(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය උච්චිමුනේ ආසන්න මුහුදේ දී කල්පිටිය විජය නාවුක හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය යාත්‍රා දෙකේ කහ කිලෝ 8,750ක් පමණ වූ අතර, එහි වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බව හඳුනාගනෙ ඇත.
මෙම කහ සමග ඉන්දීය ජාතිකයන් 12 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බැව් නාවුක හමුදාව පවසයි.
මෙම කහ තොගය ඇසුරුම් 173 ක අසුරා තිබී ඇත.
ඊයේ දිනයේදී මෙම කහ තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.
කහ තොගය සමග ඉන්දීය ජාතිකයින් 12 දෙනා,අද (10) අලුයම කටුනායක රේගු ප්‍රාදේශීය කාර්‍යාලය වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව කහ වගා කරනවා... අපි ඒවා පුච්චනවා.
ජනතාව කරදරයට පත්කරමින් මාෆියා කාරයින් පොහොසත් කරමින්, කල්මරමින් සිටින්නේ නැතිව ආණ්ඩුව කරුණාකර නීත්‍යානුකූලව කහ රටින් ගෙන්වන එක සිදුකරන්න.
පුළුස්සා දමන්න.
කහ හැමදාම අල්ලයි, වෙළඳපොලේ කහ නැහැ.