
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ සාමූහිකත්ව අරමුණ අබමල් රේණුවකින්වත් හෙලවිලා නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 22 සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් පැවසුවාය.
"අප ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් සම්පූර්ණ කරමින් සිටිනවා.අපේ රටේ බහුතර ජනතාව දශක ගණනාවක් තිස්සේ පීඩනයට ලක් වූ ප්‍රධාන කාරණයක් ලෙස නීතියේ ආධිපත්‍ය සහ නීතියේ සාධාරණත්වය පොදු ජනතාවට ලැබී නොතිබීම හඳුන්වා දිය හැකියි.අප එවැනි යුගයක් පසු කරමින් පැමිණ තිබෙනවා.එමෙන්ම ඒ වැරදි ගමන නිවැරදි කරන ගමන ආරම්භ කර තිබෙනවා.ඒ කළු ඉතිහාසය අවසන් කරමින් සිටිනවා. මේ රටේ යුක්තියේ පිහිට ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ රටේ සල්ලිකාරයන්ට මෙන්ම දේශපාලන බලය තිබෙන අයට පමණක් බවට ජනතාව තුළ මතයක් පැවතුණා.දැන් ඒ යුගය අවසන් කරන මොහොත එළඹී තිබෙනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd