IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


කොරෝනා මඬින්න එන්නත පෙබරවාරි මැද ලබාදෙනවා

 

(තිලකරත්න දිසානායක)
 
කොරෝනා වයිරසය මර්දනයට මෙරට ජනතාවට " ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා " නමැති එන්නත ලබන මාසයේ (පෙබරවාරි) මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය. 
 
කොරෝනා රෝග තත්ත්වය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියාය.
 
මෙම එන්නත දිවයිනෙහි ස්ථානය 4000 කදී ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරිය සදහන් කළ අතර මේ සදහා ඉලක්කගත කණ්ඩායමක් හදුනාගැනීමට පියවර ගෙන ඇති බවයි.
 
එන්නත ලබා දීමේ දැවැන්ත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය පළාත් සහ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ සහාය ඉල්ලා සිටින බවද මෙහිදී පැවසූවාය.



අදහස් (13)

කොරෝනා මඬින්න එන්නත පෙබරවාරි මැද ලබාදෙනවා

Sue Friday, 15 January 2021 04:07 PM

හුඟක් රටවල්වල දැනටමත් බෙහෙත් විදලා ඉවරයි... ලංකාව තවම ලෑස්ති වෙනවා.

:       23       16

mihira Saturday, 16 January 2021 04:26 AM

ලංකාවේ පැණි දිදී ඉන්නවනේ... අන්තිමට වැඩේ වැරදුණාම තමයි බෙහෙත් හොයන්නේ. පණ්ඩිතයෝ වැඩියිනේ...

:       1       13

De Friday, 15 January 2021 06:02 PM

අනේ ගරු ජනාධිපතිතුමනි, අපේ දේශීය ධම්මික පැණිය ජනතාවට දෙන්න කටයුතු කරන්න. අපේ දේ රැකගන්න පෙරට එන්න.

:       0       0

Prabha Friday, 15 January 2021 08:27 PM

කෝ මේ පැණි ධම්මික? කාලෙකින් දැක්කේ නැහැ.

:       0       0

WCA Friday, 15 January 2021 09:25 PM

කට්ටියටම හැදෙන්නම ඕනේ වුණා එහෙනම් බෙහෙත ගේන්න මතක් වෙන්න.

:       0       0

බබානිස් Friday, 15 January 2021 11:47 PM

කෑගල්ලේ වෙදාගේ පැණියට, රිටිගල රාවණා පැණියට මොකද වෙන්නේ..? මොනතරම් ප්‍රචාරයක් දුන්නද?

:       0       0

chandima Saturday, 16 January 2021 01:09 AM

බෙහෙත ඉල්ලලා ලියුමක් යැව්වාද?

:       0       0

jayath Saturday, 16 January 2021 01:46 AM

මේක කියන්නේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෛද්‍ය තුමිය හින්දා විශ්වාස කරනවා. නැතිනම් ඔය සමහර නෝනලා කිව්වා නම් අපි සත 5කට ගණන් ගන්නේ නැහැ..

:       0       0

Nihal Saturday, 16 January 2021 03:28 AM

ඔයාලගේ කාලි අම්මාට එහෙම කරන එක හරිද?

:       0       11

Perera Saturday, 16 January 2021 06:38 AM

එන්නත් වර්ග 3ම රටට එන හැඩයි. නරක නැහැ.. පැණි වර්ග 2යි. එන්නත් වර්ග 3යි. කෝවිඩ් ලංකාවෙන් තුරන් කරලා දාවි වගේ. අවුරුදු වලට කළින්.

:       0       0

පිටිගල මිලානෝ Saturday, 16 January 2021 06:45 AM

රටේ ජනාධිපති කියනවා චීන එන්නත ගෙන්නන්න ලියුමක් තැපැල් කළා කියලා. මෙයා කියනවා ඔක්ස්ෆර්ඩ් එන්නත දෙනවා කියලා. කිසිම දැක්මක් නැහැ ආණ්ඩුවට. කෙසේවෙතත් අර 69 ලක්ෂයට චීන එන්නත් දීලා අනිත් අයට ඔක්ස්ෆොර්ඩ් එන්නත දෙන්න...

:       1       26

BamunuarachchiSunday, 17 January 2021 04:58 AM

හලෝ ගොන් පාට් දාන්න එපා. නිෂ්පාදනයත්, ඉල්ලුමත් අතර තිබෙන පරතරය අනුව බලන විට රුපියලට ගොඩගන්නේ එන්නත ලැබෙන්නේ නැත. අප වැනි රටවලට ලැබෙන්නේ 20%ක ප්‍රමාණයකි. එයද ලෝකයේ අනික් රටවල මෙන් සෞඛ්‍ය සේවයට වැනි ජනතාව සමග ගැටෙන අයට, රටේ වැඩිහිටි අයට දීමෙන් පසුවයි අන් අයට ලැබෙන්නේ. ඉක්මණින් හා ලෙහෙසියෙන් ලබාගැනීමට හැකියාව අැත්දැයි කියලා බලන්නයි චීනෙන් ඉල්ලන්නේ...

:       0       0

banda Saturday, 16 January 2021 11:11 AM

ජනාධිපති ගෙන්වන චීන එන්නත 69 ලක්ෂෙට දීලා අනෙක් රටේ පුරවැසියන්ට ඔක්ස්ෆෝර්ඩ් එන්නත ලබා දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 952 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1018 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site