IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


කොළඹ ජාතික රෝහලට මිලියන 70ක වෛද්‍ය උපකරණ

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය සහ උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයන්හි ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 70කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ කීපයක් රෝහල වෙත පරිත්‍යාග කිරීම රෝහල් පරිශ්‍රයේදී අද (07) සිදුකෙරිණි.

ජාතික රෝහලේ ‘රෝහල් සේවා මණ්ඩලයේ’ අධ්‍යක්‍ෂ ශ්‍රාස්ත්‍රපති රජවැල්ලේ සුභූති හිමියන්ගේ සම්බන්ධීකරණය යටතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ සඳහා අනුග්‍රහය දක්වා තිබේ.

වෛද්‍ය උපකරණ රෝහල වෙත භාර ගැනීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ,කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ,ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජගත් රතුගම, උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය යන මහත්ම මහත්මීන් ද පරිත්‍යාගශීලීන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ජීව විද්‍යා ඉංජිනේරු කේ.ජයනන්ද මහතා ඇතුළු රෝහල් සේවා මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් රජවැල්ලේ සුභූති හිමියන් කියා සිටියේ අසරණ රෝගීන් වෙනුවෙන් සිදු කෙරෙන මෙවැනි උතුම් පිංකම් වෙනුවෙන් හැකි සෑම කෙනෙකුම දායක වන්නේ නම් එය ඉතා අගය කොට සලකන බවයි.

( ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 

 

 



අදහස් (9)

කොළඹ ජාතික රෝහලට මිලියන 70ක වෛද්‍ය උපකරණ

Ruwan Friday, 07 December 2018 05:35 PM

හරිම හොඳ වැඩක්... ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට ගොඩක් පින්...

:       0       0

Nandalal DE SILVA - France Friday, 07 December 2018 06:42 PM

පරිත්‍යාගශීලින් විසින් මෙරට රෝගීන් සඳහා එවන වටිනා වෛද්‍ය උපකරණ නිසි පරිදි නඩත්තු කිරීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතු වගකීමක් වෙනවා. සමහර අවස්ථාවලදී වටිනා අවශ්‍ය උපකරණ නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන නඩත්තු නොකර දිරාපත්වීමට ඉඩ හැරීම ඒවා පරිත්‍යාග කරන පින්වතුන්ගේ කණගාටුවට හේතුවන බව නොකියාම බැරිය !

:       0       0

ප්‍රදීප් Friday, 07 December 2018 09:33 PM

සමාගම් වලින් සල්ලි අරන් දේශපාලකයන්ට කඩේ යන අයට වඩා මේ හාමුදුරුවෝ කොච්චර වැදගත් දෙයක්ද කරලා තියෙන්නේ. ඇමති කෙනෙක් නැති නිසා මේ අවස්ථාව වඩාත් ගාම්භීරයි. ලස්සනයි.හාමුදුරුවන්ටත් ,පරිත්‍යාගය කල අයටත් පින්.

:       0       0

Bamunuarachchi Saturday, 08 December 2018 01:54 AM

කෝ අර හාමුදුරුවරුන්ට බනින ගොයියලා. 95000 දීමනාවට කුලියට කහින අය හැරෙන්න. අනික හාමුදුරුවරු කරන්නේ රටට සේවයක්. රටක සංස්කෘතියක් නැති අගමැතියෙකුගෙන් ගලවා ගැනීමට ඉදිරිපත් වීමම විශාල සේවයක්...

:       14       318

DarshanaSaturday, 08 December 2018 09:50 AM

සංස්කෘතියක් තියා ජාතියක් ජම්මයක් වත් නැහැ හිටපු අගමැතිට...

:       33       58

ලසන්ත Saturday, 08 December 2018 03:35 AM

මෙම කාර්යයට දායක වූ සියළු දෙනාටම බොහොම පිං.....

:       0       82

Sanka N. Bandara Saturday, 08 December 2018 03:59 AM

මේ දේවල් අපේ රටට ගොඩක් වටිනවා... ඒත් මොන දේ තිබුණත් මේ රටේ හැම දේටම කලින් හදන්න ඕනේ පාලකයින්ගේ ක්‍රියාකලාපය.... නැතිනම් මොනවා කළත් වැඩක් නැති වෙයි.

:       12       306

RaveendraSaturday, 08 December 2018 09:50 AM

Sanka N. Bandara මයා වෙත, ඔබගේ අදහස් " පාලකයන් නමැති මීහරකුන්ගේ ක්‍රියා කලාපය " ලෙස සංස්කරණය වන්නේ නම් එය වඩාත් ගෝචර වන්නේය. මක්නිසාදයත් අප රටේ පාලකයන් නොමැති බවත් ඒ සදහා සුදු පිරුවට පොරවාගෙන සිටින්නේ පාදඩයින් නිසාය.

:       0       32

vidya Sunday, 09 December 2018 01:51 AM

බුදුන් වහන්සේගේ නියම ශ්‍රාවක වහන්සේලා මේ කරන ඇති විශිෂ්ට සේවය..... අපි අගය කරමු. සිවුරු පොරෝවාගෙන ලාබ වාසි පිණිස වැඩ කරන අයට මෙවැනි සංඝයා වහන්සේලා පෙන් වන්නේ යහ මගයි. මේවා ආදර්ශයට ගන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 726 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 886 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site