
( රොමේෂ් මධුෂංඛ)
යාපනය කොඩිකාමම් කුඩමියන් ප්‍රදේශයේ තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් හමුව ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
කුඩමියන් ප්‍රදේශයේ පිහිටි කෝවිලක් ආසන්නයේ පිහිටි තල්ගසක් ආසන්නයේ මෙම ක්ලේමෝ බෝම්බ සඟවා ඇති බව ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී කිලෝ 10 ක් බරැති සහ කිලෝ 15 ක් බරැති අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සොයාගනු ලැබීය.
අදාල ක්ලේමෝ බෝම්බ දෙක එම ස්ථානය කිසියම් පුද්ගලයෙකු රැගෙනවිත් සඟවා යන්නට ඇති බවට සැක සහිත බවටත් ඒ පිළිබඳව පුලුල් පරික්ෂණයක් අරමා ඇතැයිද කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් මහ මැතිවරණයක් ලඟද...?