IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


“කොවිඩ් නිසා රටවල් විස්සක් ලංකාවේ සංචාරය කිරීම තහනම් කරලා’’

(තිළිණි ද සිල්වා)

කොවිඩ් තත්වය හේතුවෙන් මේ වන විට රටවල් 20 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කර තිබෙන බවත්, එම රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරිමට විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කුවේට්, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ලාඕස්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පුරුව, පිලිපීනය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, නොර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කටාර්, වියට්නාමය රටවල් මෙලෙස සිය වැසියන්ට ලංකාවට පැමිණිමට තහනම් කර ඇති බවද අමාත්‍යවරයා කීය

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ලංකා දූත මණ්ඩල කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය.

මීට අමතරව මෙරටට සංචාරකයින් ආකර්ෂනය කර ගැනිම සදහා අගෝස්තු 01 වැනිදා සිට ලොව පුරා ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට උපදෙස් දී ඇත.

මෙරටට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා සංචාරක හෝටල්,ගුවන් සමාගම් හා සංචාරක සංවිධායකයනට ලබා දිය හැකි සහන පැකේජ වශයෙන් ඒවා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් පිළිබදවද අමාත්‍යවරයා මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඩ් එන්නත්කරණය අවසන් කිරිමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ජනගහනයෙන් සියයට 60 කට කොවිඩ් එන්නත ලබා දීම රජයේ අපේක්ෂාව බවත් පෙන්වා දුන් ඇමතිවරයා කොවිඩ් නිසා බිඳ වැටී ඇති මෙරට ආර්ථිකය නැවත ගොඩ ගත හැක්කේ සංචාරක ව්‍යාපාරය වැනි කර්මාන්ත වලින් බවද කීවේය.

ඒ අනුව රුසියානු හා නැගෙනහිර යුරෝපා කලාපයේ නව ප්‍රවර්ධන වැඩසටහන් ලබන මාසයේ සිට ආරම්භ කිරිමට තීරණය කෙරිණ.

සංචාරකයින් ගෙන්වා ගැනීමේ ක්‍රියාකාරී සැලැස්ම පිළිබද විශේෂ සාකච්ඡාවක් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙම සාකච්ජාව සඳහා සංචාරක අමාත්‍යාශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කීමාලි ප්‍රනාන්දු ,අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ,ගුවන් සමාගම් නියෝජිතයන්,සංචාරක හෝටල් හිමිකරුවන්ගේ සංගම් නියෝජිතයන් හා සංචාරක සංවිධාන ආයතන නියෝජිතයන්ද සහභාගී වුහ.

 



අදහස් (5)

“කොවිඩ් නිසා රටවල් විස්සක් ලංකාවේ සංචාරය කිරීම තහනම් කරලා’’

බද්රානි Tuesday, 27 July 2021 04:30 PM

මේ රටවලින් තහංචි පැනවීම ඉතාමත්ම හොඳයි. ඒ කාලසීමාව තව දුරටත් දිගු කිරීම ඉතාම කාලෝචිතයි. ශ්‍රී ලාංකිකයින්ව ඒ රටවලට ගෙන්වා ගැනීමත් නතර කරන්න. විදේශගත ලාංකිකයින්ගෙන් මුදල් ගසා කාපු සංචාරක කර්මාන්තය භංග වේවා!! විදේශගත ලාංකිකයින්ගෙන් ලංකාවට ලැබෙන විදේශ විනිමය අහිමිවේවා!! විදේශගත ලාංකිකයින් එම රටවල් තුළම වියදම් කරමින් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. මතකද? මේ තුප්පහි ජාතිය තමන්ගේම ජාතිය "මිනිස් බෝම්බ" ලෙසින් සලකා පොලිසියට පවා කෝල් කළා. මෝඩයින් ලෙස තිරිසනුන් සමග වාසය කරනවට වඩා, වෙනත් ශිෂ්ඨ සම්පන්න ජාතීන් සමග ඒ රටවලට වෙලා සහයෝගයෙන් ඉන්න...

:       25       1057

KulathissaTuesday, 27 July 2021 07:38 PM

බද්රානිතුමෝ, මේ ගොල්ලන්ට ඔය රටවලින් යන්න කිව්ව දාට මූදට පනින්න. මෙහෙ එන්න එපා...

:       9       2

බද්රානිWednesday, 28 July 2021 12:40 AM

කුලතිස්ස ගොයියෝ, බලු කුඩුවේ බල්ලොයි, වැදගත් ජනතාව ජීවත් වෙන රටවලුයි අතර ලොකු වෙනසක් තියනවා. බල්ලන් තවත් බල්ලෙකුට බිරුවාට, වැදගත් මිනිස්සු තමන්ගේ ජාතියට මෙන්ම වර්ගයාටත් ගරු කරනවා තේරුණාද? ව්‍යවසනයකදී ජාතිය ප්‍රතික්ෂේප කළාට, වැදගත් ජාතීන් තමන්ගේ ජාතිය හා එකමුතු වෙමින් ආදරයෙන් දුක බෙදා ගත්තා. එ්ත්, අමරණීයයි සිතන අය තම වර්ගයාව පිළිකුල් කරමින් අජරාමර වෙන්න දැඟලුවා.

:       0       0

bandaraTuesday, 27 July 2021 07:46 PM

කුවේණියගේ නැවත ඉපදීම...

:       2       12

chandima Tuesday, 27 July 2021 07:31 PM

අපේ ඇමැතිලා හිතන් ඇති එයාලා ඒ රටවලටත් ඇමැතිවරු කියලා...?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 4346 7

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1079 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 335 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2074 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1986 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 623 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40048 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25957 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site