
(නිමල කොඩිතුවක්කු)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවක් විශාල පාක්ෂිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පොල්දුව මංසන්ධියේදී දී අද(24) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.
“අධිකරණයට අත නොතබනු” මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධාව සංවිධානය කර තිබුණි.
අද පෙරවරු 9.00 ට පමණ ඇරඹි මෙම විරෝධතාවය සඳහා මහවැසි නොතකා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාක්ෂිකයන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාවට එක්ව සටි පිරිස “22 එපා” යැයි සඳහන් කලුපටි පැලඳ, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාට කියමින් පාර්ලිමේන්තුව අවට මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්‍ය හර්ෂද සිල්වා, කබීර් හෂීම්, දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්දන, සුජිත් සංජය පෙරේරා, හෙක්ටර් අපුප්පුහාමි ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මෙයට අමතරව සමගි තරුණ බලවේගය, සමගි කාන්තා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය, ඇතුළු සංවිධාන රැසක නියෝජිතයන් මේ සදහා එක්ව සිටියහ.
ජායාරූප : ගයාන් අමරසේකර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd