(ඩයනා උදයංගනී)
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ හුදෙකලා කළ ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට, සිනමා ශාලාවලට සහ සංචාරක නවාතැන්පොළවලට විදුලි බිල්පත් ගෙවීමේදී සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන වෙත විදුලි බිල්පතට අමතරව ජල බිල්පත් ගෙවීම සඳහා ද සහන සලසා දීමට අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අඛණ්ඩව දින 14කට වැඩි කාලයක් හුදකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත් ගෙවීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 06ක සහන කාලයක් ලබාදීමට සහ ජාතික චිත්‍රපටි සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා වන විදුලි බිල්පත්, බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් ගෙවීම සඳහා අවස්ථාව සලසා දීමටත් සහ එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකිරීමටත් මෙහිදී තීරණය කෙරුණු බව ද ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීවේය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන් පොළවල්වලට 2020 මාර්තු මස 01 දින සිට 2021 පෙබරවාරි මස 28 දින දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සහ ජල බිල්පත් සමාන මාසික වාරික 12කින් නිරවුල් කිරීම සඳහා ද අවස්ථාව දී තිබේ.
මෙම විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනා සැළකිල්ලට ගෙන මෙම තීරණ ගත් බව ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
2025 නොවැම්බර් මස 21
4
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොවිඩ් නිසා බලපෑමට ලක්වූවන්ට විදුලි හා ජල බිල්පත් ගෙවීමේදී සහන