන්ව රවටන්න.
කලින් ආණ්ඩුව කරපු සියලු දේ නවතනවා. කලබල වෙන්න එපා...
අපේ අයගේ පුරුද්දනේ කකුලෙන් අදින එක...
පරිසරය රැකුණොත් අපද රැකෙයි 'Nature is everything '
කරුණාකර දන්නා කෙනෙක් ඉන්නවා නම් මෙම ශාකයේ තිබෙන ඖෂධීය ගුණය, ආහාරමය ගුණය, පාරිසරික වැදගත්කම සහ මූල්‍යමය, වාණිජමය වටිනාකම පිළිබඳව අපව දැනුවත් කරන්න. ඒ වගේම ‘කෲඩියා සෙලනිකා‘ කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් නොව අප රටේ මිනිසුන් මෙම ශාකය සඳහා භාවිතා කරන නාමය සඳහන් කරන්න. එවිට මෙම ශාකය ලෝකයේ තවත් තැන්වල තිබෙනවද කියා සොයා බැලීමට හැකියි.
ව්‍යාපෘතිය නැවැත ආරම්ඹ කළ විට, නැවැත් වීමට මුල් වූ පුද්ගලයන්ගෙන් පාඩුව අය කරගත යුතුය. පසු ගිය කාලයේ පෝට් සිටි ව්‍යාපෘතිය නැවැත් වීම නිසා රටට බිලියන ගණනක පාඩුවක් උනා. මෙවැනි අමන ක්‍රියා නොකර එම වෘක්ෂය වෙනත් තැනක රෝපණය කරා නම් හරි. එවැන්නක් කරන්න තාක්ෂණය මෙහෙ නැතිනම් පිටරටකින් ලබාගන්න පුළුවන්.